Its school holiday time! Lets take our children on a trip! - PART 2 | නුවරඑළිය යමු, ලස්සන තැන් බලමු

නුවර එළියෙ බලන්න ලස්සන තැන්. සමහර තැන් ඔයාලා දන්නවා. තව සමහර ඒවා එච්චර ප්‍රසිද්ධ නෑ...

වික්ටෝරියා උද්‍යානය... නුවර එළිය නගරය

1897දී වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් වික්ටෝරියා උද්‍යානය ලෙස නම්කල මෙය අක්කර 27ක් විශාල සුන්දර උද්‍යානයකි.

DSCN0001


හක්ගල උද්භිද උද්‍යානය

3-editd


හක්ගල උද්භිද උද්‍යානය යනු ශ්‍රී ලංකාවේ නිර්මාණය කර තිබෙන උද්භිද උද්‍යාන පහ අතුරින් දෙවැනියටම විශාල, නුවරඑළිය පිහිටා තිබෙන උද්‍යානයකි. නුවරඑළියේ සිට, නුවරඑළිය-බදුල්ල ප්‍රධාන පාරේ, කිලෝ මීටර 16 ක් පමණ දුරින් උද්‍යානය පිහිටුවා තිබෙයි. 

1861 වසරේ දී ප්‍රථමයෙන්ම මෙම භූමිය තුල සින්කෝනා වගා කිරීම අත්හදා බැලූ අතර, සින්කෝනා වගා කිරීමට වඩා තේ වගා කිරීම සුදුසු වීම නිසා, මේ භූමිය තුල තේ වගාකිරීම අත්හදා බලන ලදී. පසුව 1884 වර්ෂයේදී මෙම භූමිය සංවර්ධනය කරමින් උද්භිද උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

ග්‍රෙගරි වැව























නුවර එළිය නගරය අසල තිබූ වගුරු බිමක් 1873දී වැවක් ලෙස තැනීමේ වැඩකටයුතු ආරම්භ විය. ඒ අනූව තලගල ඔය හරස් කොට බැම්මක් නිර්මාණය කළ අතර හාත් පස වඩාත් සුන්දර ලෙස අලංකරණය කරලන්නට විය.

නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයක් වේ. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකගත හැකි වේ.


යුරෝපීය පෙම්වතුන් සහ මධු ලෝලීන්ගේ පාරාදීසයක් බවට පත් වූ මෙම සුන්දර ග්‍රෙගරි වැව 1927 වර්ෂයේ එවකට නුවරඑළිය දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ සී.සී වුලී මහතා විසින් සංවර්ධනය කරන්නට විය. ඒ අනූව වැව අශ්‍රිතව නිර්මාණය කළ උද්‍යානය, විසිතුරු ගස් සහ මල් වර්ග වලින් ගහන අපූරු පාරිසරික වටපිටාවක් බවට පත් විය. 

ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය


නුවර එළිය නාගරික සීමාවේ තිබෙන, නගරයක් මධ්‍යයේ පිහිටි එකම ජාතික උද්‍යානය වන ගැල්වේස්ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය උදේ හයේ සිට සවස හය දක්වා විවෘතව ඇත. 

සඳතැන්න කෘෂි පාරිසරික කළාපය






















නුවරඑළිය සමීපයේම තියන තවත් ‘සුවිශේෂ ස්ථානයක් තමයි සඳතැන්න. ඒ වගේම මේ සඳතැන්න මුදුනේ සිට ඌව ද්‍රෝණිය සහ මධ්‍යම පළාතේ ප්‍රදේශ බොහොමයක් අංශක තුන්සියේ හැටේ කෝණයකින් යුතුව දැක බලාගත හැකි අපූරු ස්ථානයකුත් තියනවා.  එතැන හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තය නමින්. මේ  අතිශය සුන්දර පාරිසරික කලාපයට, හෝටන්  තැන්නට සහ ලෝකාන්තයට ලැබුණු ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වයත්  ලැබිලා නැහැ. 

සඳතැන්න ගැන වැඩිපුර දැන ගන්න අපේ ලිපිය කියවන්න : සඳතැන්න පාරිසරික කෘෂි සංචාරක කලාපය


________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments