Its school holiday time! Lets take our children on a trip! - PART 1 | නිවාඩුකාලේ බලන්න යන්න හොඳ තැන් ගැන අපි ලියපු ලිපි - PART 1



ගාලු කොටුව යනු ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය 



මධ්‍යම කඳුකරයේ දිය ඇලි හා සම සුන්දරත්වයේ ලා සැලකිය හැකි කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර දිය ඇල්ලක් පිළිබඳවයි. මෙය "මාකෙළි ඇල්ල" වේ.ඔබ පාහියන්ගල සංචාරයේ යෙදෙන්නෙක් නම් ඔබට මෙම දිය ඇල්ල නැරඹීමේ අවස්ථාව පහසුවෙන් උදාකරගත හැක. බුලත්සිංහල හරහා බුලත්සිංහල -පරගොඩ මාර්ගයේ පරගොඩ පසු කරමින් මෝල්කාව හන්දියට පැමිණ කෙලින් කන්ද ප්‍රදේශයට ගමන්කිරීමේදී මෙම දිය ඇල්ල නැරඹිය හැක.නැතිනම් කොළඹ මාර්ගයේ අගලවත්තට ගොස් කුකුළේ ගඟ ව්‍යාපෘතියටත් පැමිණි පසු, කුකුළේ ගඟ සිට කිලෝ මීටර 3ක් පමණ තරම් දුරින් පිහිටි මාකෙළි ඇල්ලට පහසුවෙන්ම ලඟා වෙන්නට පුළුවන්.




පාහියන්ගල ආදිමානවයින්ගේ නිවහනවූ දැවැන්ත ගල්ගුහාව හා  පුරාවිද්‍යා කැණීම් බිම සංචාරය කිරීමට තිබූ මහත් ආශාවක් සපුරාගැනීමට පසුගිය දිග සති අන්ත නිවාඩුවේදී හැකිවුනා. එම ආශාව මල් පලගන්වා ගැනීමට උපකාරීවුනු, එම සංචාරය සංවිධානය කිරීමට මූලිකවූ අපගේ විශ්වවිද්‍යාලයේ උපකුළපති තැම්පත් මහාචාර්ය කොලින් පීරිස් මහතාටත් අපගේ ලේඛකාධිකාරී උපාලි අතුකෝරාළ මහතාටත් තුති පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. එම ඓතිහාසික ස්ථානයේ හොඳ ඡායාරූප ටිකක් ගෙන, එහි මතකසටහන් සදාකාලිකව රඳවාගැනීමේ අරමුණද ඉටුකරගන්නට හැකිවීම තවත් සතුටට කරුණක්.



කන්නෙලිය රක්ෂිත වනාන්තරය ශ්‍රී ලංකාවේ ඇති ඉතා සුවිශේෂි පරිසර පද්ධතියක් ලෙස හැදින්විය හැකියි.රක්ෂිත වනාන්තරයක් යනු වන ආඥා පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද වනාන්තර වේ.  මේවා පස, ජලය සහ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා වැදගත්වන වනාන්තර ප්‍රදේශ ලෙස හදුනාගෙන තිබේ. මෙම වනාන්තර තුළ පර්යේෂණ හා සුන්දරත්වය නැරඹීම හැරුන විට සීමිත සම්ප්‍රදායික කටයුතු සඳහා පමණක් අවසර දී තිබේ.වන සංරක්ෂණ දෙපාර්තමේන්තූව මගින්  රක්ෂිත වනාන්තර පාලනය වන අතර ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වනාන්තර ප්‍රදේශයෙන් 55% කට ආසන්න ප්‍රමාණයක් කලමනාකරණය කරනු ලබන්නේ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.




ලිප්ටන් සීට් කියන තැන පිහිටලා තියෙන්නේ හපුතලේ නගරය ආසන්නයේ පිහිටි පුනාගල කියන කන්දේ මීටර් 1950 කට වඩා උස කදුමුදුනක. ඇත්තටම මේක පිහිටලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක ඒ ඉඩමේ අයිතිය දැනට තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාවට, එහෙම වුනාට ඕනෙම කෙනෙක්ට මෙතන බලන්න යන්න පුළුවන්. මෙතනට මේ නම හැදිලා තියෙන්නේ දබේතැන්න තේ කර්මාන්තශාලාව මුලින්ම අයිතිවෙලා තිබුන සර් තෝමස් ලිප්ටන් කියන කෙනා පුරුද්දක් විදියට මෙතනට ගිහින් තියනවා වටපිටාවේ සුන්දරත්වය බලන්න එම කාරණය නිසා දැනටත් මෙතන ලිප්ටන් සීට් කියලා හදුන්වනවා.







 ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වස‍‍මේ බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇත. වැල්ලවාය නගර‍යේ සිට තිස්සමහාරාම මාර්ගයේ කි.මී. 4 ක් ගියවිට හමුවන බුදුරුවගල පාසල ඉදිරිපස ඇති අතුරු මාර්ග‍යේ කි.මී.3 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ළඟාවිය හැකි ය. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.



කුමන ජාතික උද්‍යානය කීර්තිමත් වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි පැමිණෙන විවිධ සංක්‍රමණික පක්ෂීන් නිසාය.මෙය කොළඹ සිට කිලොමීටර් 391 පමණ දුරින් ගිනිකොණ මුහුදු තීරයට වන්නට පිහිටා ඇත.කුමන, යාල ජාතික උද්‍යානයට යාබදව පිහිටා ඇත.කුමන පෙරාතුව නැගනහිර යාල ජාතික උද්‍යානය ලෙස හැඳින්වුනු නමුත් 2006 සැප්තැම්බර් 9 වන දින වර්තමාන නමට වෙනස් කරන ලදී.


_________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments