අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දින 8ක් තුළ අභිරහස් පියාසර වස්තූන් 4ක් බිම හෙළයි

 


එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් ජනාධිපති ජෝ බිඩෙන්ගේ නියෝගය මත ඉරිදා හූරොන් විල හරහා පියාසර කරමින් සිටි “හඳුනා නොගත් වස්තුවක්” බිම හෙළීය. එය දින අටක් තුළ සිදු වූ එවැනි සිවුවැනි බිම හෙළීම වනවා.

පසුගිය සතියේ ද ප්‍රහාරක ජෙට් යානා කැනඩාව සහ ඇලස්කාව හරහා පියාසර කරමින් සිටි වස්තූන් බිම හෙළා ඇත. පෙන්ටගනයේ නිලධාරීන් කියා සිටියේ ඒවායින් කිසිදු ආරක්ෂක තර්ජන එල්ල නොකළ නමුත් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන සිතා ඒවා බිමහෙලූ බවයි.

එක්සත් ජනපද නිලධාරීන් පවසන අන්දමට ඔවුන්ට මෙම හඳුනා නොගත් පියාසර වස්තූන්ගේ ප්‍රභවය එනම් ඒවා කොහේ සිට කවුරුන් එවන්නේද යන්න ගැන ගැන කිසිදු තොරතුරක් නැත. ඔවුන් පවසන්නේ ඔවුන් විවෘත මනසකින් සිටින බවයි. නිලධාරීන්ට අනුව, මෙම වස්තූන් UFOs පවා විය හැකිය.

තහවුරු නොකළ රේඩාර් සංඥා නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බව එක්සත් ජනපද බලධාරීන් පැහැදිලි කර ඇත. කෙසේ වෙතත් නිරීක්ෂකයින් මෙම අසාමාන්‍ය වෙඩි තැබීමේ ප්‍රතිචාරය ගැන ප්‍රශ්න මතු කරයි. ඇමරිකානුවන් තර්ජනයක් නොවන නාඳුනන පියාසර යාත්‍රාවකට වෙඩි තබන්නේ ඇයි?

මෙම යාත්‍රාවල පිටසක්වල සම්භවයක් ඇති බව නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේදැයි ඇසූ විට, NORAD හි ප්‍රධානියා සහ එක්සත් ජනපද උතුරු අණදෙන නිලධාරි ජෙනරාල් Glen VanHerck,පැවසුවේ, “මම තවම කිසිවක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ”

ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුට අනුව, මෙම වස්තුව අෂ්ටාස්‍ර හැඩයෙන් යුක්ත වූ අතර අඩි 20,000ක් පමණ උසින් පියාසර කරනු දක්නට ලැබිණි. ඇලස්කාවේ ඈත උතුරු වෙරළ තීරයේ නිරීක්ෂණය කරන ලද තවත් පියාසර වස්තුවක් වඩාත් සිලින්ඩරාකාර වූ අතර එය එයා-ෂිප් නම් යානා වර්ගයක් ලෙස විස්තර කර ඇත

දින අටකට පෙර, F-22 ජෙට් යානා අඩි 60,000 ක් පමණ උන්නතාංශයක එක්සත් ජනපදය පුරා දින ගණනාවක් පුරා පියාසර කළ විශාල සුදු බැලූනයක් බිම හෙළීය.

මෙම ඔත්තු බැලූන යැවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය චීනයට දොස් පැවරීය

Comments