HISTORY: නට්සි ජර්මනිය සඳහා ෆැන්ටා නිර්මාණය වූ ආකාරය

 


1944 පෙබරවාරි, බර්ලින් නගරය ඇමරිකානු ගුවන් බෝම්බ ප්‍රහාරවලින් පසු නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට උත්සාහ කරයි. බර්ලිනයෙන් පිටත ගොවිපළක, හිටපු සිරකරුවන්, චීන සංක්‍රමණික කම්කරුවන් සහ අනෙකුත් කම්කරුවන් දුඹුරු පැහැති දියර වීදුරු බෝතල්වලට පුරවයි.

මෙය Coca-Cola, Germany හි තාවකාලික බෝතල් කිරීමේ මෙහෙයුමකි. කම්හල  ෆැන්ටා නම් නාසි ජර්මනියේ  සුප්‍රසිද්ධ සිසිල් බීම නිෂ්පාදනය කරයි.  යුද්ධය අතරතුර පවා ජර්මානුවන් ඔවුන්ගේ ෆැන්ටා වලට ආදරය කළහ. එබැවින් නිෂ්පාදනය දිගටම පැවතුනි. කෙසේ වෙතත් මෙය අප දන්නා දීප්තිමත් තැඹිලි වර්ණ ෆැන්ටා නොවේ

මෙය හිට්ලර්ගේ ජර්මනියේ  කොකාකෝලා සමාගම විසින් යුධ සමයේ සම්බාධක අතරතුර නිපදවන ලද පානයකි.

Fanta සිසිල් බීම නිපදවන ලද්දේ දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනියේ කොකා කෝලා සමාගම විසිනි. හිට්ලර් පාලනයේ උච්චතම අවස්ථාවේදී නිර්මාණය කරන ලද නව පානය , ඉහළ නාසි නිලධාරීන් විසින් පිළිගත් නිසා අතිශයින් ජනප්‍රිය විය. එය ජර්මානු ජාතිකයන්ගේ දේශප්‍රේමී පානය බවට පත් කිරීමට ජර්මනියේ කොකාකෝලා ප්‍රධානීන් ශූර විය. ඔවුන් ඒ සඳහා හිට්ලර්ගේ නට්සි පක්ෂයේ බලවතුන්ගේ ආධාරද නොමසුරුව ලබාගත්තා.

මෙම පානය නිල වශයෙන් පළතුරු රසයෙන් යුක්ත වූ නමුත් සීමිත යුධ කාලීන සම්පත් හේතුවෙන් සැබෑ රසය පළතුරු රසයට වඩා වෙනස් වුනා. ඒත් එයින් ජනප්‍රිය භාවයට හානියක් වුනේ නෑ. මෙම පානය නිල වශයෙන් පළතුරු රසයෙන් යුක්ත වූ නමුත් සීමිත යුධ කාලීන සම්පත් හේතුවෙන් සැබෑ රසය පළතුරු රසයට වඩා වෙනස් වුනා. 

ඒත් එයින් ජනප්‍රිය භාවයට හානියක් වුනේ නෑ. එහි අමුද්‍රව්‍ය වූයේ ඉතිරි වූ ඇපල් කෙඳි, ඇපල් විනාකිරි සෑදීමෙන් ඉතිරි වූ කොටස් සහ චීස් අතුරු නිෂ්පාදනයක් වූ  මෝරු. සීමිත සම්පත්වලින් අසීමිත ප්‍රයෝජන ගැනීමට ජර්මනියේ කාර්මික විද්‍යාඥයින් බොහෝ දක්ශ වූ බවට මේ ෆැන්ටා පානය එක්  නිදසුනක් පමණයි.

1933 දී, හිට්ලර් සහ නාසි පක්ෂය බලයට පත්වන විට, ජර්මනියේ උපන් මැක්ස් කීත්, කොකා කෝලා සමාගමේ ජර්මානු අනුබද්ධිත කොකා-කෝලා GmbH හි ප්‍රධානියා බවට පත් විය.

කීත් කොකා කෝලා සමාගමට ආදරය කළ අතර ජර්මානු ජීවිතයේ සෑම අංශයකම කොකා කෝලා ජනප්‍රිය කිරීමට සෑම දෙයක්ම කළේය. ඔහු බලගතු නාසි නිලධාරීන් සමඟ මිතුරු වූ අතර හිට්ලර්ගේ ජර්මනියේ කොකා කෝලා අලෙවිය උපරිම කිරීමට ඔවුන්ගේ සම්බන්ධතා භාවිතා කළේය

රොබට් වුඩ්රෆ් ඇමරිකා එක්සත් ජනපදයේ කොකා කෝලා සමාගමේ ප්‍රධානියා වූ අතර ඔහු ජර්මනියේ කොකා කෝලා සමාගමේ සිදුවන දේ දැන සිටියේය.

ජර්මානු මෙහෙයුම ඉතා ලාභදායක වූ අතර රොබට් වුඩ්රෆ්, ජර්මනියේ කොකා-කෝලා සමාගම ජාතිවාදී, මිනීමරු නාසිවාදීන් සමග සමීපව කටයුතු කිරීම නැවැත්වීමට කිසිවක් නොකළේය.

නට්සීන්ගේ කූටප්‍රාප්තිය 1936 බර්ලින් ඔලිම්පික් උළෙල වූ අතර, එය නට්සි ව්‍යාප්තිවාදය, තාක්ෂණය හා නව ජර්මානු යුධ අභිමානය ලොවටම පෙන්වීමට හිට්ලර් යොදාගත්තේය. කොකා කෝලා සමාගම 1936 බර්ලින් ඔලිම්පික් උළෙලට අනුග්‍රහය දැක්වූ අතර, හිට්ලර්ගේ ස්වස්තිකය සමඟ කොකා-කෝලා ලාංඡනය ඇතුළත් බැනර් ප්‍රදර්ශනය කළේය.


හිට්ලර්ගේ වැඩිවන ආක්‍රමණශීලීත්වය නොසලකා හැරීමේදී කොකා-කෝලා සමාගම තනිවම සිටියේ නැත. හොලිවුඩ් චිත්‍රාගාර, ෆෝඩ් මෝටර් සමාගම, ඩූපොන්ට් රසායන-සමාගම සහ අනෙකුත් ඇමරිකානු කර්මාන්ත නාසි ජර්මනියේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ම්ලේච්ඡ ක්‍රියා නොසලකා හැරියේය. ඔවුන් හිට්ලර් සතුටු කිරීමට සහ ජර්මනියෙන් ලාභ රඳවා ගැනීමට සෑම දෙයක්ම කළහ.

1939 හිට්ලර් යුරෝපය ආක්‍රමණය කිරීමෙන් පසුව පවා, ඇමරිකා එක්සත් ජනපදයේ කොකා කෝලා ප්‍රධාන කාර්යාලය කොකා කෝලා නිෂ්පාදනය සඳහා ජර්මනියට අමුද්‍රව්‍ය යවා ඇත.

එපමනක් නොව, හිට්ලර්ගේ හමුදාව යුරෝපීය රටවල් ආක්‍රමණය කරද්දී, මැක්ස් කීත් ජර්මානු හමුදාව පසුපසින් එම රටවලට පිවිස  එම රටවල කොකා කෝලා මෙහෙයුම් Coca Cola Germany භාරයට පවරා ගත්තේය.

1940 වන විට කොකා-කෝලා යුරෝපය පුරා පැතුරුනු නට්සි ජර්මන් අධිරාජ්‍යයේ අවිවාදිත සිසිල් බීම රජු විය. තහවුරු නොවූ කට කතාවකට අනුව, කොකා කෝලා සමාගමේ ලේඛනාගාරයේ හමුදා නායක හර්මන් ගෝරිං කොකා-කෝලා බෝතලයක් පානය කරන ඡායාරූපයක් තිබෙනවා.

1941 දෙසැම්බර් 7 වන දින ජපානය පර්ල් වරායට බෝම්බ හෙලූ අතර එක්සත් ජනපදය නිල වශයෙන් දෙවන ලෝක යුද්ධයට අවතීර්ණ විය. දෙවන ලෝක සංග්‍රාමයට එක්සත් ජනපදය ඇතුල්වීම නිසා ජර්මනිය දැන් සතුරු රටක් බවට නිළවශයෙන් පත්වී ඇති බැවින් ඇමරිකානු සමාගම්වලට ජර්මනිය සමඟ සියලුම ව්‍යාපාරික කටයුතු වහාම නතර කිරීමට සිදුවිය.

ඇට්ලන්ටා හි කොකා-කෝලා මූලස්ථානය ජර්මනියේ කීත් සමඟ සන්නිවේදනය සම්පූර්ණයෙන් නවතා දැමූ අතර කොකා කෝලා බීම සෑදීමට අවශ්‍ය කොකා-කෝලා සිරප් අපනයනය නතර කළේය. Coca-Cola GmbH බංකොලොත් වීමේ අද්දර සිටියේය. ජර්මන් කොකා කෝලා සමාගමට දැන් Coca Cola නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සිරප් නොලැබෙන අතර ඒ සමගම, නාසි ආන්ඩුව සියලුම විදේශීය සමාගම් පවරා ගන්නා බවට තර්ජනය කරමින් සිටියේය.

එහෙත් මැක්ස් කීත් සිය ආදරනීය කොකා කෝලා සමාගම අත්හැරීමට සූදානම් නොවීය. ඔහුට අදහසක් ලැබුණි: ඔහු ජර්මානු වෙළඳපොළ සඳහා විකල්ප පානයක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය. එය ඇමරිකා එක්සත් ජනපදයේ අපනයන මත රඳා නොපවතින පානයක් විය යුතු අතර දැඩි ආර්ථික සම්බාධක නිසා ඉතාමත් සකසුරුවම් ලෙස නිෂ්පාදනය කල හැකි එකක් විය යුතුය.

සමාගමේ රසායනඥයින් සමඟ වැඩ කරමින්, කීත් යුධ කාලීන පාලනයන් විසින් පනවන ලද සීමාවන් තුළ බීම වට්ටෝරුවක් සකස් කළේය. එය වෙනත් ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවලින් ඉතිරි වූ දේ භාවිතා කළේය.

කීත් අලුත් පානයට නමක් සොයමින් සිටියදී Joe Knipp නම් සමාගමේ අලෙවි නිළධාරියෙකු FANTA යන නම ඉදිරිපත් කළේය. FANTA යනු "මනඃකල්පිත / Fantasy" ජර්මානු වචනය සඳහා කෙටි යෙදුමකි.

ෆැන්ටා බීම කොකා-කෝලා GmbH බංකොලොත් භාවයෙන් බේරා ගත්තේය. යුද්ධය දරුණු වෙද්දී FANTA අලෙවිය ක්‍රමක්‍රමයෙන් ඉහළ ගියේය.1943 වන විට අලෙවිය බෝතල් මිලියන 18කට ආසන්න විය. 

1945 ගිම්හානයේදී ඇමරිකානු හමුදා ජර්මනියට කඩා වැදුණු අතර, කට කතාවකට අනුව, බෝම්බ හෙලීමකින් අඩක් කඩාවැටුනු කම්හලක මැක්ස් කීත් ඒ වනවිටත් ෆැන්ටා බෝතල් නිෂ්පාදනය කරමින් සිටියාලු.

නට්සීන් සමග වැඩ කලද, නට්සි වාදියෙකු නොවෙමින් සුවහසක් බාධක මැද කොකා කෝලා සමාගම වැසී යන්නට නොදී තබා ගැනීම නිසා මැක්ස් කීත් ඇට්ලන්ටා හි කොකා කෝලා මූලස්ථානයේ ප්‍රධානීන් ගෙන් වීරයෙකු ලෙස වර්ණනා ලබා ගත්තා. යුද්ධයෙන් පසු, කීත්ට Coca-Cola යුරෝපා මෙහෙයුම් වල ප්‍රධානිය ලෙස පත්කොට පාලනය ලබා දෙන ලදී. 

1955 දී සමාගම FANTA නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත්, මෙම FANTA, කීත්  නාසි ජර්මනියේ නිර්මාණය කරන ලද. දුඹුරු ෆැන්ටා පානය නොව, ඉතාලියේ ජනප්‍රියව තිබූ දොඩම් රසයෙන් යුතු පානයක් වුනා. තද තැඹිලි පැහැයෙන් එම පානය එලිදැක්වුනු අතර කීත් නට්සි ජර්මනියේදී නිර්මාණය කල Fanta සන්නාමයෙන්ම එම පානය ලොව පුරා අලෙවි වෙනවා. 




Comments