අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

චීන හයිපර්සොනික් ආයුධ දැන් දෙගුණයක් බලවත්


චීන විද්‍යාඥයින් පවසන්නේ ඔවුන් අධිධ්වනික අවි (hypersonic weapons) සඳහා මෙහෙයුම් පරාසය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති බවයි. සියයට 79 ක ඉන්ධන කාර්යක්ෂමතාවයකින් යුත් මූලාකෘති එන්ජිමක් (prototype engine) තැනීමට චීන පර්යේෂකයන් සමත් වී තිබෙනවා.

හයිපර්සොනික් ජෙට් එන්ජින්වල ඇති ලොකුම තාක්ෂණික අභියෝගය වන්නේ එන්ජිමට ඇතුළු වීමට පෙර වාතය මන්දගාමී කරන්නේ කෙසේද යන්නයි. හයිපර්සොනික් වේගයෙන් එන්ජිමට ඇතුළු වන වාතය එන්ජිම ඉතා අකාර්යක්ෂම වීමට හේතුවනවා. 

චීන විද්‍යාඥයින් පිරිසක්, මෙම අභියෝගය බොහෝ දුරට ජයගෙන ඇති අතර ඒ අනුව හයිපර්සොනික් ජෙට් එන්ජිමක් 79%ක කාර්යක්ෂමතාවයකට ගෙන ඒමට ඔවුන් සමත්වෙලා තිබෙනවා.

එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කළ හැකි ක්‍රියාකාරී හයිපර්සොනික් මිසයිලයක් තමන් සතුව ඇති බව දැනටමත් චීනය ප්‍රකාශකර තිබෙනවා. තායිවාන ආක්‍රමණයකදී, තායිවානයේ ආරක්ෂාවට ඉදිරිපත්වන ඇමරිකන් නාවුක බලය විනාශ කිරීමේ දැඩි අවශ්‍යතාවයකින් චීන හයිපර්සොනික් පර්යේෂණ වේගයෙන් ඉදිරියට යනවා.

Comments