අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

US MILITARY IN SRI LANKA: CARAT/MAREX Sri Lanka 2023

 


CARAT/MAREX Sri Lanka 2023 ආරක්ෂක සහයෝගීතා අභ්‍යාසය සඳහා ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය, මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බළකාය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවද සහභාගී වුනා.

CARAT/MAREX Sri Lanka යනු කලාපීය ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වයන් පවත්වාගෙන යාම සහ ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික අභ්‍යාසයක් බව ඇමරිකානු නාවික හමුදා නිල වෙබ් අඩවියේ ප්‍රවෘත්ති නිවේදනයක සඳහන් වනවා. 

එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් CARAT/MAREX Sri Lanka 2023 විස්තර කළේ "එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික හමුදා අතර විශාලතම  ඒකාබද්ධ ක්‍රියාන්විතය" ලෙසිනි.

"එක්සත් ජනපදයේ අපි එවැනි අභ්‍යාස ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවට තීරණාත්මක ලෙස සලකමු" ඇය තවදුරටත් සඳහන් කර සිටියා.


SL Navy වෙතින් සහභාගී වන යාත්‍රා අතර SLNS ගජබාහු (P 626) සහ SLNS විජයබාහු (P 627) යන නොගැඹුරු මුහුදු මුර යාත්‍රා  වනවා. ශ්‍රී ලංකාව සතුව ගැඹුරු මුහුදු නාවික යාත්‍රා (blue water naval assets) නොමැති අතර විශාල ප්‍රමාණයේ නොගැඹුරු මුහුදේ මුරසංචාරක යාත්‍රා පමණක් තිබෙනවා.

මෙම වසරේ අභ්‍යාසය කොළඹ වෙරළ තීරයේ සහ ත්‍රිකුණාමලයේ සහ මන්නාරමේ මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරුවල සිට පැවැත්වුනා.

එක්සත් ජනපදය සිය 13 වන මැරීන් එක්ස්පෙඩිෂනරි ඒකකය (MEU) අභ්‍යාසය සඳහා යොදවා ඇත. එක්සත් ජනපද මැරීන් භටයින් සැන් ඇන්ටෝනියෝ පන්තියේ USS ඇන්කරේජ් (LPD 23) නෞකාවේ සිට අභ්‍යාසයට සම්බන්ධ වෙනවා.

ගුවනේ සිට P-8A Poseidon ගුවන් යානා සහ ඇමරිකන් නාවික හමුදාවට අයත් සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වෙන 7වැනි ඩිස්ට්‍රෝයර් බළගණය 7 සහ 7වැනි ඇම්ෆීබියස් බලගණයේ  පිරිස් ද ලංකාව සමග ක්‍රියාකාරකම් වලට සහභගී වුනා.



Comments

  1. අර විදේශ සහ ආරක්ෂක අමාත්‍යංශ වල අක්ට්ටියක් හදිසියේම ආවේ මේකට සම්බන්ධවද

    ReplyDelete

Post a Comment