අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Apple Delays AR/VR Headset Until June

 

ඇපල් මුලින් සැලසුම් කළේ AR/VR හෙඩ්සෙට් එක ලබන අප්‍රේල් unboxing උලෙලකදී නිකුත් කිරීමටයි, එහෙත් මෑතකදී පවත්වන ලද අභ්‍යන්තර සමාලෝචනයකදී යන්ත්‍රයේ නොවිසඳුනු හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා ගැටලු තිබෙන බව හෙලිවීම නිසා එලිදැක්වීම කල්දමා තිබෙනවා.

හෙඩ්සෙට් සඳහා වන දියත් කිරීමේ කාලරාමුව Apple විසින් පසුපසට තල්ලු කළ පළමු අවස්ථාව මෙය නොවේ. 2022 මැද භාගයේදී එය හඳුන්වා දීමට සමාගම මුලින් සැලසුම් කර ඇති අතර,  කාලරේඛාව 2023 ජනවාරි දක්වාද, පසුව අප්‍රේල් 2023 සහ දැන් 2023 ජූනි වෙත ප්‍රමාද කර තිබෙනවා

තහවුරු නොකළ වාර්තා අනුව පරිශීලකයින්ට අක්ෂි චලනයන් සහ අත් අභිනයන් (hand gesture) යන දෙකින්ම හෙඩ්සෙට් එක පාලනය කිරීමට හැකි වේ. App එකක් දෙස බැලීමෙන් එය තෝරා ගත හැකි අතර පසුව එය pinch අභිනය භාවිතයෙන් ක්‍රියාත්මක කල හැකියි.

හෙඩ්සෙට් එකක මිල ඩොලර් 3,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඇපල් සමාගම තවත් මිල අඩු හෙඩ්සෙට් එකක් ද නිර්මාණය කරමින් සිටී

Comments