පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳ අමෙරිකානු රජයේ මෙහෙයුම් විස්තර කෙරෙන MAJESTIC (MAJIC-12) ලිපිගොනු!

1984 වසරේ දෙසැම්බර් මස දිනෙක රූපවාහිනී වැඩසටහන් නිශ්පාදකයෙකු වුනු ජේමී ශැන්ඩෙරා නැමැත්තාගේ කැලිෆෝනියානු නිවෙසට කුඩා නිර්නාමික පැකට්ටුවක් තැපෑලෙන් ලැබුනා. එය තුල මි.මි 35 ඡායාරූප නෙගටිව් පටියක් තිබුණු අතර එය විකාස කල (develop) ශැන්ඩෙරා හට එහි සටහන්ව තිබූ අතිශය රහසිගත යයි සටහන් කොට තිබුණු පිටු 8ක ලිපියක ඡායාරූප මතුකරගත හැකිවුනා. 1952 නොවැම්බර් 18 දාතම සහිතවුනු එම නිල ලිපිය ලියා තිබුනේ එවක C.I.A රහස් තොරතුරු ඒජන්සියේ අධ්‍යක්ශකවරයා වුනු, නාවික හමුදා රියර් අද්මිරාල් රොස්කෝ හිලෙන්කොටර් විසිනි. 

මෙම ලිපිය ඒවනවිට අලුතින් අමෙරිකානු ජනාධිපති ධූරයට පත්ව සිටි ඩ්වයිට් අයිසන්හවර් ජනාධිපතිවරයාව නිළවශයෙන් දැනුවත් කිරීමේ ලිපියක් (official briefing document) ලෙස ලියාතිබුණු බව පෙනෙන්නට තිබුණා.

1947වසරේ ව්‍යාපාරික කෙනත් ආර්නල්ඩ් විසින් වාර්තාකරන ලද හඳුනානොගත් පියාසර වස්තු දර්ශණයේ සිට එම වසරේම රොස්වෙල් ප්‍රදේශයට කඩාවැටුනා යයි පැවසෙන පියාසර වස්තුව ඇතුලු හඳුනානොගත් පියාසර වස්තූන් පිලිබඳව වාර්තා හා ඒ පිලිබඳව අමෙරිකානු රජයේ හමුදා හා ඔත්තුසේවා විසින් සිදුකරමින් තිබෙන පර්යේශණ වල තොරතුරු සංශිප්තව එම ලිපියේ සටහන් කොට තිබුණා. 

(UFO පිලිබඳව වැඩි විස්තර සඳහා අපගේ "UFO හෙවත් පිටසක්වල යානා " ලිපිය කියවන්න)

ලිපියේ විස්තර කොට තිබුණු ආකාරයට 1947වසරේ රොස්වෙල්  පියාසර වස්තුව කඩාවැටුනු ස්ථානයට ඈතින් මානවරූපි (humanoid) පිටසක්වලයින් 5දෙනෙකුගේ සිරුරු හමුවී තිබුණා. පිටසක්වලයින්ගේ සිරුරු හමුවීමත් සමග 1947 වකවානුවේ අමෙරිකානු ජනාධිපතිධූරය දැරූ හැරී ටෲමන් මහතා මේ පිලිබඳව සියලු පර්යේශණ කටයුතු සඳහා පූර්ණ අවසර ඇති, ජනාධිපතිට පමණක් වගකියන ඉතා රහසිගත පාලන කණ්ඩායමක් නිර්මාණය කල බව පැවසෙනවා. අමෙරිකාවේ ඉහලම හමුදා හා ඔත්තුසේවා ප්‍රධානීන් හා විශිෂ්ඨතම නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයින්ගෙන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම කණ්ඩායම Majestic 12, Majic 12, MAJCOM, Mars Jupiter Twelve or MJ-12 යන නම්වලින් හඳුන්වනු ලබනවා.

1947-1955 මැජස්ටික් 12 ලිපිගොනුවල සංෂිප්තය.

1947වසර වන විට අමෙරිකාව ලොව බලවත්ම රට බවට පත්වී සිටියේය. ලොව බලසම්පන්නම හමුදාව, පරමාණු බෝම්බය මෙන්ම ලොව ශක්තිමත්ම කාර්මික ආර්ථිකය බවට අමෙරිකාව පත්ව සිටියේය. ඒවන විට ලෝකයේ බලසම්පන්න රාජ්‍යවුනු මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, සෝවියට් රුසියාව, ජපානය යන රටවල් දෙවන ලෝක යුද්ධයෙන් විනාශවී අලුගොඩවල් බවට පත්ව තිබුණි.

මේ අනුව අමරිකාව ලොව එකම බලවතා වූ අතර, ලොව තමන්ට කැමති ආකාරයට අමෙරිකානුකරනය කිරීමේ සැලසුම් අමෙරිකානු දේශපාලන හා ව්‍යාපාරික නායකත්වය පිඹුරුපත් සකසමින් සිටි වකවානුවකි.

එහෙත් 1947 ජූලි මස රොස්වෙල් ප්‍රදේශයෙන් සොයාගත් කඩාවැටුනු යානාවත් එහි ගමන් ගත් බවට සැක කෙරෙන පිටසක්වල ජීවීන් හමුවීමත් නිසා මුලුමත් අමෙරිකානු මිලිටරි හා දේශපාලන නායකත්වය මහත් අවුලකට පත් කලේය.

කඩාවැටුනු යානය පරීක්ශකල අමෙරිකාවේ ඉහලම ගනයේ විද්‍යාඥයින් හා ඉන්ජිනේරුවන් එම යානයේ තාක්ශණය තමන්හට කිසිසේත් වටහාගත නොහැකි අමෙරිකානු තාක්ශණයට වසර දහස් ගණනාවක් ඉදිරියෙන් ඇති තාක්ශණයක් බව වාර්තාකලහ. එම යානය තනා තිබුණු ද්‍රව්‍ය පවහා හඳුනා ගැනීමට අමෙරිකාවේ විශිෂ්ඨතම විද්‍යාඥයින් අපොහොසත් විය. එමෙන්ම එහි ගමන් ගත් ජීවීන්ද පෘථිවිය මත නොව වෙනත් ග්‍රලෝකයක බිහිවූ ජීව විශේෂයක් බවට නිගමනය විනි.  එමෙන්ම මෙම යානා විනාශකල හැකි කිසිදු අවියක් තමන් සතුව නොමැති බව අමෙරිකානු ආරක්ශක ප්‍රධානීන් වාර්තාකොට තිබුණි.

පිටසක්වල යානා හඹාගිය අමෙරිකානු ගුවන්හමුදා යානා වලට එම යානාවලට ලඟාවීමට පවා නොහැකි වුනු අතර ඒවා ගමන්ගත් අධික වේගයත් ක්ශණයෙන් ඒ මේ අත හැරවීමේ හැකියාවත් නිසා අමෙරිකානු ගුවන් නියමුවන් අසරණ විය.

1947-1955 කාලය අතරතුර තවත් පිටසක්වල යානා කඩාවැටීම් කිහිපයක් සිදුවුනු අතර තවත් මියගිය පිටසක්වලයින්ගේ සිරුරු සොයා ගැනුනි. මේ අනුව පිටසක්වල යානා හා ජීවීන් පිලිබඳව සොයා බැලීමට, ඔවුන්ගේ තාක්ශණය උකහා ගැනීමට, ඔවුන්ගේ යානා අඩපන කිරීමට හැකි අවි ආයුද නිපදවීමට විශේෂඥ කණ්ඩායම් බිහිකරන ලද අතර කඩාවැටෙන යානා හා ජීවින් අල්ලාගෙන තමන් සන්තක කරගැනීමට විශේෂයෙන් පුහුණු කරනලද කොමාන්ඩෝ හමුදා ඛන්ඩ ඇති කරනලදී. මේ සියලු කටයුතු අමෙරිකානු ජනතාවට පමණක් නොව කොන්ග්‍රස් මණ්ඩලයට පවා රහසින් සිදුකරන්නට පියවර ගෙන තිබුණු අතර මැජෙස්ටික් කණ්ඩායම යනුවෙන් හඳුන්වන විශේෂඥයින්ගේ කමිටුව මෙම සියලු මෙහෙයුම් භාව කටයුතු කරීමට පත්කරන ලද බව පැවසේ.

මැජෙස්ටික් 12 ලිපිගොනු වන ඇත්තේ මෙම කණ්ඩායම් ගොනුකරන ලද වාර්තා, ඔවුන්ගේ නිරීක්ශණ හා නිගමන මෙන්ම ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳ නිර්දේශ අඩංගු ලිය කියවිලිය.


~ සැළකිය යුතුයි ~

මැජස්ටික් ලිපිගොනු ලෙස සාමූහිකව හඳුන්වන මෙවැනි අතිශය රහසිගත යයි සඳහන් ලිපි ගනනාවක්
1984න් පසු නිර්නාමිකව විවිධ පිටසක්වල ජීවීන් පිලිබඳ පර්යේෂණ කරන පර්යේශකයින්, ලේඛකයින් හා ජනමාධ්‍යවේදීන් අතට පත්වී ඇත. එහෙත් මෙම ලිපි ව්‍යාජ ඒවා බව ඒවා සූක්ශ්ම පරීක්ශාවල බඳුන්කරන ලද රහස්‍ය ලිපි විශේෂඥයින් (secret dcoument specialists) පවසනවා. එම ලිපි ලියා ඇති අන්දම, වචන හා යෙදුම් වල ස්වභාවය, භාවිතාකොට ඇති කඩදාසි වල පෙනුම, ඒවා යතුරුලියනය කර ඇති මුද්‍රණ අකුරු (font) වල ඇති වෙනස්කම් මෙන්ම ඒවා වල සටහන් කොට ඇති විවිධ රබර් මුද්‍රාවල ස්වභාවයන් අනුව මේ ලිපි නියම අමෙරිකන් රහස් ලිපි නොවන බව පර්යේශකයින් පවසනවා.

එහෙත්,

මේ ලිපි ලියා ඇති පුද්ගලයා(න්) 1940-1960 වකවානුවේ අමෙරිකාවේ හමුදා, ඔත්තු සේවා මෙන්ම ජනාධිපති කාර්‍යාලයේ ඉතා රහසිගත තොරතුරු හා ක්‍රමවේශයන් ගැන ගැඹුරු අවබෝධයක් ඇති පුද්ගලයින් බව පර්යේශකයින් පිලිගන්නවා. මේ අනුව අමෙරිකානු රහස් ඔත්තු සේවාවක හෝ ආරක්ශක මණ්ඩලයේ ඉතා ඉහලින් සිටි නිළධාරියෙකු(න්) මෙම ලිපි සකස් කරන්නට ඇති බවට සැක කෙරෙනවා.

මේ  ව්‍යාජ ලිපිවල අරමුණ කුමක්දැයි පැහැදිලි නෑ. එහෙත් එම ලිපි;

1] මහජනයා මුලා කිරීම සඳහා අමෙරිකානු ඔත්තු සේවා විසින්ම ව්‍යාජලෙස සකස්කොට මුදා හැරි ඒවා බව එක් මතයක් - කුමණ අරමුණකින්දැයි පැහැදිලි නෑ.

2] අනෙක් මතය නම් සැබෑ ලිපිගොනු සන්තකයේ තිබෙන පුද්ගලයෙකු(න්) පසු කලෙක එම ලිපි හැකිතාක් නිවැරදි ලෙස පිටපත් කොට අමෙරිකානු රජයේ රහස් හෙලි කිරීම සඳා මුදා හැරිබව විශ්වාස කෙරනවා.

නිවැරදි මතය කුමක්දැයි තීරණය කිරීම කියවන ඔබට භාරයි.

*** බලාපොරොත්තු වන්න ****

පිටසක්වල යානාව තාක්ශණය පිලිබඳ තොරතුරු හා ඒවායින් උකහාගත් තාක්ශණයෙන් නිමැවී ඇති නවීන උපකරණ පිලිබඳ විස්ත
ලඟදීම ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමු.






Comments

  1. පිටසක්වල ජීවින් පිලිබදව පරේෂණ කිරීම ඇමරිකාව බාහිර සමාජයෙන් වසන් කරන්නේ හරියට පිටසක්වල ජීවින් කියන්නේ ඒ අයගේ බුදලයක් වගේ හිතාගෙනද කොහෙද .....

    ReplyDelete
  2. මොන මොන කෙලි මේ ගොල්ලො කරලා ඇත්ද ! වැඩේ කියන්නේ UFO ත් කඩන් වැටෙන්නෙ ඇමෙරිකාවටමනෙ.

    තව මතයක් තියනවා නේද UFO යනු ඇමෙරිකානු නිර්මානයක් කියලත්. ඒ කියන්නෙ ලෝකෙ පුරා විඩින් විඩේ දකින්ඩ ලැබෙන UFO පිටුපස ඉන්නෙ ඇමෙරිකාව කියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔවු, එහෙම මතයක් තිබෙනවා, UFO යනුවෙන් හඳුනාගන්නා පියාසර වස්තුන් ඇමරිකන් පර්යේශණ ගුවන්යානා කියලා.

      ඒවගේම පියාසර වස්තූන් කඩාවැටිලා තිබෙන්නේ අමෙරිකාවට පමණක් නොවේ, රුසියාවට, බ්‍රිතාන්‍යයට, හිට්ලර්ගේ කාලයේ ජර්මනියට, මෙක්සිකෝවට, පීරු රටට වගේ තැන්වලටත් කඩාවැටුනු පිටසක්වල යානා ගැන වාර්තා තියෙනවා.

      Delete
  3. හ්ම්ම් ආසාවෙන් කියෙව්වා. වැදගත් යමක්

    ReplyDelete
  4. කියවන්න කලින්.. හොඳ වැඩක් හිතනවා මම පිස්සු වැටිලා ඉන්නවට වඩා පිස්සු වැටෙන්නේ නැති වෙයි කියලා..

    ReplyDelete

Post a Comment