අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

බ්‍රිතාන්‍යයේ BAE සමාගමෙන් Transformer ගුවන්යානා!

ප‍්‍රහාරක ගුවන් යානා තාක්ෂණයේ අනාගත සංකල්ප විදහා දක්වන වීඩියෝ කිහිපයක් බි‍්‍රතාන්‍යයේ BAE Systems සමාගම විසින් නිකුත් කර තිබේ. බි‍්‍රතාන්‍ය ආරක්ෂක සමාගමක් වන එහි පර්යේෂණ විද්‍යාඥයන් සහ ඉංජිනේරුවරුන් පවසන්නේ ඉදිරි වසර 25 තුළදී යුධ අවි තාක්ෂණය බෙහෙවින් වෙනස් වනු ඇති බවයි.

ලැන්කැෂයර්හි වෝර්ටන් ප‍්‍රදේශයේ පිහිටා ඇති BAE සමාගමේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය තුළ බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහය සහිතව ප‍්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක ගගන විවිද්‍යා විශේෂඥයින් ගණනාවක් මෙම තාක්ෂණික වර්ධනය අත්පත් කරගැනීම සඳහා වෙහෙසෙමින් ඇතැයි වාර්තා වේ.

ඔවුන් විසින් ප‍්‍රසිද්ධියට පත්කර ඇති සර්වයිවර් නම් සංකල්පය තුළදී ප‍්‍රහාරක ගුවන් යානාවලට self healing nano technology හෙවත් යුධ හානි (battle damage) ඉතා ඉක්මණින් ස්වයංක්‍රීයව සුවවීමේ නැනෝ තාක්ශණයෙන් යුතුවනු ඇති.සටන් බිමේදී හානිවන ගුවන් යානයක් විනාඩි කිහිපයක් තුළදී අහසේදීම යළි සුවකිරීම සඳහා එය භාවිතා කරනු ලැබේ.

මේ අතර ට‍්‍රාන්ස්ෆෝමර් නම් දිගු දුර ගුවන් යානයක් කුඩා යානා වලට කැඩෙනු ඇති අතර ප‍්‍රහාරක, සැපයුම් හෝ චරපුරුෂ ආදී ක‍්‍රියාකාරකම් වල නිරතවීමෙන් අනතුරුව යළි එක් ගුවන් යානයක් ලෙස සකස්වී පිටත්ව යනු ඇත. ට්‍රාන්ස්ෆෝමර් තාක්ශණයේ ඇති උපක්‍රමීය වැදගත්කම් මෙසේ විස්තරකල හැකිය. විශාල යානයක් ලෙස එක්ව ගමන් කිරීමේදී ගමන් කල හැකි දුර, උස යනාදිය කුඩා ගුවන්යානාවලට වඩා ඉහලින් තිබේ. ඒ අනුව වඩා වේගයෙන්, වඩාත් ආරක්ශාකාරී උසකින්, වැඩි දුරක් පියාසර කල හැකිය. එහෙත් ඉලක්කය වෙත ලඟාවූවිට කුඩා යානා වඩාත් සූක්ශම ප්‍රහාර සඳහා ප්‍රයෝජනවත්වේ. ට්‍රාන්ස්ෆෝමර් ගුවන්යානා තාක්ශනයේ අරමුණ එක් යානාවකට මෙම වාසි දෙකම ලබාදීමයි. වඩා වාසිදායක විට එක්ව, එක් යානයක් සේ බද්ධව පියාසර කරමින්, කුඩා යානාවන් වීම වාසිදායකවිට කුඩා යානා කිහිපයකට වෙන්වී මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබේ.

ආලෝකයේ වේගයෙන් ක‍්‍රියාත්මක වන ලේසර් අවියක සංකල්පයක්ද ඉදිරිපත් කර ඇති නමුත් එය එතරම් සාර්ථක නොවනු ඇතැයි විචාරක මත පළවී තිබේ.

BAE විද්‍යාඥයින්ගේ තවත් සුවිශේෂී අදහසක් වනුයේ ප‍්‍රහාරක යානාවල තැන්පත් කරන ති‍්‍රමාණ මුද්‍රණ යන්ත‍්‍රයකින් කුඩා ඩ්‍රෝන යානා අහසේදීම නිර්මාණය කර මුදා හැරීමේ හැකියාවයි.  මේ සඳහා ලෝහවර්ග ආධාරයෙන් ත්‍රිමාණ මුද්‍රණ කටයුතු සිදුකිරීමේ තාක්ශණය වැඩි දියුණු කල යුතුවේ. දැනටමත් බී.ඒ.ඊ 

සමාගම බ්‍රිතාන්‍ය/ජර්මානු හවුන් නිර්මාණයක් වන ටෝර්නේඩෝ ප්‍රහාරක ජෙට් යානාවේ අමතර කොටස් ත්‍රිමාණ මුද්‍රණ තාක්ශණයෙන් මුද්‍රණයකොට යානාවලට යොදා ඇත.


Comments

  1. ඔබේ සටහන් මම නිතර කියවනවා . අඩවියේ මේ අලුත් වෙනස හරි හොඳයි .

    ReplyDelete
  2. බොහොම අගනා කාලීන තොරතුරු ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි අපේ දැණුම වර්ධනය කරන්නට දරන උත්සාහය පිළිබඳව.

    ReplyDelete

Post a Comment