සයිබීරියාවේ අභිරහස් සිදුරු

මීට සති දෙකකට පමණ පෙර සයිබීරියාවෙන් සොයාගත් පොලවේ ඇති අභිරහස් සිදුර පිළිබඳ විමර්ශන කරන අතර තුරම තවත් එවැනි අභිරහස් සිදුරක් සොයාගෙන තිබේ. පළමුව හමුවූ සිදුර මීටර් 70ක් පමණ ගැඹුරු වන අතර දෙවන සිදුර මීටර් 100ක් පමණ ගැඹුරු වෙතැයි අනුමාන කර තිබේ.

මෙම සිදුරුවල බිත්ති ඉතාමත් සුමට ලෙස සැකසී ඇති අතර ඒවා යන්ත්‍රයකින් කැපූ ලෙස පෙනේ. එහෙත් මේ සිදුරු නිර්මාණයක් මිනිසුන් කළ බවට කිසිදු සාක්ෂියක් තවම ලැබී නැත.
ග්‍රහක ගැටීමක්අතරමංවූ මිසයිලයක ප්‍රහාරයක්පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාවක්පොලව යට ඇති මීතේන් මතුපිටට පැමිණීමක් ආදි වශයෙන් මේ සම්බන්ධයෙන් විවිධ මත කීපයක් පලවී ඇත. කෙසේ වෙතත් මේවා ස්වාභාවික ක්‍රියාවලියකින් සිදුවූවක් ලෙස දැනට අනුමාන කළ හැකි වුවත් සිදුරු ඇතිවූ අයුරු පිළිබඳව නිශ්චිත අදහසත් ප්‍රකාශ කිරීමට විද්‍යාඥයින් තවමත් පරික්ෂණ පවත්වමින් සිටිති.

Comments

  1. ගොඩක් වැදගත් බ්ලොග් එකක්..අපි කැමතියි ඔයාගෙ බ්ලොග් එක කියවන්න..කිසිම හේතුවකට මේක කරන එක නවත්වන්න එපා...තවත් පෝස්ට් දාන්න අපි කියවනවා..

    ReplyDelete

Post a Comment