අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

AirAsia QZ8501 මුහුදට ගොඩබැස රළපහරට ගිලිගියාදැයි සැකයක්!!

හිටපු ඉන්දුනීසියානු ගුවන් හමුදා නියමු හා  AirAsia QZ8501 පියාසැරියේ කපිතාන් ඉලියන්ට්‍රෝ
ඉන්දුනීසියානු ගුවන් හමුදාවේ හිටපු නියමුවෙකු හා ඉතා පළපුරුදු මගී ජෙට් නියමුවෙකු වූ ගුවන් නියමු ඉලියන්ට්‍රෝ දැඩි කුණාටුවකට හසුව සිටි සිය යානයේ මගීන්ගේ ජීවිත ගලවාගැනීම සඳහා යානය ඉතා සෙමින් මුහුදට ගොඩබැස්සුවාදැයි විමර්ශකයින් අතර විවාදයක් හටගෙන තිබෙනවා.

මගී ජෙට් යානයක් වෙනත් විකල්පයක් නොමැති විට ජලයට හෝ මුහුදට ගොඩබැස්වීමට ගුවන් නියමුවන් හොඳින් පුහුණුව ලබා තිබෙනවා. ඔබ ගුවන් යානයක ගමන් කරනවිට ජීවිතාකරක්ශක කබා තිබෙන ස්ථානය හා ඒවා පලඳින ආකාරය පිලිබඳව කාර්ය මණ්ඩලය ඔබට විස්තර කරදෙන්නේ මෙවැනි අවස්ථාවදී දියේ නොගිලී සිටීමට ජීවිතාරක්ශක කබා අත්‍යාවශ්‍ය බැවිනුයි. එයා ඒෂියා යානය නිපදවූ Airbus සමාගම සිය මගී ගුවන්යානා සඳහා "water ditch button" නැමති බොත්තමක් නියමු කුටියේ සවිකොට තිබෙනවා. නියමුවා එය ක්‍රියාත්මක කලවිට යානයේ බඳෙහි ඇති ජලය ඇතුලුවිය හැකි සියලුම ස්ථාන වැසී මුද්‍රාතැබෙන්නේ යානය ජලයට ගොඩබැස්වීමේදී ඇතුලට ජලය කාන්දුවීම වැලැක්වීමටයි.
2009 වසරේදි US Airways යානයක් අමෙරිකාවේ හඩ්සන් ගංගාව මතට හදිසියේ ගොඩබැස්සවූ අතර සියලු මගී ජීවිත ගැළවුනා.
සාමාන්‍යයෙන් මගී ගුවන් යානාවල තිබෙන ඉමර්ජන්සි ලොකේටර් බීකන් හෙවත් හදිසි අණතුරකදී යානය තිබෙන ස්ථානය දක්වා රේඩියෝ පණිවුඩ යවන ට්‍රාන්ස්මීටරය යානය පොලෙවේ හෝ ජලයේ හෝ කඳුපන්තියක වැදීමේදී ක්‍රියාත්මක වීමට නිර්මාණය කොට තිබෙනවා. එය ක්‍රියාත්මක නොවී තිබුණේ නියමුවන් දෙදෙනා ඉතා සෙමින් යානය මුහුද මතට ගොඩබස්වා යානය මුහුදමත පාවෙන්නට සැලැස්වූ බැවින් බව විමර්ශකයින් දැන් විශ්වාස කරනවා.

යානයෙන් හමුවූ මගී මළසිරුරු බොහොමයක ජීවිතාරක්ශක කබා පැළඳ තිබූ බවත්, මළසිරුරු විනාශ නොවී තිබීමත් යානය පුපුරා යාමක් හෝ කඩාවැටීමක් සිදු නොවීමට තවත් සාක්ශි බව ඔවුන් පවසනවා. සෝනාර් මගින් යානය කඩාවැටුනු ප්‍රදේශයේ මුහුදු පතුල නිරීක්ශණය කිරීමේදී සෝනාර් තිරවල යානයේ අනුරුව ඔවුනට දකින්නට ලැබී ඇති අතර යානය කැඩීබිඳී ගොස් නැතිබව තහවුරු කරගෙන තිබෙනවා. යානය කඩා වැටීමක් හෝ පිපිරීමක් සිදු නොවී ගොඩබැස්වූ බවට එයත් සාක්ශියත්.

එහෙත් නියමුවන්ගේ මෙම ව්‍යායාමය නිශ්ඵලවී සියලු ජීවිත අහිමිවූයේ එම ප්‍රදේශයේ ඒ අවස්ථාවේ හමමින් තිබූ දැඩි කුණාටුවෙන් හටගත් විශාල රළපහරවල් වලට හසුවී යානයේ මගීන් ඉවත්කරගැනීමට පෙර එය ගිලී ගිය නිසා බවට විශ්වාස කෙරෙනවා. මේවන විටත් යානයේ කළු පෙට්ටිය සොයාගැනීම සඳහා යානය වෙත කිමිදුම් කරුවන් යැවීමට නොහැකිවී ඇත්තේ තවමත් එම ප්‍රදේශයේ මුහුදු රළ අඩි 9කටත් වඩා විශාල වීම නිසයි.

Comments

  1. කොහොම වුණත් අහිංසක ජීවිත 160 කට වැඩිය මුහුදට බිලිවුණා අායෙත්.........

    ReplyDelete
  2. ගුවන්යානයේ ඉරණම ගැන යානය අතුරුදන්වීමට දින කිහිපයකට ඉහතදී චීන බ්ලොග් සටහන්කරුවෙකු අනාවැකි පළ කර ඇතැයි හෙළිව තිබේ.
    ‘ලෑන්ඩ්ලෝර්ඩ්‘ යැයි තමන්ව හඳුන්වාදී ඇති මේ බ්ලොග් සටහන්කරුවා ඔහුගේ බ්ලොග් පිටුවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ඉදිරි දින කිහිපයේදී විනාශ කිරීමට නියමිත බවද එය සැළසුම් කර ඇත්තේ ‘කළු අත‘ (බ්ලැක් හෑන්ඩ්) නම් රහසිගත සංවිධානයක් බවද සටහන් කර ඇත.
    දින සටහනට අනුව ඔහු එම සටහන තබා ඇත්තේ දෙසැම්බර් මස 17 වැනිදාය.
    ඔහු එම සටහන තැබූ දිනයේ ඒ ගැන ඔහුගෙන් වැඩිදුර කරුණු විමසුවත් ඔහු කිසිත් හෙළි කළේ නැති බව ඔහුගේ බ්ලොග් පිටුව නරඹන්නෝ කියති.
    ඔහුගේ එම අදහස් විහිලූවකැයි සිතා බැහැර කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. නමුත් දින කිහිපයක් ගෙවී පසුගියදා එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් අතුරුදන්ව ඇතැයි පුවත් ලැබෙන විට තම මිතුරු බ්ලොග් සටහන්කරුවා කියූ දේ සැබෑවක් යැයි තේරුම් ගිය බව ඔවුහු කියති.
    නමුත් ලෑන්ඩ්ලෝර්ඩ් එම සටහන තැබූ දිනයේ පටන් තම බ්ලොග් පිටුවට නැවත පැමිණ නැත. ඔහුද අතුරුදන්ය.
    මේ බ්ලොග් සටහන්කරුවා කවරකු වන්නට ඇත්දැයි මේ දිනවල අන්තර්ජාලයේ නොයෙක් තැන්හි අදහස් පළ කෙරෙන අතර බොහෝ දෙනා කියන්නේ මොහු චීන බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයෙකු විය හැකි බවයි. නමුත් මෙසේ ගුවන්යානය අතුරුදන්වීමක් ගැන හරියටම අනාවැකි පළ කිරීමට ඔහුට හැකිවූයේ කෙසේදැයි යන්නට නිසි පැහැදිලි කිරීමක් ලබාදෙන්නට තවමත් කිසිවෙකුටත් හැකිව නොමැත.
    ඔහුගේ පැරණි බ්ලොග් සටහන් වල මලයාසියා ගුවන්සේවයට අයත් හා මේ දක්වාම අතුරුදන්ව තිබෙන එම්.එච් 370 අංක දරන ගුවන්යානයත්, එම ගුවන්සේවයටම අයත් මගීන් සමගම යුක්රේනයේදී විනාශ කෙරුණු එම්.එච් 17 අංක දරන ගුවන්යානය ගැනත් සටහන් ඇත. ගුවන්යානා වල ඉරණම පසුපස සිටින්නේද බ්ලැක් හෑන්ඩ් සංවිධානය බව ඔහු සඳහන් කර ඇත.
    බ්ලොග්කරුවන් මේ ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරතත් ගුවන්සේවා බලධාරීන් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර නොමැත. බ්ලොග් සටහන්කරුවෙකු කළ හුදු සටහනක් අවාසනාවන්ත ලෙස සැබෑ වූ අවස්ථාවක් ලෙස ඔවුන් එය හඳුන්වාදේ.

    ReplyDelete

Post a Comment