මීටර් 500කට වඩා උසින් වැඩි කඳු 101ක් තිබෙන අතර මීටර් 1000කට වඩා උසින් වැඩි කඳු 78කුත්, මීටර් 1500කට වඩා උසින් වැඩි කඳු 47කුත් මෙම ලිපියේ හඳුනාගෙන තිබෙනවා. මීටර් 2000කට, එනම් මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2ක් උසින් කඳු මුදුන පිහිටා තිබෙන කඳු 16කුත් ලංකාවේ තියෙනවා
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 2කට වඩා ඉහලින් මුදුන ඇති ලංකවේ කඳු ගැන කෙටි සටහනක් මේ;
1 Piduruthalagala පිදුරුතලාගල
ලංකාවේ උසම කන්ද වන මෙය අධි ආරක්ෂිත කලාපයක් බැවින් අවසර නැතුව ඇතුලුවීම තහනම් ප්‍රදේශයකි. නුවර එලිය නගරයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටා ඇත. මග සොයාගැනීම ඉතා පහසුය
ශ්‍රී ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල කන්ද හමුදා කටයුතු වෙනුවෙන් යොදාගෙන ඇති බැවින් ඇතුළුවීමට අවසර ගත යුතුයි. යම් කාළවල කඳු-නගින්නන්ට හා සංචාරයකයින්ට ඇතුලුවීමට අවසර දෙන අතර, පසුව කිසිදු පූර්ව දැනුම්දීම් වලින් තොරව ඇතුලුවීම තහනම් කරනවා.
එමෙන්ම හමුදාවල උසස් නිළධාරීන්ට සම්බන්ධ අයවලුන්ට හා ඔවුන්ගේ පවුල්වලට හමුදාව හරහා විශේෂ අවසර ගෙන මෙවැනි තහනම් කලාපවලට වුවද ඇතුලු විය හැකි බව්ද ලේඛකයා අත්දැකීමෙන්ම දන්නවා.
මේ ලියන මොහොතේ (දෙසැම්බර් 27, 2025) තත්වය කෙසේ දැන් ලේඛකයා දැනුවත් නෑ.
ඒ අනුව, පිදුරුතලාගල යන්නට පෙර, ඒ පිලිබඳව සොයා බලන්න.


2 Kirigalpoththa කිරිගල්පොත්ත - 2388m
කිරිගල්පොත්ත කන්ද ශ්‍රී ලංකාවේ දෙවන උසම කඳුවැටිය වේ. එහි මුහුදු මට්ටමේ සිට උස 2,388 m (7,835 ft) කි. කිරිගල්පොත්ත කඳුවැටිය මහජනයාට විවෘතව පවතින ශ්‍රී ලංකාවේ උසම ස්ථානය ලෙස සැලකෙනවා.
කිරිගල්පොත්තට යන මාර්ගය ආරම්භ වන්නේ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය වෙත යන මාවත ආරම්භවන ස්ථානයෙන්මයි (World's End Trail Head).
යන්න හොඳම කාලය: පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හෝ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගියොත් පැහැදිලී, වියළි කාළගුණයක් අත්විඳින්න පුලුවන්. වැස්සෙන් කරදර අඩුයි.
කිරිගල්පොත්ත හා ඒ අවට හෝර්ටන් තැන්න ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයකටම පෝෂක ප්‍රදේශ වන අතර එම ගංගා වල ප්‍රධාන අතුගංගා ඒ අවටින් පටන් ගනී.
මහවැලි ගඟ: ලංකාවේ දිගම ගංගාව වන මෙයට පෝෂක මූලාශ්‍ර රැසක් තියෙනවා. ඒ අතරින් කොත්මලේ ඔය සහ අග්‍රා ඔය වැනි ප්‍රධාන අතු ගංගා ආරම්භ වෙන්නේ කිරිගල්පොත්ත කන්ද අවට තියෙන හෝර්ටන් තැන්න ප්‍රදේශයෙනුයි.
වලවේ ගඟ: මේ ගංගාවට අවශ්‍ය ජලය ප්‍රධාන වශයෙන්ම ලැබෙන්නේ කන්දේ දකුණු බෑවුම් ප්‍රදේශවලින්. වලවේ ගඟේ ප්‍රධාන පෝෂකයක් වන බෙලිහුල් ඔය, කිරිගල්පොත්ත තරණය කරන මංපෙත අසල තියෙන කුඩා දිය උල්පත්වලින් ආරම්භ වෙනවා.
කැළණි ගඟ: බොහෝ දෙනෙක් කැළණි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන කෙහෙල්ගමූ ඔය ආරම්භ වෙන්නේ හෝර්ටන් තැන්නේ බටහිර සීමාවෙනුයි. කිරිගල්පොත්ත වගේම ඊට යාබද තොටුපොළ කන්දෙන් ගලා එන ජලයෙන් තමයි කෙහෙල්ගමූ ඔය පෝෂණය වෙන්නේ.
3 Thotupola තොටුපොල කන්ද - 2357m
සමුද්‍ර මට්ටමේ ඉඳන් මීටර් 2,357ක් උසින් පිහිටලා තියෙන තොටුපොළ කන්ද ලංකාවේ තුන්වැනි උසම කඳු මුදුනයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ඇතුළත පිහිටලා තියෙන මේ කන්ද, මධ්‍යම කඳුකරයේ තියෙන ලෙහෙසියෙන්ම තරණය කරන්න පුළුවන් සුන්දරම කන්දක් විදිහටත් ප්‍රසිද්ධයි.
හෝර්ටන් තැන්නට යන සංචාරකයින්ට තොටුපොළ කන්ද තරණය කරන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි. කඳු පාමුල ඉඳන් මුදුනට තියෙන්නේ කිලෝමීටර් 2ක විතර කෙටි දුරක්. පැය එකහමාරක් වගේ කාලයකින් කන්ද මුදුනටම යන්න පුළුවන්.
තොටුපොල කන්ද හයිකින් ට්‍රේල් මංපෙත පටන් ගන්නේ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ පට්ටිපොළ පිවිසුමට මීටර් කිහිපයක් මෙහායින්.
යන්න හොඳම කාලය: පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හෝ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගියොත් පැහැදිලී, වියළි කාළගුණයක් අත්විඳින්න පුලුවන්. වැස්සෙන් කරදර අඩුයි.
රාවණා කතාව සහ දඬුමොණර ජනප්‍රවාදය
දඬුමොණරය ආපු තොටුපොළ: රාමායණයට අනුව, රාවණා රජතුමා සීතා දේවියත් එක්ක ලංකාවට එනකොට තමන්ගේ දඬුමොණරය ගොඩබස්වපු "ගුවන් තොටුපොළ" මේ කන්ද කියලා විශ්වාසයක් තියෙනවා.
ඉන්දියාවෙන් එන සංචාරකයින් පවා රාමායණ කතාවට සම්බන්ධ වැදගත් ස්ථානයක් විදිහට මේ කන්ද බලන්න එන්න අමතක කරන්නේ නැහැ.
4 Kudahagala කුඩහගල කන්ද (අග්‍රාබෝපත් කන්ද ) - 2320m
කුඩහගල කන්ද 4වැනියට උසම කන්ද ලෙස මිනින්දෝර් දෙපාර්තමේන්තුව පලකරන ජාතික සිතියම් පොතෙහි (Survey Department National Atlas) දක්වා තියෙනවා.
නිවර්තන කඳුකර වනාන්තරයක් (Montane Forest) හෙවත් "මීදුම් වනාන්තරයක්" මැද්දෙන් යන්න තියෙන දුෂ්කර ගමණක්. කන්ද පාමුල සිට මුදුනටම ළඟා වීමට සාමාන්‍යයෙන් පැය දෙකක වැනි කාලයක් ගත වෙනවා.
සාමාන්‍ය විනෝද සංචාරකයෙකුට වඩා, කඳු නැගීමට සහ පරිසරයට ඇලුම් කරන පලපුරුදු හයිකින් සංචාරකයින් පමණක් උත්සහ කලයුතු කඳු තරණයක් කියන්න පුලුවන්.
ඔබ කුඩහගල කන්ද තරණය කරන්න බලාපොරොත්තු වෙනවා නම්, හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර් 5ක් (සැතපුම් 3ක්) විතර දුරකින් ඩයගම ප්‍රදේශයෙන් තමයි මේ මංපෙතේ ආරම්භක ස්ථානය පිහිටලා තියෙන්නේ.
කන්ද නගින්න යවානම් අනිවාර්යයෙන් පලපුරුදු මගපෙන්වන්නෙක් එක්ක යන්න කල්පණාකාරී වෙන්න.
යන්න හොඳම කාලය: පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හෝ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගියොත් පැහැදිලී, වියළි කාළගුණයක් අත්විඳින්න පුලුවන්. වැස්සෙන් කරදර අඩුයි.
5 Adam's Peak සමනල කන්ද - 2243m
ශ්‍රී ලංකාවේ උසම කඳුවලින් 5වැනි තැන ගන්නේ ඇඩම්ස් පීක් හෙවත් ශ්‍රීපාද කන්දයි.
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය.
ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇති අතර ශ්‍රී පාද කන්ද වටා ඇති වර්ග සැතපුම් 224ක කඳුකර වනාන්තර ප්‍රදේශය "Sri Pada" Peak Wilderness Sanctuary නම් අධිරක්ෂිත කලාපය ලෙස ආරක්ෂා කර ඇත.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
යන්න හොඳම කාලය: පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හෝ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගියොත් පැහැදිලී, වියළි කාළගුණයක් අත්විඳින්න පුලුවන්. වැස්සෙන් කරදර අඩුයි.
6 Kikilimana කිකිලියාමාන කන්ද - 2237m
පිදුරුතලාගල කන්දට බටහිරින් පිහිටා ඇති මෙහි උස මීටර් 2240කි. නුවරඑළිය - මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව තිබෙන, ලංකාවේ උසම කඳු අතර 6 වැනි ස්ථානය හිමි කරගන්නා කික්ලිමාන කන්ද, මුහුදු මට්ටමේ සිට මීටර් 2,240ක (අඩි 7,350ක් පමණ) උසකින් පිහිටා තිබෙනවා. නුවරඑළිය නගරයට වයඹ දෙසින් පිහිටි මේ කන්ද, ලංකාවේ උසම ගම්මානයට නවාතැන් දෙන කන්ද විදිහටත් ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා.
කිකිලියාමාන කන්ද මුදුනට යන එක ඉතා පහසුයි. ඇත්තටම එය කන්ඳු නැගීමකට වඩා ලස්සන වටපිටාවක් බලමින් යන සොඳුරු පියමං ගමනක් කිව්වොත් වඩාත් නිවැරදියි. ඕනෑම ශාරීරික යෝග්‍යතාවයක් තියෙන කෙනෙකුට ලෙහෙසියෙන්ම යන්න පුළුවන් විදිහට පුළුල් මංපෙතක් මෙහි තියෙනවා.
ගතවන කාලය: ගමේ ඉඳන් කඳු මුදුනට යන්න ගතවෙන්නේ විනාඩි 45ත් 60ත් වගේ සුළු කාලයක් විතරයි.
යන මග: බොහෝ දෙනෙක් මේ ගමන පටන් ගන්නේ නුවරඑළිය නගරයේ ඉඳන්. ඔබ මුලින්ම යා යුත්තේ කන්දේ බෑවුමේ පිහිටලා තියෙන ශාන්තිපුර ගම්මානයටයි.
යන්න හොඳම කාලය: පෙබරවාරි සිට අප්‍රේල් දක්වා හෝ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ගියොත් පැහැදිලී, වියළි කාළගුණයක් අත්විඳින්න පුලුවන්. වැස්සෙන් කරදර අඩුයි.
නැරඹුම් මධ්‍යස්ථානය: කඳු මුදුනට යන අතරතුර හමුවන නැරඹුම් මධ්‍යස්ථානයේ ඉඳන් මුළු නුවරඑළිය නගරයම වගේම මධ්‍යම කඳුකරයේ ලස්සනම දර්ශන පෙළක් දැකබලා ගන්න පුළුවන්.
7 Great Western ග්‍රේට් වෙස්ටර්න් - 2212m
ග්‍රේට් වෙස්ටර්න් යනු විදෙස් රටක ස්‌ථානයක් කියා ඔබ සිතනවා ඇත. නමුත් මේ සැබැවින්ම තලවකැලේ හා රදැල්ල අතර පිහිටි මීටර් 2212 ක් පමණ උසැති ලංකාවේ හත්වැනි උසම කන්ද වන ග්‍රේට් වෙස්ටර්න් කන්දයි. එය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්තානය ආසන්නයෙන් තිබෙනවා.
නැගීමේ දුෂ්කරතාවය ඉතා ඉහළයි. විශේෂයෙන්ම පාරේ තියෙන ලිස්සන සුලු ගතිය සහ මඩ සහිත බව නිසා ගමන තවත් අපහසු කරනවා.
මධ්‍යම කඳුකරයේ තියෙන අසීරුම සහ වෙහෙසකරම කඳු නැගීමක් විදිහටයි මෙය සැලකෙන්නේ. මේ ගමන අභියෝගාත්මක වෙන්න හේතු කිහිපයක් තියෙනවා. කන්දේ තියෙන අධික බෑවුම සහ හරියටම පේන්න නැති අඩිපාරවල් නිසා ඕනෑම කෙනෙක් මේ ගමනේදී හොඳටම වෙහෙසට පත් වෙනවා.
කඳු මුදුනටම ළඟා වෙන්න සාමාන්‍යයෙන් පැය 3ක් හෝ 4ක් වගේ කාලයක් ගත වෙනවා.
යන මග: මේ ගමන පටන් ගන්න හොඳම තැන වෙන්නේ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය හෝ ඒ අසල තියෙන තේ වත්තයි. පලපුරුදු මගපෙන්වන්නෙක් නැතුව යන්න නොසුදුසු ගමනක් විධියට අණතුරු අඟවන්න ඕනේ.
මේ ගමනේදී ඔබට හමුවන සුවිශේෂී ස්ථානයක් තමයි කැලෑව ඇතුළේ සැඟවුණු අවුරුදු 70ක් විතර පරණ පුංචි හින්දු කෝවිල. මෙය කඳු නගින්නන් අතර බොහොම ප්‍රසිද්ධ නැවතුම්පොළක්.
8 Hakgala හක්ගල කන්ද - 2169m
නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇති හක්ගල කන්ද, හක්ගල දැඩි රක්ෂිත ප්‍රදේශයට අයත්ය. සුප්‍රකට හක්ගල උද්භිද උද්‍යානය පිහිටා ඇත්තේ හක්ගල කන්දේ වයඹදිග බෑවුම් ප්‍රදේශයේය.
හක්ගල දැඩි ස්වභාව රක්ෂිතය යනු ශ්‍රී ලංකාවේ පවතින අධි ආරක්ෂිත වනාන්තර ත්‍රිත්වය අතුරින් තෙත් කලාපය තුල පිහිටන, දැඩි ස්වභාව රක්ෂිතයකි. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ සත්ව සහ ශාක විශේෂ ගණනාවක් මෙම වලාකුළු වනාන්තරයෙහි දකින්න පුලුවන්.
1938 වසරේ පෙබරවාරි 25 වන දින, දැඩි ස්වභාව රක්ෂිතයක් ලෙස හක්ගල දැඩි රක්ෂිතය නම් කලේ එහි ඇති වටිනාකම එදා මෙරට පාලනය කල බ්‍රිතාන්‍යයන් පවා අවබෝධ කරගත් නිසාය.
දැඩි ස්වභාවික රක්ෂිතයක පිහිටලා තියෙන නිසා හක්ගල කන්ද නගින්න අවසර ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකට විතරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත් විශේෂ අවසර පත්‍රයක් ඇති නිලධාරීන්ට හෝ පර්යේෂණ කටයුතුවල නිරත වන විද්‍යාඥයන්ට පමණක් මෙහි ඇතුළු වෙන්න අවස්ථාව ලැබෙනවා.
9 Conical Hill කොනිකල් හිල් - 2166m
ලංකාවේ නව වැනි තැනට උස කන්ද,කොනිකල් හිල්. කන්ද උඩට ගියාම පිදුරුතලාගල, හක්ගල කන්ද, උද රදැල්ල, ග්‍රේට් වෙස්ටර්න් කන්ද, කිකිලියමාන කන්ද සහ සිංගල් ට්‍රී කන්ද හොදට දකින්න පුළුවන්.
කන්දේ ඇල රක්ෂිතය අවටින් මීපිලිමාන ඔස්සේ මේ කන්ද නගින්න යන්න පුළුවන්.
මංපෙත් වල අපැහැදිලි බව: කන්ද මුදුනටම යන්න පැහැදිලිව පෑගුණු එකම අඩිපාරක් මෙහි නැහැ. ඒ නිසා ගමන අතරතුර මාර්ගය සොයාගැනීම තරමක් වෙහෙසකර වෙන්න පුළුවන්.
බෑවුම් සහිත බව: කන්දේ ඇතැම් ස්ථාන ඉතාම බෑවුම් සහිතයි. විවිධ බාධක පිරි භූමි ලක්ෂණ පසුකරන්න සිදුවෙන නිසා හොඳ ශාරීරික ශක්තියක් මේ ගමනට අවශ්‍යයි.
බ්ලැක්පූල් - මගස්තොට පාර හරහා හෝ බ්ලැක්පූල් - අඹේවල - පට්ටිපොළ - හෝර්ටන් තැන්න පාර හරහා මීපිලිමාන ගම්මානයට පැමිණ එතැනින් කන්ද තරණය ආරම්භ කළ හැකියි.
10 One Tree Hill වන් ට්‍රී හිල් - 2100m
ශ්‍රී ලංකාවේ දස වැනි (සමහර වාර්තා වලට අනුව නව වැනි )උසම කඳු මුදුන වන වන "ට්‍රී හිල්" නුවර එළිය නගරයේ පිහිටා තිබෙනවා.
නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් වන මෙහි අහස පැහැදිලි දිනෙක පිදුරුතලාගල කඳු පන්තිය, ශ්‍රීපාදය, හග්ගල, ග්‍රෙගරි වැව, නුවර එළිය නගරය මෙන්ම හොර්ටන්තැන්නද දැකගත හැකිය.
නුවර එළිය තුරඟ තරඟ පිටිය ඉදිරිපසින් ආරම්භ වන "සින්ගල් ට්‍රී" පාරේ පයින් යන්නෙකුට පැයකට අඩු කාලයකදී මුදුනට ලඟා විය හැකිය.
Comments
Post a Comment