AUTOMOTIVE : Are some Toyota models are actually rebadged Suzuki's? | සමහර ටොයෝටා වාහන ඇත්තටම සුසුකි?
Why does the Toyota Taisor looks like the Suzuki Fronx?
මේ හවුල්කාරිත්වය නිල වශයෙන් ආරම්භ වුණේ 2017 වසරේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමකින් පස්සේ 2019 දී අත්සන් කළ විශේෂ ගිවිසුමත් එක්කයි. මෙහිදී සමාගම් දෙක අතර කොටස් හුවමාරුවක් පවා සිද්ධ වුණා. ඒ අනුව ටොයෝටා සමාගම සුසුකි සමාගමේ කොටස් වලින් 4.9%ක් පමණ මිලදී ගත්ත අතර, සුසුකි සමාගමත් ටොයෝටා සමාගමේ කොටස් යම් ප්‍රමාණයක් අත්පත් කරගත්තා.
මෙමඟින් සමාගම් දෙකටම තමන්ගේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. සුසුකි සමාගම ඉතා අඩු පිරිවැයකින් කුඩා ප්‍රමාණයේ කාර් නිපදවන්න දක්ෂ අතර, ටොයෝටා සමාගම හයිබ්‍රිඩ් (Hybrid) සහ විදුලි බලයෙන් ක්‍රියා කරන උසස් තාක්ෂණික වාහන හදන්න ලෝක ප්‍රසිද්ධයි. ඉතින් මේ හවුල නිසා සමාගම් දෙකටම එකිනෙකාගේ තාක්ෂණය සහ හැකියාවන් හුවමාරු කරගෙන ලෝක වෙළඳපොළ ජය ගන්න ලොකු සහයෝගයක් ලැබෙනවා.
මේ විධියට එක නිෂ්පාදකයෙක් ඔවුන්ගේ කර්මාණ්තශාලාවේ, ඔවුන්ගේම මාදිලියක් තවත් නිෂ්පාදකයෙකුගේ සන්නාමයෙන් නිකුත් කරනවා නම්, එවිට ඒකට Badge Engineering කියලා නමක් භාවිතා කරනවා. කෙටියෙන් rebadging කියලත් කියනවා.
මෙලෙස ලාංඡන මාරු කරන්නේ ඇයි? (Key Reasons for Badge Engineering)
මෙම 'ලාංඡන මාරු කිරීමේ' ක්‍රමය පිටුපස ප්‍රධාන හේතු කිහිපයක්ම තියෙනවා:
වෙළඳපොළ ආක්‍රමණය කිරීම: ටොයෝටා සමාගම මීට කලින් 'එටියෝස්' (Etios) වැනි මාදිලි හරහා ඉන්දියාව වැනි රටවල කුඩා වාහන වෙළඳපොළ අල්ලන්න උත්සාහ කළත් ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා දැන් ඔවුන් කරන්නේ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන සුසුකිගේ සහය අරගෙන ඉතා පහසුවෙන් ඒ වෙළඳපොළවල් වලට ඇතුළු වීමයි.
වියදම පාලනය කිරීම: අලුත්ම වාහනයක් සැලසුම් කරලා, ඒකේ එන්ජින් පරීක්ෂා කරලා, නිෂ්පාදනය කරන්න යන අධික පිරිවැය මේ නිසා ඉතිරි වෙනවා. දැනටමත් වෙළඳපොළේ සාර්ථක බව ඔප්පු කරපු සුසුකි වාහනයක් පාවිච්චි කිරීම ටොයෝටා සමාගමට මූල්‍යමය වශයෙන් ලොකු වාසියක්.
දෙපාර්ශ්වයටම වාසි: මේක එක පැත්තකට විතරක් ලැබෙන වාසියක් නෙවෙයි. ටොයෝටා සමාගම ඔවුන්ගේ හයිබ්‍රිඩ් තාක්ෂණය සුසුකි වෙත ලබා දෙනවා. උදාහරණයක් විදිහට, යුරෝපයේදී පරිසර නීති වලට ගැලපෙන විදිහට ටොයෝටා RAV4 වාහනය Suzuki Across නමින් විකුණන්න සුසුකි සමාගමට අවස්ථාව ලැබිලා තියෙනවා.
සන්නාමයට ඇති විශ්වාසය: සමහර රටවල එකම වාහනය වුණත් සුසුකි ලාංඡනයට වඩා ටොයෝටා ලාංඡනය තියෙන වාහනය වැඩිපුර අලෙවි වෙනවා. ඒකට හේතුව පාරිභෝගිකයන් අතර 'ටොයෝටා' නාමයට තියෙන ඉහළ පිළිගැනීම සහ විශ්වාසයයි.
ටොයෝටා (Toyota) ලාංඡනය යටතේ වෙළඳපොලට ආපු ආපු සුප්‍රසිද්ධ සුසුකි (Suzuki) වාහන
ජපානයෙන් පිටත, විශේෂයෙන්ම ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවල වෙළඳපොළ ඉලක්ක කරගෙන මේ විදිහට ලාංඡන මාරු කරපු (Rebadged) ජනප්‍රිය වාහන මාදිලි කිහිපයක් මෙන්න:
Toyota Glanza: මෙය ඇත්තටම සුසුකි සමාගමේ Suzuki Baleno හැච්බැක් (Hatchback) රථයම තමයි.





Comments
Post a Comment