අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

AUTOMOBILE TECHNOLOGY : පරණ ලෑන්ඩ්-රෝවර් අලුත් ඒවා වගේ කරන ලෝකෙ ලොකුම ලෑන්ඩ්-රෝවර් / ජගුවාර් ගරාජ් එක


























Jaguar Land Rover Classic Works පිහිටලා තියෙන්නේ එන්ගලන්තේ කොවෙන්ට්‍රි නුවර. ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගම විසින්ම ආරම්භ කරලා තියෙන මේ අති නවීන ක්ලැසික් කාර් ගරාජ් එකට ඔවුන් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 7ක් වියදම් කරලා තියෙනවා. 

කාර් එකක් නැතිනම් ජීප් එකක් "ක්ලැසික්"  කියලා හඳුන්වන්නේ නිෂ්පාදනය නවත්තලා අවුරුදු 10ක් පසුවුනාමයි. ඒ විධිය ඔනෑම ලෑන්ඩ් රෝවර්, රේන්ජ් රෝවර්, ඩෙෆෙන්ඩර් ජීප් වගේම ජගුවාර් මාදිලියේ ක්ලැසික් කාර් මේ ගරාජ් එක බාර ගන්නවා.

වර්ග අඩි 150,000කට අතිවිශාල වපරිසයක පැතිරී තිබෙන මේ රෙස්ටෝරේෂන් ගරාජ් එකේ දැනටමත් ක්ලැසික් ජගුවාර් කාර් හා ලෑන්ඩ් රෝවර් ජීප් 500ක් විතර තියෙනවා. සමහර ඒවා ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා. තවත් ඒවා අලුත්ම වගේ වෙන්න හදලා විකුණන්න ලෑස්තිකරලා තියෙනවා.



ජගුවාර් හා ලෑන්ඩ් රෝවර් වාහන සඳහාම විශේෂඥයින්වූ ඉන්ජිනේරුවන්, කාර්මිකයින් හා තාක්ෂණවේදීන් 80ක් මේ ස්ථානයේ සේවය කරනවා. මෙතන වැඩකරන සමහර කාර්මිකයින් හා තාක්ෂණවේදීන් මීට පෙර මෙම වාහන නිෂ්පාදනය කල ජගුවාර් හා ලෑන්ඩ් රෝවර් කර්මාණ්තශාලාවල වැඩකරපු අය කියලයි කියන්නේ. මෙතනට ගෙන එන වාහන අලුත්ම වගේ පෙනෙන්න ආපහු හදන්න සාම්ප්‍රදායික තාක්ෂණය වගේම 3D ස්කෑනින් තාක්ෂණය, CAD / CAM වගේ අලුත්  තාක්ෂණ භාවිතා වෙනවා.

ජගුවාර්-ලෑන්ඩ් රෝවර් සමාගම ඇස්තමේන්තු කරලා තියෙන විධියට ලෝකේ පුරාම ක්ලැසික් ජගුවාර් කාර් හා ලෑන්ඩ් රෝවර් ජීප් 1,500,000ක් විතර තියෙනවා. මේ වාහන වලින් යම් ප්‍රමාණයක් තම අති නවීන ක්ලැසික් කාර් ප්‍රතිසංස්කරණ ගරාජ් එකට පැමිණේවියයි ඔවුන් බලා පොරොත්තු වෙනවා.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments