අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

CYBER SECURITY : DNA වල ලියැවුනු මැල්වෙයාර් වැඩසටහනක් පරිගණකයක් ආසාදනය කරයි!


වොෂිංටන් සරසවියේ පර්යේෂකයින් පිරිසක් ඩී.එන්.ඒ ජාන පටයක පරිගණක වෛරසයක් කේතගත කොට එමගින් පරිගණකයක් ආසාදනය කල හැකි බව තහවුරු කරයි. ලබන බ්‍රහස්පතින්දා (අගෝ. 17) ආරම්භවන USENIX Security Symposium පරිගණක ආරක්ෂණ සම්මන්ත්‍රණයේදී මේ පිලිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් දැන් සූදානම් වනවා.

ජාන වෙනස්කරන නවතම තාක්ෂණය වන CISPRE තාක්ෂණයේ ආධාරයෙන් ඩී.එන්.ඒ දාමයේ පරිගණක වැඩසටහනක් සකස්වන පරිදි ඩී.එන්.ඒ අණු පෙලගස්වා ඇති අතර මෙම ඩී.එන්,ඒ දාමය ජාන පරික්ෂාකරන gene sequencer යන්ත්‍රයක් මගින් විශ්ලේෂණය කිරීමේදී එම ඩී.එන්.ඒ දාමය මගින් ලබාදෙන දත්ත පරිගණක මැල්වෙයාර් වැඩසටහනක් බවට හැඩගැසී එම යන්ත්‍රයේ පරිගණකය ආසාදනය කල හැකි බව සොයාගෙන තිබෙනවා.

දැනට ඉතාමත් පර්යේෂණ මට්ටමේ ඇති මෙම තාක්ෂණය අනාගතයේදී පරිගණක ආරක්ෂක විධිවිධාන වලට භයානක තර්ජනයක් විය හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ. මේ අයුරින් ජාන සාම්පල වලට මැල්වෙයාර් වැඩසටහන් ලියනලද ජාන දාම ඇතුලත් කොට එමගින් පර්යේෂණ, විශේෂයෙන්ම ඩී.එන්.ඒ ආධාරයෙන් අපරාධකරුවන්, ත්‍රස්තවාදීන්, ස්ත්‍රීදූෂකයින්, මිනීමරුවන් හඳුනාගන්නා ජාන විශ්ලේෂණ යන්ත්‍ර අඩපණ කිරීමට මෙන්ම එවැනි සාක්ෂි උසාවියක් මගින් පිලි නොගන්නා තත්වයට බාල කිරීම ආදී විවිධ ක්‍රියා සඳහා අනාගතයේදී මේ තාක්ෂණය යොදාගන්නට ඉඩ තිබෙනවා.


__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments