අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

AUTOMOBILE TECHNOLOGY : අලුත්ම මැස්ඩා එන්ජින් තාක්ෂණය හයිබ්‍රිඩ් වලටත් වඩා කාර්යක්ෂමයි?


























අද (අගෝ 8) ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වුනු පුවත්පත් සාකච්ඡාවකදී මැස්ඩා සමාගමේ සභාපති මාසාමිචි කොගායි, මැස්ඩා සමාගමේ අලුත්ම එන්ජින් තාක්ෂණය හඳුන්වා දුන්නා. Skyactiv X ලෙස නම් කොට ඇති මේ තාක්ෂණය, වසර ගණනාවක් ටොයෝටා, ජෙනරල් මෝටර්ස්, වොක්ස්වාගන් වැනි කාර් ලොවේ දැවැන්ත සමාගම් නිර්මාණය කරන්නට වෙහෙසුනු, එහෙත් සාර්ථකව බිහිකරගන්නට අපොහොසත්වුනු තාක්ෂණයක්.

මේ තාක්ෂණය, න්‍යායාත්මක අතින් ඉතාමත් සරලයි. එහි මූළධර්මය වන්නේ ඩීසල් එන්ජිමක මෙන් ස්පාර්ක් ප්ලග් භාවිතයක් නොමැතිව සම්පීඩනය මගින් පෙට්‍රෝල් එන්ජිම තුල දහනය කරගැනීමයි. එහෙත් ප්‍රායෝගිකව මෙම තාක්ෂණය පෙට්‍රෝල් එන්ජිමක යොදා ගැනීම ඉතාමත් අපහසු අතර වසර ගණනාවක් මෝටර් රථ ලොවේ දැවැන්තයින්ට පවා මේ තාක්ෂණය භාවිතාකොට ප්‍රායෝගිකව කාරයකට යෙදිය හැකි එන්ජිමක් තනාගත හැකිවූයේ නෑ.

තම සමාගම ස්පාර්ක් ප්ලග් රහිතව කොම්ප්‍රෙෂන් මාර්ගයෙන් පෙට්‍රෝල් දහනය කරන එන්ජිමක් සාර්ථකව නිපදවා ඇති බව අද මැස්ඩා සමාගම ලොවට හෙලිකලා. නූතන තාක්ෂණයට අනුව උපරිම කාර්යක්ෂමතාවයේ ඇති පෙට්‍රෝල් එන්ජින් වලටත් වඩා 30%ක කාර්යක්ෂමතාවයක් මෙම එන්ජින් වලින් ලැබෙන බව මැස්ඩා සමාගම පවසනවා.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments