අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Windows 8 RTM වාණිජ සංස්කරණය

මයික්‍රෝසොෆ්ට් සමාගම සිය අලුත්ම වින්ඩෝස් 8 සංස්කරණය පරිගණක නිශ්පාදනය සඳහා මුදාහැර ඇත. හෙවත් යනුවෙන් හැඳින්වෙන මෙම සංස්කරණය පාරිභෝගිකයින් වෙත නිකුත්කිරීම සඳහා සූදානම් කොට ඇති අවසන් සංස්කරණයයි. මේ වසර මුල් භාගයේදී consumer preview සංස්කරණය නිකුත්කල අතර වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය විශ්ලේෂණය සඳහා මෘදුකාංග විශේෂඥයින් හට ලබාදෙන ලදී. වින්ඩෝස් 8 සංස්කරණය මේ වසරේ ඔක්තෝම්බර් මස ලොවපුරා ගැණුම් කරුවන්හට මුදාහරින බව මයික්‍රෝසොෆ්ට් සමාගම පවසයි.

වින්ඩෝස් 8 සංස්කරණයේ වැදගත් ගුණාංග කිහිපයක් පහත විස්තරකර ඇත.

Start Screen of Windows 8

පැරණි වින්ඩෝස් සංස්කරණ හා සසඳන විට ආරම්භක තිරය (start screen) පැහැදිලි වෙනසක් පෙන්වයි. Tile based screen ලෙස හැඳින්වෙන මෙම ආරම්භක තිරය ජංගම දුරකථන සඳහා නිකුත්කල Windows Phone සංස්කරණයේ ආරම්භක පිටුවට සමානය.



පරිගණකය භාවිතාකරන්නාට වැදගත්වන තොරතුරු හා කුඩා මෘදුකාංග ගණනාවක් මෙම ආරම්භක තිරය මත දිස්වන අතර ඒවා නිරන්තරයෙන් යාවත්කාලීන වෙයි. ලැබී ඇති ඊමේල් පණිවුඩ, කාළගුණ අනාවැකි, දිනදර්ශණය වැනි තොරතුරු පෙන්වන කුඩා මෘදුකාංග (apps) මෙම තිරයේ ක්‍රියාත්මක වන අතර ඊට අමතරව නිතරම භාවිතාවන බ්‍රව්සරය, පරිගණක ක්‍රීඩා, ඡායාරූප ගොනුව වැනි ෆෝල්ඩර් කිහිපයක්ද භාවිතාකරන්නාගේ පහසුව සඳහා තිරයේ දක්වා ඇත.

Bing Interface

මයික්‍රෝසොෆ්ට් සමාගම ජනප්‍රිය කරවීමට බලවත් උත්සාහයක් ගන්නා බින්ග් සෙවුම් යන්ත්‍රයද අලුත්ම මාදිලියට හැඩගස්වා ඇති අතර ගූගල් සෙවුමකදී ලැබෙන ලයිස්තු ආකාරයේ සෙවුම් ප්‍රථිපල වෙනුවට ටයිල් ආකාරයට ප්‍රථිපල දර්ශණය කරයි. සෑම ටයිල් එකක්ම සෙවුම් ප්‍රථිපල සාරාංශයක් දක්වයි. කෙසේවෙතත් බින්ග් සෙවුම් යන්ත්‍රයේ මේ අලුත්ම මුහුණුවර ගූගල් සෙවුම් යන්ත්‍රයට අභියෝගයක් වේදැයි පැවසීමට තවම කල් වැඩිය.



People App

වින්ඩෝස් 8 සංස්කරණයේ වඩාත්ම කතාබහට ලක්වුනු මෘදුකාංගයක් වන්නේ "පීපල් ඇප්" නම් මෘදුකාංගයයි. පරිගණකය භාවිතා කරන්නාගේ විවිධ ඊමේල් ගිණුම්වල, ෆේස්බුක් පිටුවේ, ට්විටර් ගිණුමේ මෙන්ම අවුට්ලුක් ඊමේල් වැඩසටහනේ කන්ටැක්ට්ස් ලයිස්තුවේ සිටින සියලුම පුද්ගලයින්ගේ තොරතුරු, ඔවුන් එවන ලද ඊමේල්, ට්විටර් පණිවුඩ, ෆේස්බුක් යාවත්කාලකිරීම් වැනි සියල්ලම එකට කැටිකොට එක් පිටුවක දර්ශණය කරයි. මෙය පරිගණකය භාවිතාකරන්නාට ඊමේල් ගිණුම් කිහිපයක්, ෆේස්බුක්, ට්විටර් වැනි සේවා කිහිපයක් සමග එකවර සම්බන්ධවීමට පහසුකම් ලබාදෙන බැවින් බෙහෙවින් ජනප්‍රිය වනු ඇතැයි විශ්ලේෂකයින් පවසයි.



Personalize Start Screen with Windows Tattoos

වින්ඩෝස් 8, භාවිතාකරන්නන් හට සිය ආරම්භක පිටුව තමන්හට කැමති පරිදි සකස්කරගැනීම සඳහා වින්ඩොස් ටැටූස් නම් අංගයක් එකතුකොට ඇත. තමන් කැමති වර්ණ සංකළණයක් හා මෝස්තර ගණනාවකින් කැමති මෝස්තරයකට ආරම්භක පිටුව සකසාගැනීමට පහසුකම් ලබාදී ඇත.


Windows 8 Photos App

ඡායාරූප කළමණාකරණය හා විවිධ ස්ථානවල ඇති ඡායාරූප එකට කැටිකොට එකම ස්ථානයක දැක්වීම ෆොටෝ ඇප් මෘදුකාංගය මගින් සිදුකරයි. පරිගණක දෘඩ තැටියේ, ෆේස්බුක් ගිණුමේ, ෆ්ලිකර් ඡායාරූප ගිණුමේ මෙන්ම මයික්‍රෝසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් සේවාවේ ගබඩාවී ඇති ඡායාරූපවෙත එක් ස්ථානයකින් ප්‍රවේශවීමේ පහසුකම ෆෝටෝ ඇප් මෘදුකාංගය මගින් ලබාදෙයි.



Charm Bar  

වින්ඩෝස් 8 සංස්කරණය අලුතින්ම ඉදිරිපත්කරන ශ්‍රිතීයතාවකි (functionality) චාර්ම් බාර් ලෙස හඳුන්වන, පැරණි වින්ඩෝස් 7 හා XP සංස්කරණවල දක්නට තිබූ ටාස්ක් බාර් වලට පෙනුමින් සමාන උපාංගය. මයික්‍රෝසොෆ්ට් සමාගම පවසන ආකාරයට චාම් බාර් උපාංගය ටාස්ක් බාර් වලට සමාන වන්නේ පෙනුමින් පමණි. එහි ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් වෙනස්ය. තිරයේ දකුණු පසින් දිස්වෙන Charm Bar, වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය තුල දිවෙන ඕනෑම වැඩසටහනක් අතරතුරේ භාවිතයට ගත හැකිය.  මෙය භාවිතයෙන් Search, Share, Start, Devices, Settings  වැනි ක්‍රියාකාරකම් සිදුකල හැකිය.




Comments

Post a Comment