වර්ෂ 2154දී ලෝකය ගැන ඉඟිදෙන අලුත්ම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය Elysium


සුප්‍රසිද්ධ හොලිවුඩ් නලුනිලි යුවලක් වන මැට් ඩැමන් හා ජොඩී ෆොස්ටර් රඟන එලිසියම් ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය (science fiction thriller) පසුගිය අගෝස්තු 9වැනිදා උතුරු අමෙරිකානු රටවල් තුනක සිනමා ශාලාවලදී එලිදැක්විනි. District 9 විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය අධ්‍යක්ශණය කල නීල් බ්ලොම්කැම්ප් විසින් තිර රචනය හා අධ්‍යක්ශණය කරන ලද මෙම චිත්‍රපටය ලබන අගෝස්තු 21වැනිදා බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපා රටවල්වල එලිදැක්වීමට නියමිතව තිබේ.

Cast

Matt Damon as Max Da Costa
Jodie Foster as Secretary of Defense Delacourt
Sharlto Copley as Agent C.M. Kruger
Alice Braga as Frey Santiago
Diego Luna as Julio
Wagner Moura as Spider
William Fichtner as John Carlyle


"එලිසියම්" කතාවස්තුව....



වර්ශ 2154දී මනුශ්‍ය වර්ගයා කොටස් දෙකකට බෙදී සිටී. එනම් සුපිරි ධනවතුන් හා සාමාන්‍ය මිනිසුන් වශයෙනි.

සුපිරි ධනවතුන් ජීවත්වන්නේ පෘථිවිය මත නොව, අභ්‍යවකාශයේ ගොඩනගන ලද, පාරාදීසයක් වන්වූ, සියලු සැප-පහසුකමකින්ම යුතු "එලිසියම්" නම් දැවැන්ත අභ්‍යවකාශ මධ්‍යස්ථානයකය. නිර්ධන සාමාන්‍ය මිනිසුන් ඒ වනවිට යුධ කෝලාහල,අධික ජනගහනය, ස්වභාවික සම්පත් ක්ශයවීම හා පරිසර විනාශය නිසා මිහිපිට අපායක් බවට පත්ව ඇති පෘථිවිය මත අපමණ දුක්විඳිමින් කල් ගෙවති.

සුපිරි ධනවතුන්ගේ කෙළිබිම වූ එලිසියම් අභ්‍යවකාශ පුරවරය
එලිසියම් පාරාදීසයේ ජීවත්වන ධනවතුන් සිය අතිසුඛෝපභෝජී ජීවන රටාව රැකගැනීම සඳහා එලිසියම් පුරවරය වෙත කිසිදු දුගී පෘථිවි වාසියෙකුට ඇතුලුවන්නට ඉඩ නොදේ. මේ සඳහා එලිසියම් ධනවතුන් ඔවුන්ගේම ජනාධිපතිවරයෙකු හා ආරක්ශක ලේකම්වරයෙකු පත්කොට ගෙන සිටී. ජෙසිකා ඩිලැකෝට් (ජොඩී ෆොස්ටර්) නම් මෙම ආරක්ශක ලේකම්වරිය එලිසියම් අභ්‍යවකාශ ජනපදය වෙත හොරෙන් ඇතුලුවීමට තැත්කරන නීතිවිරෝධී සංක්‍රමණිකයින් විනාශ කිරීම සඳහා කෲගර්  නම් ම්ලේච්ඡ දකුණු අප්‍රිකානු කුලීහේවායෙකුගේ නායකත්වයෙන් යුතු, අතිනවීන අවිආයුධ වලින් සන්නද්ධ හමුදාවක් සකස්කොට ඇති අතර කුඩා අභ්‍යවකාශ යානා වල නැගී එලිසියම් වෙත පැනගන්නට උත්සහ කරන පෘථිවි සංක්‍රමණිකයින් දුටු තැන විනාශ කිරීමට ආරක්ශක ලේකම් ඩිලැකෝර්ට් කෲගර් වෙත උපදෙස් දී ඇත.

එලිසියම් ජනාධිපතිවරයා ආරක්ශක ලේකම් ඩිලැකෝර්ගේ දරුණු පිලිවෙත් වලට විරෝධය දක්වන අතර ඩිලැකෝර්ට්, ජනාධිපතිවරයා බලයෙන් පහකොට තමන්ට ජනාධිපතිවරිය වියහැකි ලෙස රහස් කුමණ්ත්‍රණයක් දියත්කරයි. මේ සඳහා කෲගර් හා ඔහුගේ කුලී හමුදාවේ සහයද, එලිසියම් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කල "ආර්මඩයින්" නම් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජෝන් කාලයිල්ගේ සහයද ලබාගැනීමට ඇය බලාපොරොත්තුවේ.

එලිසියම් කුලී හමුදාවේ නායක කෲගර්..
එලිසියම් පාරාදීසයේ බල අරගලය මෙසේ ඇවිලෙද්දී.....

මැක්ස් (මැට් ඩැමන්) විනාශවී ගිය ලොස් ඇන්ජලීස් අපසුවෙන් නුවර දිවි ගැටගසාගන්නා තරුණයෙකි. කලක් නීතිවිරෝධී කටයුතුවල නියැලී සිරගතව සිටි ඔහු දැන් නිදහස් මිනිසෙකු ලෙස ජීවත්වන්නට උත්සහ කරයි. "ආර්මඩයින්" සමාගමේ කර්මාන්තශාලාවක සේවය කරන මැක්ස් ෆ්‍රේ නම් හෙදියක හා මිතුරුව සිටී. කිසිදු පහසුකමක් හෝ බෙහෙත් හේත් නොමැති කුඩා රෝහලක සේවය කරන ෆ්‍රේ ගේ දියණිය මැටිල්ඩා ලියුකේමියා රෝගයෙන් පිඩාවිඳින අතර බෙහෙත් හෝ පහසුකම් නොමැති නිසා ඇයගේ රෝගය උත්සන්න වෙමින් පවතී.

මේ අතර මැක්ස් සේවය කරන කර්මාණ්තශාලාවේ විකිරණ කාන්දුවකින් ඔහු දරුණු ලෙස විකිරණ වලට අනාවරණය වන අතර මැක්ස් හා විකිරණ වලට අනාවරණය වූ අනෙකුත් සේවකයින් ඉදිරි සතිය තුල මියයන බව දැනගන්නා ආර්මඩයින්න් ප්‍රධාන විධායක ජෝන් කාලයිල් ඔවුනට වන්දි හා ප්‍රතිකාර ලබාදෙනවා වෙනුවට සේවයෙන් පහකොට දමයි.

එලිසියම් කොළණිය සුපිරි ධනවතුන්හට අති නවීන වෛද්‍ය පහසුකම් ඇති බව දන්නා මැක්ස් කෙසේ හෝ එලිසියම් වෙත පැන ගැනීමට ස්පයිඩර් නම් මිනිස් ජාවාරම්කරුවා හමුවෙයි. මැක්ස් හට උපකාර කිරීමට එකඟවන ස්පයිඩර් ඒ වෙනුවට ආර්මඩයින් ප්‍රධාන විධායක ජෝන් කාලයිල් සතුව ඇති වැදගත් තොරතුරු වගයක් තමාට ලබාදිය යුතු බව මැක්ස් හට දැනුම්දෙයි. මෙම තොරතුරු ජෝන් කාලයිල්ගේ හිස්කබළ තුල සඟවා ඇති පරිගණක චිපයක් තුල අඩංගු බව දන්නා ස්පයිඩර් එම දත්ත උකගාගත හැකි ඉලෙක්ට්‍රොනික උපකරණයක් මැක්ස් හට ලබාදෙයි.


එමපණක් නොව දැඩි ලෙස විකිරණවලට අනාවරණය වීම නිසා වේගයෙන් ක්ශයවෙමින් යන මැක්ස්ගේ ශරීර ශක්තිය වැඩි කොට ගැනීම සඳහා ස්පයිඩර් ඔහුට එක්සො-ස්කෙලිටන් නම්වූ, සිරුරට සවිවන කෘතිම පිටසැකිල්ලක්ද ලබාදෙයි.

ඔවුන්ගේ සැලැස්ම වන්නේ ජෝන් කාලයිල් පෘථිවියේ සිට එලිසියම් වෙත ගමන්කරමින් සිටිනා අවස්ථාවක ඔහුගේ අභ්‍යවකාශ යානයට පහරදී කාලයිල් ප්‍රාණ ඇපයට ගැනීමයි. ප්‍රහාරය සාර්ථක වුවත් එම තොරතුරු වහා දැනගන්නා ආරක්ශක ලේකම් ඩිලැකෝර්ට්, කෲගර් හා ඔහුගේ කුලී හමුදාව යොදවා මැක්ස් ඇතුලු පිරිසට පහරදෙයි....




Comments