අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ජාන පර්යේෂණ ආධාරයෙන් මහා භාරත ජනයා කුළබේධය ඇති කරගත් වකවානුව හෙලිවේ!!


කුළ අනුව මිනිසුන් වර්ග කිරීම ලොව පුරා බොහෝ ආදි ජනවර්ග අතර පැතිරි තිබුණත් (උදා: පැරණි ඊජිප්තු සිශ්ඨාචාර යුගයේදී ඊජිප්තු ජනසමාජය කුළ අනුව බෙදී තිබුණි) කුළබේධයේ තෝතැන්න ලෙස සැළකෙන්නේ පෞරාණික ඉන්දියාවයි. මෙම කුළ බේධය ඉන්දියානු ජන සමාජය තුලට කොතරම් කා වැදී ඇතිද යත් අද පවා ඉන්දියාවේ බෝහෝ කුළයන් වෙනත් කුළයන් හා ආවාහ විවාහ කර නොගන්නා අතර එසේ සිදුකරන තරුණ තරුණියන් සිය කුළයෙන් පලවා හරී.

American Journal of Human Genetics නම් ශාස්ත්‍රීය විද්‍යා සංග්‍රහයේ පළවුනු පර්යේශණ නිබන්ධනයකට අනුව භාරත ජනයා මෙලෙස කුළ අනුව බෙදුනු වකවානුව ආසන්න වශයෙන් මීට වසර 2000කට පෙර බව නිගමය කොට ඇත. නූතන ඉන්දියානු ජනවර්ග ගණනාවකින් ලබාගන්නා ලද ලේ සාම්පල ඇසුරින් කරන ලද ජාන හඳුනාගැනීමකට අනුව මීට වසර 4500කට පමණ පෙර සිටම භාරත ජනයා අතර සීම බන්ධන වලට යටත් නොවූ ආවාහ විවාහ සිදුවී ඇති බවත්, ඒ අනුව විවිධ ඉන්දියානු ජනවරග වල විශාල සම්මිශ්‍රණයක් එකල දක්නට ලැබුණු බවත් අනාවරණය වී ඇත. වසර 2500ක් පමණ කාළයක් මෙම සම්මිශ්‍රණය අඛන්ඩව සිදුවී ඇති අතර, මීට වසර 2000කට පමණ පෙර සිට මේ සම්මිශ්‍රණයන් එක්වරම නැවැතුනු බව නූතන ඉන්දියානුවන්ගේ ජාන සාක්ශි දරයි.

මෙලෙස ජාන සම්මිශ්‍රණය නැවතීමට හේතුව වසර 2000කට පමණ පෙර සිට කුළ අනුව බෙදී කුළ හා ජනවර්ග අතර ආවාහ විවාහ සිදු නොවීමයි.

වසර 3500කට පෙර උතුරු ඉන්දියානු භාශවක් වුනු සංස්කෘත භාශාවෙන් ලියැවුනු  සෘග් වේදයේ එන කාව්‍යවල ඇති සමඝර රණකාමීන්ගේ හා ඉහල නිළතල දැරූවන්ගේ නම් දකුණු ඉන්දියානු සම්භවයක් ඇති නාමයන් ලෙස භාශා හා සංස්කෘතීන් පිලිබඳ විශේෂඥයින් හඳුනාගෙන ඇත. එනම් උතුරු ඉන්දියානු රාජ සභාවල් උසස් නිළයන් හා හමුදාවේ ඉහල තනතුරු දකුණු ඉන්දියානු සම්භවයක් ඇතිවලුන් හොබවා ඇත.

මේ අනුව ඉන්දියානු සමාජය සෘග් වේදය ලියැවුනු කාළයේදී, එනම් මීට වසර 3500කට පෙර වකවානුවේ උතුරු ඉන්දියානුවන් හා දකුණු ඉන්දියානුවන් එකිනෙකා කෙරෙහි ඉමහත් ගෞරවයෙන් සිටින්නට ඇතැයි සැළකේ. ඒ අනුව රාජ සභාවල හා හමුදාවල ඉහල තනතුරු දකුණු ඉන්දියානුවන් හට පිරිනමන්නට ඇති බවත්, උතුරු දකුණු  හා කුළ බේදවලින් තොර ආවාහ විවාහ සිදුවන්නට ඇති බවත් සිතිය හැකිය.

අද ඉන්දියාවේ තත්වය මීට සපුරා වෙනස්ය. කලක් උතුරු ඉන්දියාවේ ජීවත් වුනු මා මෙය හොඳින් අත්දැක ඇත. උතුරු ඉන්දියානුවන් සමස්තයක් ලෙස දකුණු ඉන්දියානුවන් එතරම් පිලිගැනීමකට බඳුන් කරන්නේ නැති අතර දකුණු ඉන්දියානුවන්ද උතුරු ඉන්දියානුවන් එතරම් මායිම් නොකරති.

පර්යේෂකයින්ට අනුව මීට වසර 2000කට පමණ පෙර ඉන්දියානු සමාජය ඉතා දැඩි ලෙස කුළ අනුව වර්ගවී ඉහල කුළ පහලින් ඇතැයි සැළකූ කුළ පිලිකෙව් කරන තරමට බෙදී වෙන්වී ගොස් ඇති අතර එසේ සිදුවන්නට ඇත්තේ කුමන ආර්ථික,සාමාජීය හේතුන් මතද යන්න අපැහැදිලි බව පවසයි.

Source : http://www.livescience.com/38751-genetic-study-reveals-caste-system-origins.html

Comments