අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

නූතන මානවයා ආයුධ තනන්නට උගත්තේ නියැන්ඩර්තාල් මානවයින්ගෙන්ද?


ඔවුන් වසර 40,000ක් තරම් මෑත අතීතය වනතෙක්ම නූතන මානවයින් සමග සමකාලීනව ජීවත්වී ඉක්මණින්  අතුරුදහන්වී මිනිස් ඉතිහාසයෙන් සමුගෙන ගියෝය. යුරෝපයේ සිට මැදපෙරදිග ඇතුලුව ඈත බටහිර ආසියාව දක්වාම පැතිර සිටි මොවුන් ඉතා ඉක්මණින් වඳවීයාම නූතන මිනිසා අප්‍රිකා මහද්වීපයෙන් ඔබ්බට පැතිරීයාමත් සමගම එනම් මීට වසර 40,000කට පෙර ආරම්භවූ බැවින් නියැන්ඩර්තාලුන්ගේ වඳවීයාමට නූතන මිනිසා ආහාර පිණිස දඩයම් සඳහා දුන් තරඟය හේතුවන්නට ඇතැයි මතවාදයක් බොහෝකල් පැවතිනි. 

නූතන මිනිසා නියැන්ඩර්තාලුන්ට වඩා ඥාණවන්තවීම, වඩා හොඳ ආයුධ නිපදවා ගැනීම, වඩා සමාජශීලීව, සාමූහිකව දඩයම් කිරීම වැනි කරුණු නිසා නූතන මිනිසා අප්‍රිකාවෙන් පිටත් වී පැමිණි සෑම තැනකින්ම නියැන්ඩර්තාලුන් අභාවයට ගිය බව විශ්වාස කෙරුනි.

බොහෝකලක් මානව විද්‍යාඥයින් අතර පිලිගැනීමට බඳුන්වී තිබූ මේ මතවාදය බිඳහෙලීමට යෙදෙන කරුණු දැන් අනාවරණය කරගනිමින් පවතී. නූතන ජාන තාක්ශණය මගින් මිනිස් ජාන සම්පූර්ණයෙන්ම විශ්ලේෂණයට බඳුන්කොට විද්‍යාත්මකව අධ්‍යයනය කොට ඇති නිසා මේ අලුත් තොරතුරු කරලියට එමින් පවතී.

මින් එක් තොරතුරක් නම් නූතන මිනිස් ජාන වලින් 4%ක පමණ ප්‍රමාණයක නියැන්ඩර්තාල් ජාන අඩංගු බවත්, එම ජාන නිසැකයෙන්ම නියැන්ඩර්තාලුන් හා නූතන මානවයින් අතර සිදුවූ අන්තර්-ගෝත්‍ර ලිංගික සබඳතා නිසා බිහිවුනු දාරකයින් එම නියැන්ඩර්/නූතන මානව දෙවර්ගයේම ජාන ඇතිව බිහිවීම නිසා බවත් තහවුරුවී තිබේ.

ඒ අනුව, නූතන මිනිසා නියැන්ඩර්තාලුන්ගේ හතුරන් වූවට වඩා අන්‍යෝන්‍ය සබඳතා මේ මානව ගෝත්‍ර දෙක අතර තිබී ඇත. නූතන මිනිසාගේ ව්‍යාප්තියත් සමග නියැන්ඩර්වරුන් හෙමිහිට අභාවයට යන්නේ කෙසේද යන්න මෙම අලුත් දත්ත වලින් පැහැදිලි නොවූවත්, නියැන්ඩර්වරුන්ගේ විනාශය ගෙනවේ නූතන මානවයාය යන අපවාදයෙන් ගැලවීමට මෙම ජාන දත්ත ප්‍රමාණවත්ය.


එමෙන්ම නියැන්ඩර් වරුන්ගේ ආයුධ හා නූතන මානව ආයුධ පිලිබඳව පර්යේෂණ කරන විද්‍යාඥයින් තවත් අපූරු සොයාගැනීමක් සිදුකොට තිබේ. එනම් නියැන්ඩර් වරුන් පදිංචිව සිටි ප්‍රදේශයකින් සොයාගත් ආයුධ වලට හැම අතින්ම සමාන ආයුධ එම ප්‍රදේශයේම පදිංචියට ආ නූතන මානවයින්ද නිමවා තිබීමයි. එම ප්‍රදේශයේ නියැන්ඩර්වරුන්ට පෙර නූතන මානවයින් නොසිටි නිසාත්, මානවයින් පැමිනියේ එම ප්‍රදේශයේ නියැන්ඩර්වරුන් ස්ථාවර ජනාවාස පිහිටුවාගෙන වසර දහස්ගණනකට පසුව බැවිනුත්, නියැන්ඩර් වරුන්, මානවයින්ගෙන් මෙම ආයුධ ලබාගත්තා හෝ තනන්නට ඉගනගත්ත යන තර්කය වලංගු නොවේ. දැනට විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට මෙලෙස නියැන්ඩර් වරුන්ගෙන පසුව ආ මානවයින්ද නියැන්ඩර් වරුන් තැනූ ආයුධ වලට සමාන ඒවා තනනට ඇත්තේ නියැන්ඩර්වරුන් ගෙන් එම ආයුධ තනන ආකාරය ඉගෙන ගත්  බැවිනි. එනම් නූතන මානවයාගේ ගුරුවරුන් ලෙස මෙන්ම සහකරු/සහකාරියන් ලෙසත් නි‍යැන්ඩර්වරු කටයුතුකොට තිබේ..

Comments