අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ගැබිණි මවකගේ නූපන් දරුවා දැකගැනීමේ හැකියාව ඩොල්ෆින් මසුන් සතුයි?


ඩොල්ෆින් මසුන් සතුව ඇතැයි සැළකෙන අපූර්ව හැකියාවක් පිලිබඳ විවාදයක් විද්‍යාඥයින් අතර හටගෙන තිබෙනවා. ඒ ඩොල්ෆින් මසුන් හට මුහුදේ පිහිණමින් සිටිනා ගැබිණියකගේ කුසතුල සිටිනා ළදරුවාගේ රුව දැකගැනීමේ හැකියාවක් ඇතිදයි යන්න පිලිබඳවයි. ගැබිණි සායනයකට යන මවකට වෛද්‍යවරයා භාවිතාකරන "සොනොග්‍රෑම්" උපකරණය ආධාරයෙන් සිය නූපන් දරුවාගේ රුව දැකබලාගත හැකිය. සොනෝගෑම් උපකරණය මේ හපන්කම සිදුකරන්නේ අධි-සංඛයාත ශබ්ද තරංග ආධාරයෙනි. මෙම තරංග නිකුත්කරන කොටස මවගේ ගර්භාශයේ ස්පර්ශකිරීමෙන් එම තරංග දරුගැබේ ගැටී ආපසු පරාවර්තනය වන ආකාරය මගින් සොනොග්‍රෑම් උපකරණය කළලයේ චිත්‍රයක් නිපදවනවා. 

ඩොල්ෆින් මත්සයින්ද (මත්සයින් යයි කීවද ඩොල්ෆිනුන් ක්ශීරපායි සතුන් කොටසකී) බොරවූ හෝ ආලෝකය අඩු ජලයේ සිය ගමන් මාර්ගයේ ඇති බාධක සොයාගන්නේද, ආහාරය සඳහා සුදුසු සතුන් සොයාගන්නේද අධි සංඛ්‍යාත ශබ්ද තරංග නිකුත්කොට ඒවා ආපසු පරාවර්තයන වන ආකාරයෙන් අවට පරිසරය පිලිබඳව චිත්‍රයක් මවාගනිමිනි. එමෙන්ම සංකීර්ණ පණිවුඩ හුවමාරු ක්‍රමයක් නිර්මාණය කොටගෙන සිටිනා ඩොල්ෆිනුන් සිය සගයින් සමග පණිවුඩ හුවමාරු කරගන්නේද අධි සංඛ්‍යාත ශබ්ද තරංග ආධාරයෙන් සිදුකරන "කතාබහ" මගිනි. 

ඒ අනුව ගර්භිණී කාන්තාව ජලයේ පිහිණන විට අයගේ දරුගැබ වෙත ශබ්ද තරංග නිකුත්කොට ඇයගේ කුසතුල වැඩෙනා කළලයේ ස්වරූපය දැකබලා ගැනීමට ඩොල්ෆිනුන්ට හැකියාව ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් ඔවුන් දකින එම චිත්‍රය නූපන් මනුශ්‍ය දරුවෙකුගේ රුවක් ලෙස ඔවුන් වටහා ගන්නේද යන්න විවාදාත්මක කරුණකි. කෙසේවෙතත් ඩොල්ෆිනුන් අතිශයින්ම බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් බව වසර ගණනාවක් ඩොල්ෆිනුන්ගේ බුද්ධිය පිලිබඳව පර්යේෂණ පවත්වන ඇට්ලැන්ටා නුවර එමරි විශ්වවිද්‍යාලයේ ස්නායු-විද්‍යාඥ ලෝරී මැරීනෝ පවසනවා. ඔවුනට නූපන් බිළිඳෙකුගේ කළලයේ ස්වරූපය දැක ගැනීමට මෙන්ම එම කළලයේ හෘද ස්පන්ධනයට සවන්දීමේ හැකියාව ඇතැයිද ඇය පවසනවා.


එපමණක් නොව ඩොල්ෆිනුන් තමන් සමග කාන්තාවන් හා පුරුශයින් රැසක් පිහිනද්දී ඔවුන් අතරින් ගැබිනි කාන්තාවන්ට විශේෂ උනන්දුවක් දක්වන බව නිරීක්ශණය වී ඇති බව වාතාවෙනවා. ගැබිණි කාන්තාවන් අසලට පිහිනා එන ඔවුන් විශේෂිත ආකාරයකින් ශබ්ද කිරීමට පටන් ගන්නා බවත් එම ශබ්ද ඩොල්ෆිනුන් වෙනත් ඩොල්ෆිනුන් හා පණිවුඩ හුවමාරු කිරීමේදී නිකුත් කරන ශබ්ද වලට සමාන පවත් පැවසෙනවා. සමහර විට මෙම හැසිරීම, මේ බුද්ධිමත් ජීවීන් මවගේ කුස තුල සිටිනා කළලය හා පණිවුඩ හුවමාරු කරගැනීමට ගන්නා උත්සහයක් වන්නටද පුලුවන්


Comments