අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ලොව පළමු කෘති‍්‍රම හරක් මස් රස අත්හදා බැලේ


ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ.   ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත‍්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.

මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි.  එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි.

මෙලෙස කෘතිම ලෙස පටක ආධාරයෙන් වගා කරන ගව මාංශ ආහාරයට ගත හැකි ආකාරයට මෝරා ඒම සඳහා මාස තුනක කාළයක් ගතවූ බව පවසන විද්‍යාඥ මාක් පෝස්ට්, ඉදිරි දශකය තුල මෙලස කෘත්‍රිම ලෙස වගාකරන මස් සුපිරි වෙළඳසැල් තුල විකිණීමට තිබීමේ හැකියාව ඉතා ඉහල බව පවසයි.


ගූගල් ආයතනයේ සම නිර්මාතෘ හා වත්මන් ප‍්‍රධාන විධායක නිලධාරියා වන සර්ජි බි‍්‍රන් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර අවුන්ස 5ක බර්ගරය සඳහා වැයවූ මුදල ඩොලර් 332000ක් පමණ වන බව පැවසේ.
ෆෝබ්ස් ආයතනය පවසන ආකාරයට සර්ජි බි‍්‍රන් සතු වත්කම් ඩොලර් බිලියන 22.8ක් වන අතර ඔහු ස්වයංක‍්‍රීය මෝටර් රථ සහ පුද්ගලික අභ්‍යවකාශ යානා ආදී ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස සැලකේ.
මෙලෙස මාංශ ආහාර නිෂ්පාදනය අනවශ්‍ය යයි සිතිය හැකි වුවත් දැනට මාංශ නිෂ්පාදනය සිදුකරන ආකාරය පරිසර හිතකාමී හෝ සත්ව හිතකාමී නොවන බව මාක් පෝස්ට් පවසා ඇත.

සත්ව පාලනය ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 18% සඳහා වගකියන අතර අයිස් රහිත භූමි ප‍්‍රමාණයෙන් 30%ක් භාවිතා කරන බව පැවසේ.  මේ අතර ඉදිරි වසර 40 තුළ ලෝක ජනගහනය බිලියන 2.5කින් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා ධාන්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට සිදුවනු ඇතැයි මිනෙසොටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු හගවා ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි.




Comments

  1. අනේ වාසනාවන්. සත්තු ටික නිදහස්

    ReplyDelete

Post a Comment