අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

නවසීලන්ත කිරි තවත් අර්බුධයක : චීනයට යැවූ කිරි සංඝටක තොගයක ඉහල නයිට්‍රේට ප්‍රතිශතයක්!




මේ අර්බුදයට පැටලී ඇත්තේ කුප්‍රකට ෆොන්ටෙරා සමාගම නොව "වෙස්ට්ලන්ඩ් මිල්ක් ප්‍රඩක්ට්ස්" නම්  නිශ්පාදකයෙකි. වෙස්ට්ලන්ඩ් සමාගම චීනය වෙත යැවූ ලක්ටෝෆෙරින් අඩංගු කිරිපිටි වල නයිට්‍රටේ ප්‍රමාණය 15 ගුණයක් දක්වා වැඩි බව සොයා ගැනීමත් සමග ඒවා බෙදා හැරීම වහාම නතර කර ඇත.

කිරි වල අඩංගු උපරිම නයිට්‍රටේ ප්‍රමාණය 150ppm වුවද සාම්පල වල 2198ppm දක්වා අඩංගු වූ බව තහවුරු වී ඇත. මෙම ලක්ටෝෆෙරින් ප්‍රෝටීනය අඩංගු කිරිපිටි ළදරුවන්ට විශේෂයෙන් ගුණදායි ලෙස පෙන්වමින් අලෙවි කරයි. තවද යෝගර්ට් නිෂ්පාදනයටද යොදා ගනී.නවසීලන්ත කිරි නිෂ්පාදනය මුහුණ දෙන අලුත්ම ප්‍රශ්නය පිළිබද මීට සුළු වෙලාවකට පෙර එරට Radio New Zealand ගුවන් විදුලියද විකාශය කර තිබුණි.

සමාගම පවසන ආකාරයට කිලෝ 390ක්වූ තොග දෙකක මෙම ඉහල නයිට්‍රේට් ප්‍රතිශතය අඩංගුවූ බවත්, ඒ පිලිබඳව අදාල රේඛීය අමාත්‍යාංශය දැනුවත් කල බවත්ය.

අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට ලැක්ටොෆෙරින් යනු වෙනත් කිරි නිශ්පාදන සඳහා සුළුවෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයකි. එබැවින්, ලැක්ටොෆෙරින්වල නයිට්‍රේට ඉහල ප්‍රතිශතයක් අඩංගු වුවද, එය ඉතා සුළුවශයෙන් එකතුකරන බැවින් සෞඛ්‍ය හානියක් සිදුකල හැකි ප්‍රමාණය කිරි ආහාර තුලට ඇතුළු නොවන බව ඔවුන් පවසති.

Source : http://www.nzherald.co.nz/business/news/article.cfm?c_id=3&objectid=11110892

Comments