හෝමෝ සැපියන් බිහිවීමට අවුරුදු ලක්ෂ ගණනකට පෙර දියුණු මානවයින් සිටියාද?

 

දැනට ඇති විද්‍යාත්මක සාක්ෂි අනුව නූතන මානවයා (modern human) හෙවත් හෝමෝ සැපියන් සැපියන් බිහිවී අවුරුදු ලක්ෂයක් පමණ වෙනවා. ආදි හෝමෝ සැපියන් මානවයින් (archaic humans) වන නියැන්ඩර්තාල් මානවයා, ඩෙනිසෝවියන් මානවයාද හෝමෝ සැපියන් සැපියන්ට කලින් බිහිවී ඔවුන් හා සමාන්තරව ජීවත්වී දැන් වඳවී ගොස්ය. 

නූතන හෝමෝ සැපියන් හා නියැන්ඩර්තාල්වරුන් අතර ලිංගික සබඳතා තිබී ඇති අතර ඔවුන් බිහිකල දරුවන් එම නියැන්ඩර්තාල් ජාන ඉදිරියට රැගෙන ගියා. අදටත් ලොව විවිධ මනුෂ්‍යවර්ගවල ජාන පරීක්ෂාවේදී නියැන්ඩර්තාල් ජානවල ශේෂ හමුවෙනවා. නැගෙනහිර ආසියාවේ හා යුරෝපා වාසීන්ගේ ජානවලින් 2%-3% පමණ නියැන්ඩර්තාල් ජාන බව නූතන පර්යේෂණවලින් ඔප්පුවී තිබෙනවා.

පැරණිම ශිලා ආයුධ වසර මිලියන 3.5ක් පමණ වන අතර ඒවා ඔස්ට්‍රලෝපිතිකස් ආදි මානවරූපියා (hominin) විසින් නිර්මාණය කරගෙන තිබෙන බව අනුමාන කල හැකියි. ඒ අනුව ඔස්ට්‍රලෝපිතිකස් ශිලා ආයුධ තාක්ෂණය බිහිකරගත් පලමු ජීවියා ලෙස සැලකෙනවා. 

දැනට මානව පරිණාමය පිලිබඳව විද්‍යාඥයින් ගොඩනගාගෙන ඇති චිත්‍රය විටින් විට වෙනස් වෙමින් පැවතුනත්, එම වෙනස් කම් බොහොමයක්, ශිලා ආයුධ හා ගින්දර භාවිතය පටන්ගත් කාල වකවානු පිලිබඳ යම් යම් වෙනස් කම වලට සීමා වෙනවා. උදාහරණයක් ලෙස මෑතක් වන තුරුම පැරණිම ශිලා ආයුධ වසර මිලියන 2ක් පමණ පැරණි බවට විද්‍යාත්මකව පිලිගෙන තිබූ අතර ආයුධ නිර්මාණය මිලියන 3.5 තරම් ඈතකදී සිදුවූ බවට නිශ්චිත සාක්ෂි හමුවූයේ ඉතා මෑතකදී.

එහෙත් මෙම පිලිගත් විද්‍යාත්මක ආඛ්‍යානයට (scientific narrative) අනුගත නොවන, මානව තාක්ෂණය, විශේෂයෙන්ම නූතන මානවයාගේ බිහිවීම පිලිගත් කාළවකවානු වලට වඩා වසර මිලියන ගණනක් පැරණි බවට සාක්ෂි හමුවී තිබෙනවා

එහෙත් මෙම සාක්ෂි බොහෝවිට පුරාවිද්‍යා ගුරුකුළ විසින් පිලිගැනීම ප්‍රතික්ෂේප කරනවා. උදාහරණයක් ලෙස ඩයිනසෝරයින් මිහිපිට විසූ වසර මිලියන 50-60 පෙරද ආයුධ නිර්මාණයට තරම් මනස දියුණුවූ යම් ආකාරයක මානවයින් (හෝ වෙනත් දියුණු ජීවයක්) පෘථිවියේ සැරිසැරූ බවට යම් යම් ෆොසිල සාක්ෂි ලැබී තිබුනත් පුරාවිද්‍යා ගුරුකුළ ඒවා එක හෙලා ප්‍රතික්ෂේප කරන අතර එම සාක්ෂි ඇතුලත් පර්යේෂණ පත්‍රිකා, පිලිගත් විද්‍යාත්මක සඟරාවල පලකිරීම පවා ප්‍රතික්ෂේප වෙනවා. එවැනි සාක්ෂි පිලිබඳව කල්පිත ඉදිරිපත් කරන, වැඩිදුර පර්යේෂණ සඳහා කාළය වැය කරන පුරාවිද්‍යාඥයින්ට, ඔවුන් සේවයකල විශ්වවිද්‍යාවලින් සේවයෙන් ඉවත් කිරීම්, ඔවුන්ගේ මූල්‍ය ප්‍රතිපාදන කපාහැරීම් ආදිය පුරාවිද්‍යා පර්යේෂණ ලෝකයේ සුළභයි.

උතුරු ඇමරිකාවේ ආදි මානවයින් පිලිබඳ සාක්ෂි

නූතන වඳුරන්, වානරයින් උතුරු ඇමරිකාවේ නොසිටින අතර ආදි වානරයින් පිලිබඳව කිසිදු ෆොසිල සාක්ෂියක්ද උතුරු ඇමරිකාවෙන් මෙතෙක් හමුවී නෑ. ඇමරිකාවට පාතැබූ පලමුවෙනි මානවයින් මීට වසර 30,000කට පමණ පෙර අයිස් යුගයේදී, නැගෙනහිර ආසියාවේ බීරිං සමුද්‍ර සන්ධිය අයිස් වලින් වැසී තිබියදී එය හරහා ඇලස්කාවට පැමිණ ඉන්පසු උතුරු ඇමරිකාව පුරා විහිදී ගිය බව, ඇමරිකාවේ මානව ව්‍යාප්තිය පිලිබඳව දැනට පිලිගන්නා මතයයි.

ඒ අනුව ඇමරිකාවේ මානව ක්‍රියාකාරකම් පිලිබඳව සාක්ෂි උපරිම වසර 30,000කට වඩා පැරණි වීමේ ඉඩක්, දැනට ඇති විද්‍යාත්මක පිලිගැනීම තුල නෑ. එහෙත්, ඇමරිකාවේ විවිධ ස්ථානවලින් වසර ලක්ෂ 3 සිට ලක්ෂ 7 දක්වා පැරණි යයි දින වකවානු තහවුරු වී ඇති මානව කියාකාරකම් යැයි සැලකිය හැකි සාක්ෂි හමුවී තිබෙනවා.

අවුරුදු ලක්ෂ තුනක් පැරණි මැමත් ඇටකටුවල කැපුම් සාක්ෂි

ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඇන්සෝ බොරීරෝ කාන්තාරයේ කැණීමකින් හමුවූ මැමත් හස්තීන්ගේ ඇටකටුවල, නූතන මානවයින් නිර්මාණය කලා යැයි සැලකිය හැකි ගිණිගල් ආයුධයක් (flint tools) මගින් සිදුකලා යයි අනුමාන කෙරෙන කැපුම් සළකුණු හමුවී තිබෙනවා. එම සලකුණු පැරණි ගල් ආයුධයකින් නොව, තියුණු ගිණිගල් පතුරුවලින් තනාගත් නූතන ශිලා ආයුධයකින් සිදුවී ඇති බව විද්‍යාඥයින් විශ්වාස කරනවා.

Neolithic හෙවත් නූතන ශිලා යුගයේදී මිනිසු ගිණිගල් පතුරු හැඩගස්වා ඉතා තියුණු ආයුධ තනාගැනීමේ තාක්ෂණය බිහිකර ගත්තා. අලුත්ම පර්යේෂණවලට අනුව පැරණිම ගිණිගල් ආයුධ වසර මිලියන 2.6කට පෙර ඉතියෝපියාවේ  Bokol Dora 1 පුරාවිද්‍යා කැණීම් ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

වසර 30,000ක් පමණ වනතෙක් මානව ක්‍රියාකාරකම් පිලිබඳව කිසිදු සාක්ෂියක් නැති උතුරු ඇමරිකාවේ අවුරුදු ලක්ෂ තුනකට පෙර මැමත් හස්තීන් දඩයම් කරමින්, තියුණු ගිණිගල් ආයුධ වලින් ඔවුන්ගේ මස් කපා ඉවත් කලේ කුමන මානව වර්ගයක්ද?

අවුරුදු මිලියන 2කට පෙර ආයුධ භාවිතය පිලිබඳව ඉතාලියෙන් සාක්ෂි

මානවයින් අප්‍රිකාවේ බිහිවී යුරෝපයට සංක්‍රමණය වූ බව පිලිගත් මතයයි. ඒ අනුව මීට වසර මිලියන 2කට පමණ පෙර යුරෝපය ජනශූන්‍ය විය යුතු අතර ආදි මානවයින් අප්‍රිකාවට සිමාවී තිබුණා. 

එහෙත් ඉතාලියේ මෙන්ම ප්‍රංශයෙන් හමුවු වසර මිලියන 2-2.5 පමණ පැරණි බවට තහවුරුවූ සතුන්ගේ අස්ථිවල ගිණිගල් ආයුධ වැනි තියුණු ආයුධවලින් සිදුකල කැපුම් සළකුණු හමුවී තිබෙනවා. මෙවැනි අස්ථි එආශියක් හමුවී තිබුණත්, ඒවා කුමන මානව වර්ගක් විසින් සිදුකලාද යන්න තහවුරුවී නෑ.

අප දන්නා මානව ඉතිහාසයට අනුව, මීට වසර මිලියන 2කට පෙර යුරෝපයේ තියුණු ශිලා ආයුධ භාවිතාකල මානවයින් ජිවීවත් වී නෑ.

වසර මිලියන 5කට පෙර පැරණි ශිලා ආයුධ මගින් අස්ථි පලා ඇතුලත මිදුළු (bone marrow) ආහාරට ගත් යුරෝපීය මානවයා කවුද?

ග්‍රිසියේ පිකර්මි පෙදෙසෙන් හමුවූ වඳවීගිය අශ්ව වර්ගයක අස්ථිවල, ඒවා ආයුධවලින් තලා පලුකර එතුලවූ පෝශ්‍යදායි මිදුළු (bone marrow) උරාගත් යම් මානව ගෝත්‍රයක් ජීවත්ව සිට තිබෙනවා. මෙම අස්ථි ඉතා සූක්ෂම පරික්ෂාවන්ට බඳුන්කර, එම අස්ථි බිඳීම් ස්වභාවිකව අණතුරු වලින් හෝ උන්ව දඩයම් කල වෙනත් විලෝපීය සතුන් විසින් සිදුකල ඒවා නොව, මානවයින් විසින් හිතාමතා, ආයුධ භාවිතා කොට සිදුකල බවට තහවුරුකර ගෙන තිබෙනවා.

එමෙන්ම එම පෙදෙසින් හමුවූ තවත් අශ්ව හා මුව වර්ගවල හිස්කබල්වල උඩ හකු (upper jaw) උවමනාවෙන්ම ගලවා ඉවත්කල බවට සාක්ෂි හමුවී තිබෙනවා. එසේ උඩු හකු ගලවා ඉවත් කරන්නේ සත්වයාගේ මොළය ආහාරයට ගැනීමට බව විද්‍යාඥයින් පවසනවා. සතුන්ගේ මොළය මෙන්ම ඇට තුල ඇති මිදුළු පෝෂ්‍ය පධාර්තවලින් අනූන බව එම මානවයින් දැන සිටියා.

එහෙත් පිලිගත් පුරාවිද්‍යා ආඛ්‍යානවලට අනුව වසර මිලියන 5කට පෙර ආයුධ භාවිතාකල බුද්ධිමත්  මානවයින්, යුරෝපයේ සිටීමේ හැකියාවක් නෑ.

සිදුරු කරන ලද මිලියන 2ක් පැරණි මෝර දත්

මෝරුන්ගේ දත් ස්වභාවිකවම වැටෙන අතර ඒවා වෙනුවට අලුත් දත් මතුවෙනවා. ඒ අනුව මෝර දත් ආභරණ සඳහා භාවිතා කිරීම මුහුදු ආශ්‍රිත මානවයින් අනාදිමත් කාලයක සිට සිදුකර තිබෙනවා. අදටත් නවසිලන්තය හා පැසිෆි දූපත් ආශ්‍රිතව ජීවත්වන පැසිෆික් දූපත් ගෝත්‍ර (pacific islander tribes) මෝර දත්වලින් තනාගත් මාල පලඳිනවා.

එහෙත් බ්‍රිතාන්‍යයේ සිදුකල කැණීමකදී වසර මිලියන 2ක් පමණ පැරණි යයි තහවුරුවූ මෝර දත්වල, මාල සෑදීම සඳහා නූතන පැසිෆික් දූපත් වාසීන් සිදුරු කරන ආකාරයේම සිදුරු දැකිය හැකී මෝර දත් හමුවී තිබෙනවා.

එහෙත් මාල නිර්මාණයට තම් බුද්ධියක් හෝ ශරීරාලංකාරය වැනි සංකල්ප බිහිකරගෙන සිටි මානවයින් වසර මිලියන 2කට පෙර ජීවත්වුන බව බහුතරයක් පුරාවිද්‍යාඝ්නයින් පිලිගැනීමට මැලිවෙනවා.



ඇමරිකාවෙන් හමුවූ අවුරුදු 100,000ක් පැරණි හෝමෝ සැපියන් අස්ථි කොටස්

1899දී ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකුට මානව ගාත්‍රාවක අස්ථි කොටසක් හමුවුනා. දුම් රිය මාර්ගයක් තැනීම සඳහා පස් කැපීමේදී මෙය හමුවූ අතර වැඩිදුර පරීක්ෂාවේදී ඊට නුදුරින් හිස් කබලක් හා තවත් අස්ථි කොටස් කිහිපයක් හමුවුනා. 

පෙනුමෙන් හෝමෝ සැපියන් මානව අස්ථි බව නිරීක්ෂණය වූ නිසා මෑතකදී මියගිය පුද්ගලයෙකුගේ යයි මුලින් අනුමාන කෙරුනත්, ෆොසිලීකරණය වී තිබූ නිසාත්, එය හමුවූ පාංශු ස්ථර පැරණිවූ නිසාත් වැඩිදුර පර්යේෂණ පැවැත්වුනා.

අවසානයේ නිගමනය වුනේ මේ අස්ථි හමුවූ පාංශු ස්ථරය මධ්‍යතන ප්ලෙයිස්ටොසීන් යුගයට අයත් බවයි. කෙසේ වෙතත් එතරම් ඈත කාලයේ නූතන මානවයින් බිහිව නොතිබූ නිසාත් උතුරු ඇමරිකාවේ මානව ජනාවාස අවුරුදු 30,000 වඩා පැරණි නැති බවටවූ මතය නිසාත් වැඩිදුර පර්යේෂණ අතහැර දැමුනා.

එම සොයාගැනීමෙන් අවුරුදු 87කට පසු, එනම් 1987දී එම අස්ථි හමුවූ පාංශු ස්ථරය අඩුම ගණනේ අවුරුදු 100,000ක් පැරණි බවට තහවුරු වුනා. 

එහෙත් පුදුමයට කරුණ නම් දැනට ඇති විද්‍යාත්මක සාධක අනුව මීට අවුරුදු 100,000කට පෙර හෝමෝ සැපියන් මානවයා දක්ෂිණ අප්‍රිකාවේ බිහිවී යුරෝපය හරහා ආසියාවටත්, අවුරුදු 30,000ක් තරම් මෑතකදී උතුරු ඇමරිකාවට සංක්‍රමණය වූ බවයි. 

එසේ නම් අවුරුදු 100,000ක් පැරණි හෝමෝ සැපියන් අස්ථි ඇමරිකාවෙන් හමුවන්නේ කෙසේද?

Comments