අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

CHINA vs. TAIWAN : චීනයේ ගුවන්යානා ගෙනියන "ලියොනින්ග්" නෞකාව තායිවානය ආසන්නයේ යාත්‍රාකරන චන්ද්‍රිකා ඡායාරූප තායිවානය කළඹයි!

 

තායිවානය හා ජපානය ආසන්න මුහුදු කලාපවල සති දෙකක කාලයක් මෙහෙයුම් සිදුකරමින් ගැවසුන චීනයේ දැවැන්ත ලියොනින්ග් ගුවන්යානා ගෙනයන නෞකාව නිසා චීනය සතුරෙකු ලෙස දකින ජපානය හා තායිවානය සිය නාවුක හා ගුවන් හමුදා සූදානමින් තබාගෙන සිටිනවා.

යුධ රහසක් ලෙස රටවල් දෙකම ආරක්ෂාකරගෙන සිටි මෙම තොරතුර මුල්වරට මාධ්‍යවලට හෙලිකලේ Planet Labs නම් වාණිජ චන්ද්‍රිකා ඡායාරූප සේවයේ නවතම ඡායාරූප අධ්‍යයනය කල සිවිල් යුධ විශේෂඥයෙකු විසින්.

මෙම හෙලිදරව්වෙන් පසු ජේන්ස් ඩිෆෙන්ස් සඟරාවට ප්‍රකාශයක් සිදුකල ජපාන ආරක්ෂක ඇමති, මැයි 3 වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා ලියොනින්ග් නෞකාව ගුවන්යානා ගුවන්ගත කිරීම් හා ගොඩබැස්වීම් මෙහෙයුම් 100ක් පමණ සිදුකල බවත් ජපාන ඔත්තුබලන යානා, චන්ද්‍රිකා හා නිරීක්ෂණ නෞකා එම මෙහෙයුම් නිරීක්ෂණය කල බවත් පැවසූවා.




නෞකාවේ පරිවාර නෞකා ලෙස

  • 01 - Type 055 class cruiser/destroyer
  • 03 - Type 052D destroyers
  • 01 - Type 052C destroyer
  • 01 - Type 054A frigate
  • 01 - Type 901 replenishment ship

ක්‍රියාකොට තිබෙනවා.

2012 වසරේදී සේවයට එක්වූ ලියොනින්ග් ගුවන්යානා ගෙනයන නෞකාව ප්‍රහාරක යානා හා හෙලිකොප්ටර් 40ක් රැගෙන දින 45ක් ගැඹුරු මුහුදේ ක්‍රියාන්විත සිදුකල හැකි නෞකාවක්. මෙය චීනයේ පලමු ගුවන්යානා ගෙනයන නෞකාව වනවා.

එහි Shenyang J-15 ප්‍රහාරක ගුවන්යානා 26 හා හෙලිකොප්ටර් 14ක් ගෙන යා හැකියි. 1960 කාර්යමණ්ඩළයකින් යුතු මෙම නෞකාවේ ගුවන් කාර්යමණ්ඩළය 626ක් ලෙස දැක්වෙනවා.






Comments