අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TV SERIES: She-Hulk: Attorney at Law

 

ශී-හල්ක් මාවල් සිනමා-ටෙලි විශ්වයේ තවත් අලුත්ම හඳුන්වාදීමක්. ඩිස්නි+ ස්ට්‍රීමින් සේවාව හරහා විකාශයට නියමිත ශී-හල්ක් ටීවී සීරීස් එක 2022 අගෝස්තුවේ එලිදැක්වීමට නියමිතයි.

36 හැවිරිදි ටටියානා මැස්ලනී ජෙනිෆර් වෝල්ටර්ස්/ශී හල්ක් චරිතය නිරූපනය කරන අතර හල්ක් චරිතය රඟන මාර්ක් රෆලෝද මෙම කතාමාලාවේ විද්‍යාඥ බෲස් බැනර්/හල්ක් චරිතය නිරූපණය කරමින් දායක වනවා.

වෘත්තියෙන් නීතිඥවරියක් වන ජෙනිෆර් වෝල්ටර්ස් හදිසි අණතුරකට මුහුණ පාන අතර ඇයගේ ඥාති සොයුරෙකු වන බෲස් බැනර්/හල්ක් ඇයට හදිසි ශල්‍යකර්මයක් සඳහා ලේ ලබා දෙනවා. පූර්ණ සුවය ලබන ජෙනිෆර් බෲස් බැනර්ගේ රුධිරය ශරීරගත වීම නිසා කෝපවූවිට ශී හල්ක් බවට පරිවර්තනය වනවා.

ශී හල්ක් චරිතය ස්ටෑන් ලී හා ජෝන් බුසීමා නිර්මාණය කල අතර පලමු ශී හල්ක් චිත්‍රකතාව 1980දී එලිදැක්වෙනවා. ඇය ඇවෙන්ජර්ස් සුපර් හීරෝ කණ්ඩායම මෙන්ම ශීල්ඩ් ඒජන්සියද නියෝජනය කරනවා.

ශී හල්ක්: ඇටර්නි ඇට් ලෝ - ටීවී සීරීස් එකේ චරිත පෙලගැස්ම


ජෙනිෆර් වෝල්ටර්ස් / ශී හල්ක් - වෘත්තියෙන් නීතිඥවරියක් වන ඇවෙන්ජර්ස් සුපිරි වීරවරිය.

බෲස් බැනර් / හල්ක් - ජෙනිෆර් වෝල්ටර්ස්ගේ ඥාති සොයුරා. වෙඩි වැදීමක් නිසා බරපතල තුවාල ලබා සිටි ජෙනිෆර්ට් බෲස් බැනර් සිය ගැමා විකිරණීකරණයවූ රුධිරය ලබාදීම නිසා ඇයටද හල්ක් පරිවර්තන හැකියාව ලැබෙනවා.

එමිල් බ්ලොන්ස්කි / ඇබෝමිනේෂන් - ස්ටෑන් ලී නිර්මාණය කල තවත් සුපිරි බලයක් සහිත චරිතයක් වන ඇබෝමිනේෂන්, කලක් කේ.ජී.බී ඔත්තුසේවයේ ඒජන්තයෙකු වූ අතර පසුව බ්‍රිතාන්‍යයේ රාජකීය මැරීන් කොමාණ්ඩෝ බළකායට බැඳී සේවය කරනවා. 

කැප්ටන් ඇමරිකා හට සුපිරි බලය ලබාදෙන සුපර් සෝල්ජර් සීරම් (super soldier serum) එන්නත හා හල්ක් නිර්මාණයවූ ගැමා විකිරණ පර්යේෂණ වැරදී යාම නිසා එමිල් බ්ලොන්ස්කි ඇබෝමිනේෂන් නම් සුපිරි හැකියාවන් ඇති විරූපී මානවරූපියෙකු බවට පත්වෙනවා. හල්ක්, ඇබෝමිනේෂන්ගේ පරම සතුරා ලෙස සැලකෙනවා.

වොන්ග් - ඩොක්ටර් ස්ට්‍රේන්ජ් චිත්‍රපට හරහා මාවල් සිනමා විශ්වයට පිවිසි වොන්ග්, ශී හල්ක් කතාමාලාවේදී එම චරිතයටම පණපොවනවා.

මේරි මැක්ෆෙරන් / ටයිටෑනියා - උපතින්ම කුළෑටි යුවතියක් වන  මේරි මැක්ෆෙරන් පාසැලේදීත්, සේවා ස්ථානයේදී උසුළු විසුළු වලට බඳුන්වෙනවා. ඩොක්ටර් ඩූම් ඇයව ටයිටෑනියා බවට පත්කරන බව ඇයගේ origin story හෙවත් උප්පත්ති කතාවේ සඳහන් වෙනවා. ශී හල්ක්, ටයිටෑනියාගේ එදිරිවාදිනියක් ලෙස පෙනී සිටිනවා.

Comments