UFO/ EXTRA-TERRESTRIAL : හඳුනානොගත් පියාසර වස්තූන් පිටසක්වල ජීවීන් නිර්මාණය කල ඒවා විය හැකි බවට පෙන්ටගනය පලමු වතාවට පිලිගනී!!!!

 


2004 වසරේ සිට මේ දක්වා ඇමරිකනු ගුවන් හමුදා යානා / නාවික හමුදා යානා / රේඩාර් මධ්‍යස්ථාන හා යුධ නෞකා මගින් ඡායාරූප හා වීඩියෝ ගත කරන ලද මෙන්ම රේඩාර්, නයිට් විෂන් හා වෙනත් උපක්‍රම මගින් ග්‍රහණය කරගත් අත්භූත පියාසර වස්තූන් (Unidentified Areal Phenomena/Unidentified Flying Objects - UAE/UFO) දර්ශණය වීම් 400ක් පිලිබඳව පෙන්ටගනය විසින් ගැඹුරු විමර්ෂණයක් සිදුකර තිබෙනවා.

ඇමරිකන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙම අත්භූත පියාසර වස්තූන් පිලිබඳව පෙන්ටගනය සිදුකරන පරීක්ෂණ පිලිබඳව තොරතුරු තමන්ට ලබාදෙන ලෙස ඇමරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩළයේ බුද්ධි තොරතුරු පිලිබඳව කමිටුව (House Intelligence Committee) සිදුකල ඉල්ලීමට ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීමට, වසර 50කට පසු පලමු වතාවට පෙන්ටගනය තීරණය කලා. මෙම තොරතුරු තව දුරටත් රහසිගතව තබාගැනීමේ හැකියාවක් නැති බව ඇමරිකන් ආරක්ෂක හා බුද්ධි අංශවල නායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ පිලිබඳව උප-ලේකම් (Under Secretary of Defense for Intelligence and Security) රොනල්ඩ් මවුල්ට්‍රී හා නාවික හමුදා බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (Deputy Director of Naval Intelligence) ස්කොට් බ්‍රේ, ඇමරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩළයේ බුද්ධි තොරතුරු පිලිබඳව කමිටුව ඉදිරියේ 2004 සිට 2021 දක්වා පරික්ෂාවට බඳුන්කල අත්භූත පියාසර යානා පිලිබඳව ඇමරිකන් බුද්ධි අංශ සතු තොරතුරු ඉදිරිපත් කලා.




මෙහිදී ඉදිරිපත්වූ කරුණු සැකවින් මෙසේයි

1/ මෙම අත්භූත යානා කොහේ සිට පැමිණෙන්නේද?, කවුරුන් ඒවා එවන්නේද? කුමන් හේතුවක් නිසා ඒවා පැමිණෙන්නේද? යන්න තවමත් පැහැදිලි නැතිබව පෙන්ටගනය තහවුරු කලා.

2/ මෙම අත්භූත යානා හුදෙක් දෘෂ්‍ය මායා නොව, රේඩාර් වලට හසුවෙන, නයිට් විෂන් වැනි උපකරණ වලට ග්‍රහණය වන, යම් අවස්ථාවලදී රේඩියෝ සංඥා නිකුත් කරන භෞතික වස්තූන් බවද පෙන්ටගනය පවසනවා.

2a/ මෙවැනි අත්භූත පියාසර වස්තුන් ඇමරිකන් යුධ ගුවන්යානා වල නියමුවන්ට දර්ශණය වන අවස්ථාවලදී එම යානාවල රේඩාර්, ඉලෙක්ට්‍රොණික සංඥා ග්‍රහණය කරන සෙන්සර් පද්ධතිවලට, අධෝරක්ත සෙන්සර් වලට ග්‍රහණය වන බව නිරීක්ෂණය කර ඇති අතර යානාවල ඉලක්ක සොයාගන්නා පද්ධතිවලට (targeting systems and weapons lock systems) ඒවා හසුවන බවද නිරීක්ෂණය වී තිබෙනවා.

3/ එම අත්භූත පියාසර වස්තූන් පිටසක්වල දියුණු ශිෂ්ඨාචාරයක් හෝ කිහිපයක් මගින් පෘථිවියට එවන ගවේෂණ යානා විය හැකි බවත්, තමන් විවෘත මනසකින් ඒ අංශයෙන්ද පර්යේෂණ මෙහෙයවන බවත් පෙන්ටගන් හා බුද්ධි අංශ නායකයින් පවසා සිටියා.

4/ එම අත්භූත පියාසර වස්තූන් භෞතික නියම වලට අනුකූලව ක්‍රියාත්මක වන බව පෙනුනත්, යම් යම් අවස්ථාවලදී ගගන-විද්‍යා මූළධර්මවලට අනුගත නොවන ආකාරයේ හැසිරීම් පෙන්වනවා. උදාහරණයක් ලෙස, නිසලව සිට ක්ෂණිකව පැයට සැතපුම් දහස් ගණනක ත්වරණයක් පෙන්වීම, වේගයෙන් ගමන්කරමින් සිට, ක්ෂණයකින් නැවතිම්, ක්ෂණිකව ගමන් දිශාව වෙනස් කිරීම් ආදිය, ගගනවිද්‍යා මූලධර්ම වලට අනුකූලව පියාසර කරන යානාවකට සිදුකල නොහැකි බව ඔවුන් පෙන්වා දුන්නා.

5/ එමෙන්ම එම යානාවල ප්‍රචාලනය (propulsion) හෙවත් බලය යොදන එන්ජිමක් වැනි ක්‍රියාකාරකමක් හඳුනාගත නොහැකි බවත් ඔවුන් පවසනවා.

6/ ඒ අනුව මෙම යානා, අපට වටහාගත නොහැකි දියුණු තාක්ෂණයන් උපයෝගීකරගන්න බවට උපකල්පණය කල හැකි බව පෙන්ටගන් නිළධාරීන් මන්ත්‍රීවරුන් වෙත පවසා සිටියා.









Comments

  1. ලොකු පියවරක්. තව දුරටත් මහජනයේ ගෙන් වසන් නොකර ඉන්නවට වඩා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත, හැබැයි, ඇමරිකාව වගේ රටවල් ක්‍රියාත්මක වෙන විධිය බැලුවම, ඕක Public Relations වැඩක් වෙන්නත් බැරිනෑ. වෙනම, රහසිගතව හොයනවා ඇති. සමහර විට කියන්නෙ නැති වුනාට ඇත්ත දන්නවත් ඇති.

      සමහර වෙලාවට ඇත්ත කියන්න ඕනෙ පසුබිම හදලා, මිනිස්සුන්ගෙ මනස සූදානම් කරන්න ඔය වැඩේ කරනවද දන්නෙ නෑ.

      truth is stranger than fiction කියනවනෙ.

      Delete

Post a Comment