අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

The World’s Largest Tech Companies In 2022 | ලෝකයේ විශාලතම ටෙක් සමාගම් 2022

 


2022 වසර සඳහා ලෝකයේ විශාලතම ටෙක් සමාගම් ලයිස්තුව ෆෝබ්ස් ව්‍යාපාරික සඟරාව එලිදක්වා තිබෙනවා.

ඩොලර් බිලියන 378ක අලෙවි ආදායමක් හා ඩොලර් ට්‍රිලියන 2.6ක වෙළඳපොල වටිනාකමක් තිබෙන ඇපල් සමාගම ලොව විශාලතම ටෙක් සමාගම බවට පත්ව තිබෙනවා. දෙවැනි ස්ථානය ඩොලර් බිලියන 257ක ආදායමක් හා ඩොලර් ට්‍රිලියන 1.6ක වෙළඳපොල වටිනාකමක් ඇති ඇල්ෆබට් (ගූගල්) සමාගම පත්ව තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් තුන්වැනි තැන දිනාගෙන ඇති අතර කොරියාවේ සැම්සුන්ග් සමාගම 4වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.පස්වැනියට චීනයේ ටෙන්සෙන්ට් සමාගමත්, හයවැනියට මෙටා (ෆේස්බුක්) සමාගමත් සිටින අතර ඇමරිකාවේ ඉන්ටෙල් සමාගම සත්වැනි තැනට පත්ව තිබෙනවා.

ලොව විශාලතම චිප් නිෂ්පාදකයා වන තායිවානයේ TSMC සමාගම අටවැනි තැන සිටින අතර පරිගණක නෙට්වර්ක් සඳහා අවශ්‍ය හාර්ඩ්වෙයා හා සොෆ්ට්වෙයා නිර්මාණය කරන සිස්කෝ සමාගම නවවැනි තැන දිනාගෙන තිබෙනවා.කලක් ලොව විශාලතම පරිගණක සමාගම වූ අයි.බී.එම් සමාගම දසවැනි තැනට පත්ව තිබෙනවා.



Comments