අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

UKRAINE WAR : රුසියාව ලෝකයේ විශාලම මෝටාර් අවියෙන් යුක්‍රේනයේ මරියපොල් නගරයට පහරදෙයි.

 


ලෝකයේ විශාලම මෝටාර් විදිනය ලෙස සැලකෙන්නේ රුසියාවේ නිර්මාණය කල 2S4 Tyulpan 240mm අවියයි. 1972දී සක්‍රිය සේවයට එක්වූ මෙය අදටත් රුසියානු හමුදාව භාවිතා කරන අතර ටොන් 30ක ට්‍රැක් සහිත යුධ රථයකින් ප්‍රවාහණය කරනවා. එම රථය සතුව උණ්ඩ ඇතුලි කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් (self-loading system) ඇති අතර, එම උණ්ඩ මැගසින් ස්ථානගත කිරීම සඳහා කුඩා දොඹකරයක්ද තිබෙනවා. 


කිලෝග්‍රෑම් 130ක් බර (රාත්තල් 290) උණ්ඩ මෙන්ම කිලෝග්‍රෑම් 225 (රාත්තල් 500) බර උණ්ඩද මෙම මෝටාර් විදිනයෙන් විදිය හැකි අතර කිලෝමීටර් 10ක් පමණ ඈතකට විදිය හැකියි. එමෙන්ම මෙම අවියෙන්, ලේසර් කිරණ ආධාරයෙන් මග සොයාගන්නා (laser guided) මෝටාර් උණ්ඩ විශේෂයක්ද විදිය හැකියි. එමෙන්ම උණ්ඩයේ පරාසය වැඩි කිරීමට රොකර් ආධාරයෙන් ගමන් කරන (rocket assisted rounds) මෝටාර් උණ්ඩ විශේෂයක්ද භාවිතාකල හැකියි.


මරියපොල් නගරය 99%ක්ම රුසියන් හමුදා පාලනය කරන අතර තවමත් යුක්‍රේන හමුදා අල්ලාගෙන සිටින එකම ස්තානය මරියපොල් නගරයේ සුවිශාල ඇසොෆ් ස්ටීල් වානේ කර්මාන්තශාලා පරිශ්‍රයයි. එහි සිටින යුක්‍රේන හමුදා යටත් වීම ප්‍රතික්ශේප කර ඇති අතර, එය වටකොට නිරන්තර රොකට් හා මෝටාර් ප්‍රහාර එල්ලකරනවා.

ඇසොෆ් ස්ටීල් සංකීර්ණයෙන් මැස්සෙකුට හෝ ගැලවී යන්නට ඉඩ නොතබන ලෙස ජනාධිපති පුටින් රුසියානු හමුදාවලට නියෝග කල බව මීට පෙර බටහිර මාධ්‍ය වාර්තාකලා.

Comments