අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

CINEMA TALK: Operation Mincemeat (2022) චිත්‍රපටය සැබෑ සිදුවීමක් පිලිඹිබු කරනවාද?

 

දිග කතාවක් කෙටියෙන් කියනවානම්, ඔව්.......... ඔපරේෂන් මින්ස් මීට් චිත්‍රපටයේ දිගහැරෙන කතාමාලාව සම්පූර්ණයෙන්ම සත්‍ය වන අතර එහි දැක්වෙන පුද්ගල නාම හා ස්ථාන නාමද සැබෑ සිදුවීම හා ගැලපෙනවා.

ඔපරේෂන් මින්ස්මීට් මෙහෙයුම බිහිවන්නේ ට්‍රවුට් මෙමෝ ලෙසින් හැඳින්වෙන, ජර්මානුවන් රැවටීමේ ප්‍රයෝගකාරී මෙහෙයුම් පිලිබඳව අදහස් සහිතව සම්පාදනය කල ලියවිල්ලක්. එම ලියවිල්ල එවක බ්‍රිතාන්‍ය නාවික බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා වූ රියර් ඇඩ්මිරල් ජෝන් ගොඩ්ෆ්‍රි හා එවක ඔහුගේ පුද්ගලික සහයකයා ලෙස ක්‍රියාකල ලුතිනන් කමාන්ඩර් ඉයන් ෆ්ලෙමිං සම්පාදනය කර තිබෙනවා.

රියර් ඇඩ්මිරල් ගොඩ්ෆ්‍රිගේ නමින් එම ලියවිල්ල ඉහල නිළ්ධාරීන් වෙත යැවුනත්, එහි තිබූ බොහෝ රහස් මෙහෙයුම් අදහස් වල නිර්මාතෲ ලුතිනන් කමාන්ඩර් ඉයන් ෆ්ලෙමිං බව පිලිගැනීනවා.

නාවික බුද්ධි නිළධාරී ලුතිනන් කමාන්ඩර් ඉයන් ෆ්ලෙමිං යනු යුද්ධයෙන් පසු සුප්‍රකට MI6 Agent 007 හෙවත්  ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කල ඉයන් ෆ්ලෙමිං කතුවරයායි.

ඔපරේෂන් මින්ස්මීට් මෙහෙයුම කෙටියෙන් විස්තර කරනවා නම් එය deception operation එකක් හෙවත් රැවටීමේ මෙහෙයුමක්. බ්‍රිතාන්‍ය හමුදා ඔත්තු සේවය (MI6) හා අභ්‍යන්තර ආරක්ෂක ඔත්තු සේවය (MI5) හා රාජකීය නාවික හමුදාව ඒකාබද්ධව, එවක බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වරයාවූ වින්සන්ට් චර්චිල්ගේ සෘජු අනුමැතියෙන් ක්‍රියාත්මක කල මෙහෙයුමක්.


ඔපරේෂන් මින්ස්මීට් මෙහෙයුමේ අරමුණ වුනේ දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා ඇමරිකාව අයත් මිත්‍ර හමුදා සිය පලමු යුරෝපා ආක්‍රමණය 1943දී එවකට නට්සි ජර්මනිය හා ෆැසිස්ට් ඉතාලිය සතුව තිබූ සිසිලි දූපතෙන් ආරම්භ නොකර සාඩීනියා දූපත අල්ලා ගැනීම හා ග්‍රීසියට පහරදීම මගින් අරඹන බව හිට්ලර්ට ඒත්තු ගැන්වීමයි.

ඒ සඳහා, බ්‍රිතාන්‍ය ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් ආචිබෝල්ඩ් නයී සිය මිතුරෙකු හා එවක ඇල්ජීරියා-ටියුනීසියා ප්‍රදේශ භාරව සිටි බ්‍රිතාන්‍ය කමාන්ඩර්වරයාවූ ජෙනරල් හැරල්ඩ් ඇලෙක්සැන්ඩර් වෙත රාජකීය මැරීන් හමුදාවේ කපිතාන් විලියම් මාටින් නම් නිළධාරියෙකු අත යවන පුද්ගලික ලිපියක් භාවිතා කලා. 

කපිතාන් විලියම් මාටින් ප්‍රබන්ධමය චරිතයක් වූ අතර ඔහු දිය-යට යුධ මෙහෙයුම් (underwater operations expert) විශේෂඥයෙකු ලෙස හඳුන්වාදී තිබුණා. 

ඔපෙරේෂන් මින්ස්මීට් මෙහෙයුම් ක්‍රියාදාමයට අනුව, මෙම රහස් ලිපි රැගෙන යන කපිතාන් විලියම් මාටින්ගේ ගුවන්යානය ස්පාඤ්ඤ වෙරළ ආසන්නයේදී අණතුරකට ලක්වෙන අතර පැරිෂූට් ආධාරයෙන් යානයෙන් ඉවත්වෙන කපිතාන් විලියම් මාටින්ගේ පැරිෂූටය නිසිලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඔහු දියේ ගිලී මියගොස්, එම සිරුර ස්පාඤ්ඤ වෙරළට ගොඩගසා ඒ අනුව ඔහු ගෙන යන ලියකියවිලි නට්සි ජර්මන් බුද්ධි අංශ නිළධාරීන්ට හසුවෙනවා.

එවක ස්පාඤ්ඤය දෙවන ලෝක යුද්ධයේදී නිර්පාක්ෂික වූ අතර යුධ ගැටුම් සඳහා සහභාගීවුනේ නෑ. එහෙත් ස්පාඤ්ඤ රජයේ බොහෝ නිළධාරීන් හිට්ලර්ට හා ජර්මනියට පක්ෂපාතී වූ අතර  නට්සි ජර්මන් ඔත්තුසේවා ස්පාඤ්ඤයේ බාධාවකින් තොරව ක්‍රියාත්මක වුනා. 

කැප්ටන් විලියම් මාටින් ලෙස සබ්මැරීනයෙකින් ගෙනගොස් ස්පාඤ්ඤ වෙරළ ආසන්නයේදී නිදහස් කල මළසිරුර ලන්ඩනයේ ජීවත්වූ දුප්පත් පුද්ගලයෙකුගේ වූ අතර ඔහු මී පාසනම් කා සියදිවි හානිකරගෙන තිබුණා.

ඔපරේෂන් මින්ස්මීට් මෙහෙයුම සපුරා සාර්ථකවූ අතර එය එතෙක්-මෙතෙක් යුධ ඉතිහාසයේ සාර්ථකම සතුරා රැවටීමේ රහස් ඔත්තු මෙහෙයුම ලෙස පිලිගැනෙනවා. කපිතාන් විලියම් මාටින්ගේ මළසිරුරේ තිබූ ලියවිලි සත්‍ය ඒවා ලෙස ජර්මන් බුද්ධි අංශ පිලිගත් අතර එම තොරතුරු හිට්ලර්ට ලබාදී තිබුණා. ඒ අනුව හිට්ලර් සාර්ඩීනියා දූපත හා ග්‍රීසියට සිය හමුදා යොමුකල අතර, සැබෑ ඉලක්කයවූ සිසිලි දූපත අනාරක්ෂිතව පැවතීමෙන් මිත්‍ර හමුදාවලට එය පහසුවෙන් අත්පත් කරගන්නට හැකිවුනා. 

ඒ සමගම ඉතාලියේ ෆැසිස්ට් නායකයාවූ මුසෝලිනි බලයෙන් පහකෙරුනු අතර නොබෝ දිනකින් ෆැසිස්ට් ඉතාලිය යටත්වී හිට්ලර්ට සිය ප්‍රභල ආධාරකරුවෙකු අහිමිවුනා.

Comments