අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS: බ්‍රෝඩ්කොම් චිප් සමාගම වී.එම් වෙයා ක්ලවුඩ් සමාගම බිලියන 61කට මිලදී ගනී | Chipmaker Broadcom buy VMware in $61 billion deal |

 

BROADCOM - කැලිෆෝනියාවේ සැන් හොසේ නගරය මූලස්ථානය කරගත් බ්‍රෝඩ් කොම් සමාගම සිලිකන් නිම්නයේ පැරණිතම සමාගමක්. එය 1961දී, හිව්ලට් පැකාර්ඩ් සමාගමේ (Hewlett-Packard -HP) චිප් ඩිවිෂිනය ලෙස ආරම්භවී පසුව වෙනම සමාගමක් ලෙස ක්‍රියාකරන්නට පටන්ගත්තා. 2021දී ඩොලර් බිලියන 21ක ආදායමක් ඉපදවූ බ්‍රෝඩ්කොම් සමාගම පරිගණක දත්ත සම්ප්‍රේෂණය හා ජාලගත කිරීම සඳහා අවශ්‍ය මයික්‍රෝචිප් හා ඒ ආශ්‍රිත මෘදුකාංග නිර්මාණය කරනවා.

VMWARE - කැලිෆෝනියාවේ පෑලෝ ඇල්ටෝ මූලස්ථානය කරගත් වී.එම් වෙයා ක්ලවුඩ් කම්පියුටින් තාක්ෂණය හා වර්චුවර් පරිගණක තාක්ෂණයේ ඉහලින්ම සිටින සමාගමක්. 1998දී ආරම්භවූ වී.එම් වෙයා සමාගම මේ වනවිට ඩොලර් බිලියන 11ක වාර්ශික ආදායමක් උපයනවා. ක්ලවුඩ් කම්පියුටින් සේවා, ඒ සඳහා අවශ්‍ය මෘදුකාංග හා වර්චුවල් පරිගණක සේවා සැපයීම සමාගමේ ප්‍රධාන ආදායම් මාර්ග වනවා.

මෑතක් වනතුරුම ඩෙල් පරිගණක සමාගමේ අංශයක් ලෙස තිබූ වී.එම් වෙයා, ඩෙල් ප්‍රධාන විධායක මයිකල් ඩෙල්ගේ උපදෙස් මත වෙනම සමාගමක් බවට පත්කරනු ලැබුවා.

වී.එම් වෙයා සමාගම මිලදී ගැනීමෙන්, තමන්ගේ මෘදුකාංග ව්‍යාපාරය වඩාත් ශක්තිමත් වන බව බ්‍රෝඩ්කොම් ප්‍රධාන විධායක ටෑන් හොක් එන්ග් පවසනවා. 

Comments