අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ASTRONOMY : රේඩියෝ චක්‍රවාට ගැන අහලා තියෙනවද?



ඔබ චක්‍රවාට, galaxy නැතිනම් ගැන අහලා තියෙනවා. ගැලැක්සියක් නැතිනම් චක්‍රවාටයක් කියන්නේ තාරකා බිලියන ගණනක් එකට තිබෙන තාරකා පද්ධතියක්. විශ්වය හෙවත් universe කියන්නේ මේ චක්‍රවාට ඔක්කොම එකතු කරලා ගත්තම. සාමාන්‍යයෙන් තාරකා විද්‍යාඥයින් විශ්වය කියන පදය වෙනුවට අප දන්නා විශ්වය (known universe) කියලා භාවිතා කරනවා. මොකද අපට පේන (දුරේකෂ වලට හසුවන ) ඈතම තියෙන චක්‍රවාටයට වඩා තවත් ඈත මොනවා තියෙනවාදැයි නොදන්නා නිසා.

අප දන්නා විශ්වයේ චක්‍රවාට බිලියන 100-200ක් පමණ තියෙන බවට ඇස්තමේන්තු කරලා තියෙනවා. මේ මෑතකදී සිදුකල ගණනය කිරීමකදී චක්‍රවාට බිලියන 500ක් පමණ තියෙනවා කියලත් කල්පිතයක් මතුවෙලා තියෙනවා. අපගේ සෞරග්‍රහ මණ්ඩළය තියෙන ක්ෂීරපථය (Milkyway) ලෙස නම් කර තිබෙන චක්‍රවාටයත් මේ චක්‍රවාට ප්‍රමාණයට ඇතුලත්.

විවිධ ප්‍රමාණයේ චක්‍රවාට තිබෙන තාරකා ප්‍රමාණය විශාල ලෙස වෙනස් වනවා. අපගේ ක්ෂීරපථයේ තාරකා බිලියන 400ක් පමණ තිබෙනවා කියලා ඇස්තමේන්තු කරලා තියෙනවා.

එතකොට රේඩියෝ ගැලැක්සි නැතිනම් රේඩියෝ චක්‍රවාට කියන්නේ මොනවාද?

හැම චක්‍රවාටයක්ම අතිවිශාල විද්‍යුත් චුම්කක තරංග ප්‍රමාණයක් නිකුත්කරනවා. මේ තරංගවලින් විශාල ප්‍රමාණයක් ආලෝක තරංග ලෙස නිකුත් වෙනවා. ඒත් රේඩියෝ චක්‍රවාටවලින් නිකුත්වෙන විද්‍යුත් චුම්බක තරංගවලින් වැඩි ප්‍රමාණයක් ආලෝකය නොවෙන, රේඩියෝ තරංග පරාසයට වැටෙනවා. ඒ නිසා ඒවාට රේඩියෝ ගැලැක්සි හෙවත් ගුවන්විදුලි තරංග චක්‍රවාට කියලා කියනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments