පසුගිය 15වැනිදා අතුරුදහන්වූ ආජන්ටිනා සබ්මැරීනයෙන් පණිවුඩ ඇණහිටීමෙන් පසු ඒ ප්‍රදේශයේ මුහුද යටින් ඇසුනු ශබ්දය පිපුරුම් ශබ්දයක් විය හැකි බව දැන් ආජන්ටිනා නාවික හමුදාව පවසනවා. මේ ශබ්දය ඇමරිකන් නාවික හමුදාවේ මුහුදු නිරීක්ෂණ සංවේදක හා ජාත්‍යන්තර න්‍යෂ්ඨික පර්යේෂණ නිරීක්ෂණ ආයතනයක සංවේදකවලට හසුවී තිබෙනවා.
කලින් ලැබුණු වාර්තාවල මේ ශබ්දය ස්වාභාවික හේතූන් මට ඇතිවූවක් බවට විශ්වාස කෙරුනත් එය වඩාත් සූක්ෂම විශ්ලේෂණය කිරීමේදී පිපිරුම් ශබ්දයක් විය හැකි බවට ඇති අනුමානය වැඩිවී තියෙනවා. සබ්මැරීනය අතුරුදහන්වීමට පෙර ලැබුණු පණිවුඩ වල සබ්මැරීනයේ බැටරිවල දෝශයක් ඇති බවට නාවිකයින් වාර්තාකොට තිබූ බවයි පැවසෙන්නේ.
මේ ශබ්දය, සබ්මැරීනය අවසන්වරට සන්නිවේදනය කල ස්ථානීය දත්ත ලැබුණු ප්‍රදේශයට සැතපුම් 30 පමණ ඈතින් ඇසුනු බවයි වාර්තා වෙන්නේ. 1985දී දියත්කල මේ යාත්‍රාව 2014 වසරේදී ඩොලර් මිලියන 12ක් වියදමකින් පූර්ණලෙස අලුත්වැඩියා කල බවයි ආජන්ටීනියානු නාවික හමුදාව පවසන්නේ.
ලොව පුරා න්‍යෂ්ඨික පිපුරුම් නිරීක්ෂණයට සවිකල සංවේදක ජාලයකට හිමිකම් කියන, ඔස්ට්‍රියාවේ, වියෙනා නුවර මූලස්ථානය කරගත් The Comprehensive Nuclear-Test-Ban Treaty Organization ආයතනයේ සංවේදක වලට මේ අත්භූත පිපුරුම් ශබ්දය හසුවුනේ නොවැම්බර් 15 වැනිදා ග්‍රිනිච් වේලාවෙන් පාන්දර 1.15ට පමණ. මීටර් 300ක් ගැඹුරින් යාත්‍රා කිරීමට තනා ඇති මෙම යාත්‍රාවේ එන්ජින් හා වෙනත් යන්ත්‍ර අක්‍රියවීම නිසා එය සාගර පතුලට කිඳා බසින්නට පටන්ගත්තා නම්, අධික ජල පීඩනය නිසා තදින් තෙරපන ලද හිස් බියර් කෑන් එකක් මෙන් හැකිලී යන්නට (implode) ඉඩ ඇති බවත් මෙය සංවේදක වලට පිපුරුම් ශබ්දයක් මෙන් ඇසිය හැකි බවත් ඇමරිකන් නාවික හමුදාව පවසනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment