අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARE U SERIOUS? : නේවි කාරයා අහසේ ඇඳපු අහවල් එක! (ෆොටෝෂොප් නෙවේ ඔන්න)


ඇමරිකන් නාවික හමුදා ගුවන් බළ ඇණියේ නියමුවන් දෙදෙනෙක් අලුත් වැඩක් කරා. ඒ තමන් පදවමින් සිටි ඉලෙක්ට්‍රොණික ප්‍රහාර එල්ලකරන E/A-18 Growler යානාවක එන්ජින් වලින් නිකුත්වන වාෂ්පධාරා (vapor contrails) මගින් වොෂින්ටන් ප්‍රාන්තයේ අහසේ යෝධ පුරුෂ ලිංගයක් ඇඳීමෙන්.

වොෂිංටන් ප්‍රාන්තයේ වැසියන් නාවික හමුදා නියමුවන්ගේ ළාමක, කවට ක්‍රියාව සැහැල්ලුවෙන් භාරගත්තත්, ඇමරිකන් නාවික හමුදා ප්‍රධානීන් නම් බොහෝ සෙයින් කිපී තිබෙනවා. ඇමරිකන් නාවික ගුවන් බළකායේ අණදෙන නිළධාරී වයිස් අද්මිරාල් මයික් ෂූමැකර් ප්‍රකාශයක් නිකුත්කරමින් මෙලෙස සඳහන් කලා.



“We have grounded the aircrew and are conducting a thorough investigation,” the statement said, “and we will hold those responsible accountable for their actions.”

“The Navy apologizes for this irresponsible and immature act, and anyone who was offended by this unacceptable action,”

[මේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවන් තාවකාලික වැඩතහනමකට ලක්කොට තිබෙන අතර නාවික හමුදාව මේ පිලිබඳව පරික්ෂණයක් පවත්වනවා.

නාවික හමුදාව, සිය සාමාජිකයින් විසින් සිදුකල මේ ළාමක හා වගකීම් රහිත ක්‍රියාවට සමාව අයැද සිටිනවා.]




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments