අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BREAKING NEWS : අතුරුදහන්වූ ආජන්ටීනියානු සබ්මැරීනයේ ඔක්සිජන් අවසන්?

ARA San Juan - Argentine Submarine Force

ආජන්ටීනියානු සබ්මැරීන් බළකායට අයත් "San Juan" සබ්මැරීනය අතුරුදහන්වී මේ වෙනකොට දින හතක් ගතවෙලා. 1980 ගණන්වලදී ජර්මනියේ තයිසන් සමාගම ආජන්ටිනාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද මේ සබ්මැරීන මාදිලිය ඩීසල්-ඉලෙක්ට්‍රික් වර්ගයට අයත් වනවා.මීටර් 66ක් දිග, ටොන් 2200ක් බර මේ සබ්මැරීන වර්ගයට කිලෝමීටර් 20,000ක පමණ දුරක් ගමන්කල හැකි අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 45ක් පමණ වනවා. දින 30ක් මුහුදේ රැඳී සිටි හැකි අතර මීටර් 300ක ගැඹුරින් කිමිදී යා හැකියි. කිමිදුනු විට දින 7ක් මතුපිටට නොපැමිණ සැඟවී සිටීමට මෙයට පුලුවන්.


දකුණු ආජන්ටිනාවේ උෂුඅයියා නාවික කඳවුරේ සිට උතුරු ආජන්ටිනාවේ ඩෙල්-මා-ප්ලාටා නාවික තොටුපලට ගමන්කරමින් සිටි සැන් හුවාන් සබ්මැරීනයෙන් නොවැම්බර් 15 වැනිදා සිට කිසිදු තොරතුරක් නැති බව ආජන්ටිනාව වාර්තාකලේ නොවැම්බර් 17වැනිදායි. ආජන්ටිනාවේ පලමු කාන්තා සබ්මැරීන නාවිකයා ඇතුලු නාවිකයින් 44ක් සැන් හුවාන් සබ්මැරීනයේ ගමන්කරමින් සිටියා.

දින 30ක් නොකඩවා ගමන්කල හැකිවුනත් දියයට කිමිදුනවිට මේ සබ්මැරීන වර්ගයට ඔක්සිජන් සැපයුම් ඇත්තේ දින 7කට පමණයි. මේ දින 7ක ඔක්සිජන් සැපයුම අද උදේ වනවිට අවසන්වන බවටයි ආජන්ටිනියානු නාවික හමුදාව ප්‍රකාශකලේ.

රටවල් ගණනාවකට අයත් ගුවන්යානා 15ක් හා නැව් 17ක් මේවන විට සැන් හුවාන් සබ්මැරීනය පිලිබඳව හෝඩුවා සොයමින් සිටින අතර මේ සඳහා ඇමරිකානු නාවික හමුදාවේ ගුවන්යානාද සහභාගීවනවා.



මේ අතර ඇමරිකන් නාවික හමුදා ගුවන්යානයක් සිය අධෝරක්ත සංවේදකවලට මුහුදේ ගිලී ඇති විශාල ලෝහමය වස්තුවකින් නිකුත්වූවායයි සැකකල හැකි තාප-පැල්ලමක් (heat-stain) හසුවූ බව පවසන අතර එය සැන් හුවාන් සබ්මැරීනය විය හැකි බවටයි සැක කරන්නේ. මේ වනවිට එම ප්‍රදේශය වෙත ගලවාගැනීමේ නෞකා වේගයෙන් ලඟාවෙමින් තිබෙනවා.

අතුරුදහන්වූ සබ්මැරීනයේ ගමන්ගත් ආජන්ටිනාවේ පලමු කාන්තා සබ්මැරීන නිළධාරිනියවූ 35 හැවිරිදි එලියානා ක්‍රොසීක්



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments