ලංකාවේ daraz.lk ඊ-කොමර්ස් වෙළඳ අඩවිය බ්ලැක් ෆ්‍රයිඩේ ඩිස්කවුන්ට් ගැන ඔවුන්ගේ අඩවියේ දාලා තියෙන බැනර් ඇඩ් එක. |
සමහර විට ඔබ බ්ලැක් ෆ්‍රයිඩේ ගැන අහලා නැතුව ඇති. බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ තෑන්ක්ස්ගිවින් නිවාඩුව එන බ්‍රහස්පතින්දාට පස්සේ එන සිකුරාදා. මේකත් තෑන්ක්ස්ගිවින් වගේම ඇමරිකන් සංකල්පයක්. හැබැයි තෑන්ක්ස්ගිවින් වගේ නෙමෙයි බ්ලැක්ෆ්රයිඩේ ඇමරිකාවට වගේම බ්‍රිතාන්‍යය, කැනඩාව, යුරෝපය හා ඔස්ට්‍රේලියාවටත් වැදගත් දවසක්.
බ්ලැක්ෆ්රයිඩේ තමයි නත්තල් හා අලුත් අවුරුදු සාප්පුසවාරි සීසන් එක නිළ වශයෙන් පටන් ගන්න දවස. එදාට අතිවිශාල ලෙස ඩිස්කවුන්ට් හා වෙනත් උත්තේජක ලබාදීලා නිවාඩුවේ ගෙදර ඉන්න අය සාප්පුවලට ඇදලා ගන්න වෙළඳ සමාගම් උත්සහ කරනවා.
බ්ලැක්ෆ්රයිඩේ වෙළඳ ප්රචාරක සංකල්පය ආරම්භවුනේ ඇමරිකාවෙන්. ඒ 1952 අවුරුද්දේ ඉඳලා. මෙදාට සාප්පු සංකීර්ණ උදෙන්ම විවෘත කරනවා.Target, Kohl's, Macy's, Best Buy, Bealls වගේ සමහර සාප්පු පාන්දර 12 ඉඳන් ඇරලා සාප්පු සවාරි යන්නන් පිලිගන්නවා. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල රජයේ කාර්යාල හා පාසැල් තෑන්ක්ස්ගිවින් නිවාඩුව සිකුරාදටත් දෙනවා. එතකොට දවස් 4ක දිග සතිඅන්තයක් ලැබෙන නිසා හිතේ හැටියට සාප්පු යන්න ඇමරිකන් ජනයාට ඉඩ ලැබෙනවා. 50%ක් තරම් ඩිස්කවුන්ට් ලැබන නිසා බොහෝ දෙනෙක් අලුත් අවුරුද්දට, නත්තලට බඩු ගන්නට බ්ලැක්ෆ්රයිඩේ වෙනකන් බලාගෙන ඉන්නවා.
දැන් දැන් වොල්මාර්ට් වගේ සුපිරි වෙළඳසැල් ජාල තෑන්ක්ස්ගිවින් නිවාඩු දවසේ හවස 5 වෙනකොට විවෘත කරන්න පුරුදුවෙලා. ඒවා සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා වරුවක් දිගටම විවෘතකරලා තියෙනවා. එක්කෙනෙක් කරනකොට තරඟකාරීන් කොපිකරන නිසා ඒ පුරුද්ද දැන් ඇමරිකාව පුරා පැතිරෙමින් තියෙනවා.
2017 බ්ලැක්ෆ්රයිඩේ මහා සේල් එක බ්‍රිතාන්‍යයේ සමාගම් වලටත් බොහොම වැදගත් බවට වාර්තා වෙනවා. ඇමසන්.කොම් මගින් ලැබෙන ප්‍රභල තරඟයට මුහුණ දෙන්න මේ අවුරුද්දේ බොහෝ බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම 40%ක් 50%ක් තරම් වට්ටම් තෝරාගත් භාණ්ඩ සඳහා දෙන්න තීරණය කරලා.
මේ බ්ලැක්ෆ්රයිඩේ සෙල් තියෙන සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දිනවල පවුම් බිලියන 8ක ආදායමක් තියෙයි කියලා බ්‍රිතාන්‍ය සමාගම් බලාපොරොත්තු වෙනවා.
බ්ලැක්ෆ්රයිඩේ කියන යෙදුම ඇමරිකාවේ ෆිලඩෙල්පියා ප්‍රාන්තයෙන් බිහිවුනා කියලයි කියන්නේ. තෑන්ක්ස්ගිවින් සැමරුමෙන් පස්සේ දහස් ගණන් ජනයා නිවාඩුවේ සාප්පු යන නිසා පාරවල් මගීන්ගෙන් හා වාහනවලින් පිරිලා ඉතිරිලා යනවා. ඒ නිසා අණතුරු හා සන්ඩුසරුවල් ඇතිවීම වැඩිවෙනවා. බොහොමයක් රන්ඩු පාකින් තැන් අල්ලගන්න ගිහින් ඇතිවෙන ඒවා. සමහර වෙලාවට සාප්පු ඇතුලෙත් දැඩි ඉල්ලුමක් ඇති විශාල ඩිස්කවුන්ට් භාණ්ඩ බෙදාගන්න ගිහිල්ලා කෙහෙවලු පැටලෙනවා. ඒ නිසා මුලින්ම බ්ලැක් ෆ්‍රයිඩේ යෙදුම කරදරකාරී සිකුරාදාව හෙවත් බ්ලැක්ෆ්රයිඩේ ලෙස ෆිලඩෙපියාවේ පොලිස් හා හදිසි සේවා අංශ හැඳින්වුවා කියලයි කියන්නේ.
![]() |
බ්ලැක්ෆ්රයිඩේ සේල් එකක සුපිරි ඩිස්කවුන්ට් දීලා තිබුණු 40" ටෙලිවිෂන් මිළදීගන්න පොරකන ඇමරිකන් පාරිභෝගිකයින්. |
2017 බ්ලැක්ෆ්රයිඩේ මහා සේල් එක බ්‍රිතාන්‍යයේ සමාගම් වලටත් බොහොම වැදගත් බවට වාර්තා වෙනවා. ඇමසන්.කොම් මගින් ලැබෙන ප්‍රභල තරඟයට මුහුණ දෙන්න මේ අවුරුද්දේ බොහෝ බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම 40%ක් 50%ක් තරම් වට්ටම් තෝරාගත් භාණ්ඩ සඳහා දෙන්න තීරණය කරලා.
මේ බ්ලැක්ෆ්රයිඩේ සෙල් තියෙන සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දිනවල පවුම් බිලියන 8ක ආදායමක් තියෙයි කියලා බ්‍රිතාන්‍ය සමාගම් බලාපොරොත්තු වෙනවා.
බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත "2017 බ්‍රිතාන්‍ය බ්ලැක්ෆ්රයිඩේ" ගැන දාපු මුල් පිටුවේ සිරස්තලය. |
![]() |
බ්‍රිතාන්‍යයේ සමාගම් 2017 බ්ලැක්ෆ්රයිඩේ වෙනුවෙන් දීලා තියෙන වට්ටම් වලින් සමහරක්. |
මේ සෘණාත්මක ප්‍රතිරූපය ධනාත්මක කලේ ඇමරිකන් වෙළඳ සමාගම්. ඔවුන් කරදරකාරී නිසා කළු සිකුරාදා ලෙස හඳුන්වපු මේ සිකුරාදාව ලාභ ලැබිය හැකි සිකුරාදා ලෙස අර්ථදක්වන්න පටන්ගත්තා. සමාගම් වල වාර්ශික ගිණුම් වාර්තා "බ්ලැක්" ලෙස හඳුන්වන්නේ ඒවා ලාභ ලබනවානම්. පාඩුනම් ගිණුම් "රෙඩ්" ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස "the firm is in the red" කියන්නේ සමාගම පාඩුලබනවා කියන එක. ඒ අනුව සමාගම්වලට ලාභ ලැබිය හැකි සිකුරාදා හා පාරිභෝගිකයින්ට වාසි වෙන සිකුරාදා බ්ලැක්ෆ්රයිඩේ වුනා.
ලංකාවෙත් දැන් දැන් බ්ලැක් ෆ්‍රයිඩේ ඩිස්කවුන්ට් ගැන අහන්න ලැබෙනවා. ඉස්සෙල්ලම බ්ලැක්ෆ්රයිඩේ ගැන කතාවුනේ 2016 අවුරුද්දේ. ඩේලි.එෆ්.ටී පුවත්පත ලංකාවේ බ්ලැක්ෆ්රයිඩේ සූදානම ගැන වාර්තාවක් ඉදිරිපත්කලේ ඒ අවුරුද්දේ. මේ වෑයමේ පෙරමුණේ ඉන්නේ ඔන්ලයින් ශොපින් සමාගම්.
සිංගර්, සොෆ්ට්ලොජික් වගේ රටපුරා වෙළඳ ජාල තියෙන සමාගම් පවා දෙසැම්බර් පලමුවන සතියේ ඉඳන් පටන්න ගන්න නත්තල් සැරසිලි හා ඩිස්කවුන්ට් දැන් දැන් බ්ලැක්ෆ්රයිඩේ හා සමපාතව පටන් අරගෙන බව පේනවා. එත් තාමත් බ්ලැක්ෆ්රයිඩේ සංකල්පය මුල්බැහැගෙන නෑ වගේ පේන්නේ.
ලංකාවේ සොෆ්ට්ලොජික් සමාගමේ mysoftlogic.lk ඊකොමර්ස් අඩවිය හා WOW ඊකොමර්ස් අඩවිය බ්ලැක්ෆ්රයිඩේ වලට ලොකු ලොකු ඩිස්කවුන්ට් දාලා තියෙන බව පේනවා. හැබැයි ඔවුන්ගේ තරඟකාරීන් වෙන mydeal.lk, singersl.com වගේ ඊකොමර්ස් අඩ්වි බ්ලැක් ෆ්‍රයිඩේ ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරිපත්කරලා නෑ.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment