අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : එදා රුපියල් 1,527,976කට අලෙවි කල මෙගාබයිට් 10 හාඩ්-ඩිස්ක් එක | අද මෙගාබයිට් 1,000,000ක්ම රු.7000යි!


මේ තියෙන්නේ 1980 වසරේ පරිගණක සඟරාවක පලවූ දැන්වීමක්. පුද්ගලික පරිගණක මේනියාව වේගයෙන් පැතිරීම ආරම්භවුනේ මේ කාලේ. ස්ටීව් ජෝබ්ස්ගේ සුප්‍රකට ඇපල් I පුද්ගලික පරිගණකය හඳුන්වාදීලා යන්තම් අවුරුදු 4යි. ඇපල් සමාගම මුලින්ම ලෝක පූජිත කල ඇපල් II පුද්ගලික පරිගණකය හඳුන්වලා දීලා අවුරුදු 3යි.

හාඩ් ඩිස්ක්වල ඉතිහාසය ගත්තොත්, මුලින්ම හාඩ් නිස්ක් එකක් නිර්මාණය කලේ අයි.බී.එම් පරිගණක සමාගමයි. ඒ ඔවුන්ගේ අතිවිශාල මේන් ෆ්‍රේම් පරිගණක වල දත්ත ගබඩාකිරීම සඳහායි. 1957දී අයි.බී.එම් සමාගම හඳුන්වලා දුන්න IBM 305 RAMAC හාඩ් ඩිස්ක් පද්ධතියට මෙගාබයිට් 3.75ක ධාරිතාවයක් තිබුණා.

කුඩා ශීතකරණයක් තරම් විශාලවූ IBM 305 RAMAC හාඩ් ඩිස්ක් පද්ධතිය 1980 පමණ වනවිට ශබ්දකෝෂයක් වගේ ඝණකම් පොතක් තරමට කුඩා වෙලා තිබුණා. ඒ අතරම ධාරිතාව වැඩිවෙමින් තිබුණා. මේ දැන්වීමේ පෙන්වලා තියෙන්නේ ඝණකම් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ශබ්දකෝෂයක් තරමට කුඩාවූ, මෙගාබයිට් 10ක "අතිවිශාල" ධාරිතාවයකින් යුතුවූ 1980වේ එලි දැක්වුනු හාඩ් ඩිස්ක් එකක්. මේවා පුද්ගලික පරිගණක සමග භාවිතයට නිර්මාණය කොට තිබුණා. 

දැන්වීමේ හැටියට 1980දී ඇමරිකන් ඩොලර් 3380කට මෙය මිලදී ගන්නට පුලුවන් වුනා. ගූගල් දෙයියා කියන හැටියට 1980දී ඩොලර් 34ක් අද ඩොලර් 100ක් වනවා. ඒ අනුව මේ හාඩ්ඩිස්ක් එක අද ඩොලර් වටිනාකමින් $9940ක් වෙනවා. අද රුපියල් වලින් නම් 1,527,976ක් වගේ අස්ප ගාණක්. 

ලංකාවේ බාක්ලේස් සමාගමේ වෙබ් අඩවියට අනුව ටෙරබයිට් එකක හාඩ්ඩිස්ක් එකක් රුපියල් 7000කට මිල වෙනවා. 



ටෙරාබයිට් එකක් කියන්නේ මෙගාබයිට් 1,000,000ක්. අවුරුදු 37කට කලින් මෙගාබයිට් 10ක් අද රුපියල් වලින් මිලියන 1.5ක් වුනත්, අද මෙගාබයිට් මිලියනයක් රුපියල් 7000කට ගන්න පුලුවන්.

මෝටර් රථ තාක්ෂණයත් පරිගණක තාක්ෂණයේ වගේ දියුණු වුනානම් අද 2017 මාදිලියේ කාර් එකක මිල ඩොලර් 4400ක් (රු.676,368) තරම් අඩුවෙලා පැට්‍රෝල් ගැලුමකට හැතැප්ම මිලියන 3.66ක් විතර යන්න පුලුවන් වෙයි කියලා ගණන් බලලා තියෙනවා.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments