අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

THE INTERNET : එක් දිනකදී ඩොලර් බිලියන 25ක බඩු විකුණපු Jack Ma ගේ Alibaba.com


2016 අවුරුද්දේ ලංකාවේ දල ජාතික නිෂ්පාදිතය නැතිනම් GDP එක ලෙස වාර්තා වෙන්නේ ඩොලර් බිලියන 81ක්. ඒ කියන්නේ ලංකාවේ නුපුහුණු කම්කරුවාගෙනි ඉඳන් පරිගණක ඉන්ජිනේරුවා, ස්නායු ශල්‍ය වෛද්‍යවරයා, කෝටිපති ව්‍යාපාරිකයා දක්වා සියලුම දෙනා එකතුවෙලා 2016 අවුරුද්ද පුරාම නිෂ්පාදනය කරපු භාණ්ඩ හා සේවා වල එකතුව ඩොලර් බිලියන 81.

ලංකාවේ එහෙම වෙනකොට චීනයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ජැක් මා ආරම්භකල අන්තර්ජාල ෂොපිං වෙබ් අඩවිය වන අලිබාබා.කොම් අඩවිය ඊයේ, එනම් 2017.11.11 සිදුකල Singles Day 2017 අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේදී චීන යුවාන් බිලියන 168.2 එනම් ඇමරිකන් ඩොලර් බිලියන 25ක භාණ්ඩ විකුණලා තියෙනවා.

මේ මිළදීගැනීම් වැඩිහරියක් චීන ජාතිකයින් විසින් කරලා තියෙනවා. 90%ක් ගණුදෙනු ජංගම දුරකථන හරහා වෙලා තියෙනවා. වාර්තාවෙන විධියට තත්පරයකට ගණුදෙනු 256,000ක් වගේ විශාල ප්‍රමාණයක් සිදුවෙලා තියෙනවා.අලිබාබා ප්‍රකාශකයෙක් කියන විධියට චීනය පුරා ජීවත්වන මිලියන 300ක් පමණ වන මධ්‍යමපාංතිකයින්ගේ මිළදීගැනීමේ හැකියාවන් වේගයෙන් වර්ධනය වීම මේ අලෙවේ වාර්තාවට හේතුවෙලා තියෙනවා.







__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments