අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තාක්ෂණ තරඟයෙන් ඇමරිකාව පරදිනවා!!


හිටපු ගූගල් ප්‍රධාන විධායක හා වර්තමාන ඇල්ෆබට් (ගූගල් සමාගම් සමූහයේ අලුත් නම) සමාගමේ ප්‍රධාන විධායක එරික් ෂ්මිඩ් නොබෝදා පැවැත්වුනු පරිගණක තාක්ෂණ සමුළුවකදී මේ අනාවැකිය සිදුකලා.

" තව අවුරුදු 5ක් යනකොට ඇමරිකාවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ නායකත්වය ඉවරයි. දැනට චීනයත් ඇමරිකාවත් අතර තියෙන කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පරතරය වේගයෙන් අඩුවෙමින් යනවා......."

චීන රජය විසින් නිකුත්කරන ලද තාක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශයකට අනුව 2030 වන විට චීනය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිලිබඳව ලෝක බළවතා වීමට සැරසෙනවා. සිවිල් මෙන්ම යුධමය කාර්යයන් සඳහාද කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමට සූදානම් වන චීනයට මේ අනුව විශාල උපක්‍රමීය වාසියක් ලැබෙමින් තිබෙනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments