අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

ARE U SERIOUS? : 1850දී ඇඳපූ තෙල් සායම් සිතුවමක ස්මාර්ට්ෆෝනයක් රැගත් ලඳක්?


ඡායරූපය බලන්න.

ඔබම සිතා බලන්න.

මේ තරුණ ළඳගේ අවධානය යොමුවී ඇත්තේ ස්මාර්ට්ෆෝනයකට නොවේද? ඇයගේ අවධානය එයට කොතරම් යොමුවී ඇතිද යත් ඇය එනතෙක් රෝස මලක් රැගෙන මගබලා සිටින ගැටවරයා පවා ඇයට නොපෙනෙන්නේය. 

ස්මාර්ට්ෆෝන්වල ඇලී ගැලී, යන්නේ කොහේදවත් හරිහැටි නොබලා මහමග යන තරුණ ගැටිස්සියන් හා අවුරුදු 150කට පෙර ජීවත්වූ මේ ගැටිස්ස්ටියත් අතර වෙනසක් පෙනේද?

වසර 150කට පෙර ස්මාර්ට්ෆෝන් තිබුණාද? නැතිනම් ඇය කාළ තරණ සංචාරකයෙක්ද? 

මේ තෙල් සිතුවම ඔස්ට්‍රියානු ජාතික ෆර්ඩිනැන්ඩ් වොල්ඩ්මුලර් විසින් අඳින ලද්දකි. වොල්ඩ්මුලර් මේ ඇඳ ඇත්තේ අනාගතයෙන් 1850ට කාළ තරණය කල තරුණියක් හා ඇය හා පෙමින් බැඳුනු තරුණයෙක්ද?

චිත්‍රය පිලිබඳව විචාරයක් සිදුකරන ඉතිහාසඥයින් පවසන්නේ ඇය අත ඇත්තේ දේව ගීතිකා පොතක් (hymn book) බවයි. ලංකාවේ කාන්තාවන් අත අතීතයේ රැඳුනු පිරිත් පොත නැතිනම් ගාථා පොත මෙන් එකල යුරෝපයේ මහමග තනිවම යන කාන්තාවන් මෙවැනි ගීතිකා පොත් පිංචක් රැගෙන එය කියවමින් යාම සිරිතක්වුනාලු.

මේ තරුණිය කවුරුන්දැයි සැබැවින්ම දන්නේ වොල්ඩ්මුලර් පමණකි. ඔහු 1865දී මියගියා




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments