අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

දේශීය මුළුතැන්ගේ උපකරණ ගැන නැෂනල් ජියෝග්‍රැෆික් වැඩසටහනකින්


නැෂනල් ජියෝග්‍රැෆික් චැනලයේ සූපශාස්ත්‍ර වැඩසටහන් මාලාවේ එක් ජනප්‍රිය අංගයක් වන "The Plate" වැඩටසටනෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දේශීය මුළුතැන්ගෙයි උපකරණ පිලිබඳව ලෝකය පුරා සිටින නැෂනල් ජියෝග්‍රැෆික් නරඹන්නන්ට අවබෝධයක් ලබාදුන්නා.

මෙම උපකරණ පිලිබඳ ලිපියක්, "ද ප්ලේට්" වැඩසටහනට අනුබද්ධ නැෂනල් ජියෝග්‍රැෆික් වෙබ් පිටුවේද සටහනක් තබා තිබුණා. 

කැලිෆෝනියාවේ පදිංචි නැෂනල් ජියෝග්‍රැෆිල් සූපසාස්ත්‍ර විචාරකයෙකු වන මාගරීටේ රිචර්ඩ්ස් ශ්‍රී ලංකාවේ කල සංචාරයකදී ඇය ශ්‍රී ලාංකික ගෘහණියක් සමග දේශීය උපකරණ ආධාරයෙන් කෑම වේලක් පිලියල කරගන්නා ආකාරය මෙම වැඩටහනෙන් නිරූපනය වුනා.

 

අපේ ගෘහණියන්ට නැතුවම බැරි, පරිසර හිතකාමී මැටි වලඳ ගැන නැෂනල් ජියෝග්‍රැෆික් සටහන



ඉඳි ආප්ප වංගෙඩිය



මිරිස් ගල

 

වංගෙඩිය හා මෝල් ගස ගැන නැෂනල් ජියෝග්‍රැෆික් තැබූ රසවත් සටහන.



හිරමනය
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments