අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Chronic Kidney Disease හෙවත් නිදන්ගත වකුගඩු රෝගය ලොවපුරා පැතිරෙයි! | Chronic Kidney Disease spreads world wide



විද්‍යාව ප්‍රවර්ධනය සඳහා වන අමෙරිකානු සංගමය (American Association for Advancement of Science) විසින් පලකරන ලබන Science සඟරා වෙබ් අඩවියේ පලවන ලිපියකට අනුව ශ්‍රී ලංකාවේ වී වගාකරන ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්තවන, තවමත් නිශ්චිත රෝග කාරකයක් හඳුනා නොගත් හෙවත් වකුගඩු රෝගය ලොව පුරාම ගොවි ජනතාව අතරේ ව්‍යාප්ත වෙමින් තිබෙන බව වාර්තාකොට තිබෙනවා.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ දැනටමත් මෙය වසංගතයක් තත්වයට ව්‍යාප්තවී ඇති බව වාර්තා වනවා. අන්ද්‍රා ප්‍රදේශයේ වැසියන්ගෙන් 12% සිට 15% පමණ ප්‍රතිශතයක් දැනටමත් මෙයට ගොදුරුවී තිබෙනවා. ලංකාවේ හා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අමතරව, මැක්සිකෝවේ හා මධ්‍යම අමෙරිකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවලින් ද මෙම හඳුනානොගත් වකුගඩු රෝගය වාර්තාවනවා.

ඊජිප්තුවේද පැතිරෙමින් පැවතෙන බවට වාර්තාවන මේ රෝගය විශාල ගැටලුවක් බවයි අමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥවරියක් වන වර්ජීනියා වීවර් පවසන්නේ.



මහජන සෞඛ්ය විශේෂඥයින් හා විද්‍යාඥයින් වික්ෂිප්ත කරමින් පැතිරී යන මෙම රෝගයෙන් දැඩිව පීඩා විඳින්නේ මධ්‍යම අමෙරිකාවේ දුප්පත් ගොවි ප්‍රජාව බව පැවසෙනවා. එහි පරියේෂකයින්ගේ විශ්වාසය අනුව මෙම රෝගය මෙහි ජනතාව ගතකරන කටුක ගොවි ජීවිතයේ ස්වභාවය නිසා පැතිරෙන්නක්. කට්ට අව්වේ උක් වගාබිම්වල පැය 10ක් පමණ වැඩ කරන මොවුන් දීර්ඝකාලීනව විජලනය වීමේ අතුරු ඵලයක් ලෙස මෙම වකුගඩු රෝගය වැලඳෙන බවට අනුමාන කෙරෙනවා. මේ අතර ආන්ද්‍රා ප්‍රදේශයේ පර්යේෂකයි අනුමාන කරන අන්දමට එහි ජනතාවගේ පානීය ජලයේ අඩංගු ලිතියම් වැනි විෂ ලෝහවර්ග/රසායණික ද්‍රව්‍ය නිසා මෙය හටගන්නවා.

එමෙන්ම දැඩි කායික විඩාව නිසා නිතර වේදනා නාශක ගැනීම මෙන්ම කෘමිනාෂක හා වල්නාෂකද මෙම රෝග කාරක ලැයිස්තුවේ සටහන් වෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වෘක්කාණු විශේෂඥයෙකු (nephrologist) වන අජේ සිං සිදුකරන ලද පර්යේෂණයකට අනුව, මෙම ජනතාවගේ පානීය ජලයේ අධික ලෙස සිලිකා අඩංගු වනවා. ඔහු පවසන අන්දමට සිලිකා බොහෝ කෘමි හා වල් නාෂක වල අඩංගු රසායණිකයක්.

මෙම රෝගය නිවැරදිව හඳුනාගැනීම, රෝග කාරක සොයාගැනීම මෙන්ම ප්‍රතිකාර නිර්මාණය සඳහා අන්තර්ජාතික වැඩපිලිවෙලක් දියත්වෙමින් පවතිනවා.

රෝගයට හේතුව හා ප්‍රතිකාර සොයාගන්නා අතරතුර මෙම රෝගයට ගොදුරුවීමේ අවදානම ඇති ජනතාව සඳහා පිරිසිදු පානිය ජලය ලබාදීම, ආරක්ශාකාරී ලෙස කෘෂිරසායන භාවිතය පිලිබඳ පුහුණුව ලබාදීම, දැඩි හිරු රශ්මියේ රැකියාව කරන අතරතුර හැකිතාක් ජලය පානය කිරීම හා වේදනා නාෂක භාවිතය අඩුකිරීමට උපදෙස් දීමෙන් මෙම ජනතාව රෝගයට ගොදුරුවීමේ ප්‍රවනතාව අඩුකල ගත හැකි බව විශේෂඥ මතයයි.

__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com

GOOGLE +   : About Me 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .

__________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments