අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Science Quick Bites - හතු පැලයකින් මානසික ව්‍යාකූලත්වයට බෙහෙතක්!

Psilocybe mexicana - Mexican Magic Mushroom

සිලෝසිබින් හතු නැතිනම් සයිකඩෙලික් හතු (psychedelic mushroom) කියන්නේ වැරදී ආහාරයට ගත්විට මනෝභ්‍රමික තත්තවයක් ඇතිකල හැකි psilocybin හා psilocin කියන මත්ද්‍රව්‍ය රසායන අඩංගු හතු පැලෑටියක්. මේවාට මැජික් මෂ්රූම් කියලත් කියන්නේ ශරීරගතවූ තැනැත්තාට අභව්‍ය චිත්තරූප මැවෙන, කාළය පිලිබඳ හැඟීම නැතිවී අධික ප්‍රීතියට පත්වූ ආකාරයක් (euphoria) පෙන්නුම් කරමින් විකාරරූපී ලෙස හැසිරෙන තත්වයකට පත්කරන නිසාය. ඈත ගල් යුගයේ සිටම මෙම හතුවර්ග විවිධ ශාන්තිකර්ම වලදී හා යාගහෝම වලදී යකැදුරන්, පූජකයින් විසින් භාවිතාකොට ඇති බවට පුරාවිද්‍යාතමක සාක්ශි හමුවී ඇත. විශේෂයෙන්ම මධ්‍යම අමෙරිකාවේ මායා, ඇස්ටෙක් වැනි ශිෂ්ඨාචාරවල පූජකයින් යාගහෝම හා බිලිපූජා පැවැත්වීමේදී මෙම හතුවර්ග භාවිතා කොට ඇත.

Hallucinogen හෙවත් විපරීත මානසික තත්වයක් ඇතිකරන (LSD, මෙතැම්ෆෙටමින් වැනි මත්ද්‍රව්‍යද මේ ගණයට අයත්වේ)  psilocybin හා psilocin මත්කාරක අඩංගු හතුවර්ග 200ක් පමණ හඳුනාගෙන ඇති අතර ඒවා ලොවපුරා පැතිර පවතී.  මෙම හතුවලින් නිස්සාරණය කරගත් psilocybin යොදාගෙන මෑතකදී සිදුකරන ලද පර්යේෂණයකදී එම මත්කාරකය, සමාජය විසින් තමාව ප්‍රතික්ශේප කරන්නේය යන හැඟීම (socially rejected feeleing) නිරන්තරයෙන් ඇතිවන මානසික ව්‍යාධියකට ප්‍රතිකාර ලෙස යොදාගත හැකිබව සොයාගෙන ඇත.

ස්විටසර්ලන්තයේ සූරික් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් පවත්වන ලද මෙම පර්යේෂණයේ ප්‍රතිපල National Academy of Sciences ආයතනයේ පර්යේෂණ සඟරාවේ පලකොට ඇත. මෙම ප්‍රතිපල මත සමාජයෙන් කොන්කෙරෙන බවට දැඩිලෙස හැඟීම ඇතිවන මානසික ව්‍යාධියෙන් පෙලෙන්නට නව ප්‍රතිකාර ක්‍රමයක් සාදාගත හැකිබවට පර්යේෂකයින් විශ්වාසය පලකරනවා.
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments