Science News | HTC 10 අලුත්ම ස්මාර්ට්ෆෝනයේ විස්තර හා තවත් විද්‍යා තාක්ෂණ තොරතුරු රැසක්!!



පෘථිවියේ ජීවය ඇතිවූයේ කෙසේද යන්න විද්‍යාඥයින්ට තවමත් විසඳාගැනීමට නොහැකිවූ ගැටලුවක්. කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥ චන්ද්‍ර වික්‍රමසිංහ මහතා හා බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් මහතා ඉදිරිපත්කල විශ්වයේ සිට පෘථිවිය වෙත බැක්ටීරියා හා වෛරස උල්කාපාත හා වල්ගාතරු මගින් පැමිණෙන බව ප්‍රකාශ කලා. පෑන්ස්පර්මියා (panspermia) ලෙස හඳුන්වන මෙම මතය එකල වෙනත් විද්‍යාඥයින්ගේ විවේචනයට බඳුන්වුනත් අද වනවිට එහි වලංගුභාවය තහවුරුවෙමින් පවතිනවා.

මෑතකදී සිදුකල පර්යේෂණ ප්‍රථිපල විග්‍රහකරන ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත, ජීවයට අත්‍යාවශ්‍ය මූලික අණුවක් වන ආර්.එන්.ඒ අණුවල රයිබෝස් නම් සීනිවර්ගය උල්කාපාත හා වල්ගාතරුවල සුලභ බව සොයාගෙන තිබෙනවා. මීට පෙර ඇමයිනෝ අම්ල හා වෙනත් ජාන-පාදක අණු වල්ගාතරු තුල තිබිය හැකි බව තහවුරු කරගෙන තිබුණා.

ජීවය හටගැනීම සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සියල්ලම අභ්‍යවකාශයේ බහුල බව දැන් තහවුරුයි. එබැවින් පෘථිවියෙන් පිට ග්‍රහලෝකයක ජීවය හටගැනීම සම්භාවිතාවය ඉතාමත් අධිකයයි නිගමනය කරන්නට පුලුවන්. මෙම පර්යේෂණ ප්‍රතිපල පිලිබඳ අදහස් දක්වන විද්‍යාඥයින් පවසනවා.



දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්ලේ වැන්ග් හා නාසා ආයතනයේ පර්යේෂක ඉන්දීය ජාතික කස්තුරි වෙන්කතේෂ්වරන්, නුදුරේදීම දිලීර වර්ග සතරක් අනතර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට බලාපොරොත්තුවෙනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ ගුරුත්වශූන්‍යවූත්, අභ්‍යවකාශ විකිරණ අධිකවූත් පරිසරයකදී මෙම දිලිර මිනිසාට ඖෂධ ලෙස භාවිතාකල හැකි රසායණික ද්‍රව්‍ය නිපදවන්නේදැයි සොයා බැලීමයි.

මෙම පර්යේෂණ සඳහා දිලීර යොදාගන්නේ දිලීර මානවයාට ඉතා ප්‍රයෝජනවත් ඖෂධවර්ග රැසක් ලබාදෙන නිසයි. ජීවිත මිලියන ගණනක් බේරාගැනීමට උපකාරීවුනු පෙනිසිලින්, දිලීර මගින් ලැබෙන දිව ඔසුවක්. කොලස්ටොරෝල් සඳහා දැනට ඉතා බහුලව භාවතාවල ලොවස්ටැටින් ඖෂධයද දිලීර වර්ගයක් ආධාරයෙන් නිශ්පාදනය කරන්නක්.

විද්‍යාඥයින් අභ්‍යවකාශයට ‍යැවීමට තෝරාගත් දිලීරවර්ගවල ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගතහැකි රසායණික ද්‍රව්‍ය 40ක් පමණ ස්වභාවිකව නිපදවීමේ හැකියාව ඇතිබව සොයාගෙන ඇතත් පෘථිවියේදී මෙම රසායණ නිපදවීමට මෙම දිලීර පෙළඹෙන්නේ නෑ. පර්යේෂකයින් උත්සහ කරනේ අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්වය හා විකිරණ බහුළවීම නිසා දැනෙන ආතතිය මම මෙම දිලීර ඖෂධීය වටිනාකමක් ඇති රසායණික නිපදවීමට පෙළඹවනු ඇතිදැයි සොයාබැලීමටයි.




දිනපතා ඇස්ප්‍රින් අඩුමාත්‍රාවක් ගැනීම හෘදයාබාධ, ආඝාතය මෙන්ම විවිධ වර්ගවල පිලිකා හටගැනීමේ ප්‍රවණතාවය අඩුකරන බව නැවතත් තහවුරුවී තිබෙනවා. ඇස්ප්‍රින් ලබාගැනීම වාසිය උපරිම කරගැනීමට නම් වයස 50 පමණවනවිට එම ඖෂධය ගැනීම ආරම්භකල යුතු බවද සොයාගෙන තිබෙනවා.

කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින්, වසර ගණනාවක සිට පලකරන ලද පර්යේෂණ පත්‍රිකා හා පර්යේෂණ ප්‍රථිපල අධ්‍යනය කිරීමෙන් පසු මෙම නිගමනයට එළඹ තිබෙනවා. ඒ අනුව නිළවශයෙන් මේ පිලිබඳව ජනතාව දැනුවත් කිරීමට අමෙරිකානු සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා.



සබ්මැරීන විනාශ කිරීම සඳහා යොදාගත හැකි ලොව ප්‍රථම මිනිසුන් රහිත රොබෝ සමුද්‍ර යාත්‍රාව අමෙරිකාව විසින් දියත්කොට තිබෙනවා. අමෙරිකාවේ ඩාර්පා ආයතනයේ ව්‍යාපෘතියක් වන මෙම යාත්‍රාව සී හන්ටර් ලෙස හඳුන්වන අතර කෘත්‍රිම බුද්ධි පරිගණක මගින් මෙහෙයවනවා.

Anti-Submarine Warfare Continuous Trail Unmanned Vessel (ACTUV) ලෙස හඳුන්වන අමරිකානු ආරක්ශක දෙපාර්ථමේන්තුවට අනුබද්ධ ඩාර්පා ආයතනයේ ව්‍යාපෘතියක් වන මෙම යාත්‍රාව තුල කිසිදු නාවිකයෙකු සේවයේ නියුතුවන්නේ නෑ. කෙසේවෙතත් ගොඩබිම සිට යාත්‍රාවේ සියලු කටයුතු නිරීක්ශණය වනවා. මීටර් 40 දිග යාත්‍රාවට සැතපුම් දහස්ගණනක් මහා සාගරයේ තනිවම ගමන්කල හැකි අතර එසේ යන අතර සතුරු සබ්මැරීන පිලිබඳව සෙවිල්ලෙන් සිටිනවා.

යාත්‍රාවේ කෘථිම බුද්ධි කපිතාන් හට දිවාරාත්‍රී දෙකෙහිම සියලුම කාළගුණික තත්වයන් යටතේ, වෙනත් නාවුක යාත්‍රා හා බෝට්ටු මගහරිමින් යාත්‍රා කල හැකියි. දැනට පවත්වා ඇති මුහුදු අත්හදා බැලීම් වලදී (sea trials) සී හන්ටර් යාත්‍රාවට සියලුම නාවික නීතිරීති අනුගමනය කල හැකි බවට තහවුරුවී තිබෙනවා. මෙම සාර්ථකත්වය මත 2018 වනවිට මෙවැනි යාත්‍රා ගණනාවක් අමෙරිකානු නාවික හමුදාව එකතුකර ගැනීමට බලාපොරොත්තු වනවා.




අමෙරිකාවේ කුඩා තාක්ශණික සමාගමක් නිපදවා ඇති, ස්මාර්ට්ෆෝනයක් මෙන් පෙනෙන ආකාරයට හකුලාගත හැකි බෝර දෙකේ කුඩා පිස්තෝලය අමෙරිකානු පොලීසිය හා ආරක්ශක බළකායන්ගේ අවධානයට යොමුව තිබෙනවා. බැලූ බැල්මට ස්මාර්ට්ෆෝනයක් ලෙස පෙනෙන නිසා කරදරයකින් තොරව ඕනෑම තැනකට රහසින් ගෙන ගොස් ඝාතයනක් සිදුකිරීමට ඇති හැකියාව පොලිස් ආ ආරක්ශක බළකායන් හට ආරක්ශාව පිලිබඳව අලුතින් සිතීමට පොළඹවා තිබෙනවා.




තායිවානයේ එච්.ටී.සී සමාගමේ නවතම ප්‍රධාන (flagship) ස්මාර්ට්ෆෝන මාදිලිය ඊයේ (අප්‍රේල් 12) ලොවට හඳුන්වා දුන්නා. HTC 10 ලෙස නම්කොට ඇති මෙය එච්.ටී.සී A9 හා M9 මාදිලිවල අනුප්‍රාප්තිකයා වනු ඇති. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන මෙය ස්නැප්ඩ්‍රැගන් 820 ප්‍රොසෙසරයකින්, ගිගාබයිට 4ක ප්‍රධාන මතකයකින් හා අඟල් 4ක 1080p HD තිරයකින් යුතුවනවා.

මෙගාබයිට 32ක අභ්‍යන්තර දත්ත ගබඩාවකින් සමන්විත මෙහි දත්ත ධාරිතාවය මයිකෝ එස්.ඩී කාඩ්පත් ආධාරයෙන් වැඩිකරගත හැකියි. මිලිඇම්පියර් 3000ක බැටරියක් හා යූ.එස්.බී C මාදිලියේ කනෙක්ටර් ටර්මිනලයකින්ද සමන්විතයි. යූ.එස්.බී C ටර්මිනලය නිසා මෙම ෆෝනයට සිය බැටරියෙන් වෙනත් උපාංගයකට බලය සපයමින් පවර්බෑන්ක් එකක් ලෙසද ක්‍රියකල හැකියි.

4K සුපිරි විබේධනයෙන් වීඩියෝ කිරීමේ පහසුකම ඇති මෙම ෆෝනයෙහි ඉතා ඉහල සංගීත ප්‍රතිවාදන පහසුකම්ද තිබෙනවා.



මද ආලෝකයේ හොඳින් ඡායාරූප ගත හැකි  ƒ/1.8 ලෙන්සයකින් හා අල්ට්‍රාපික්සල් තාක්ශණයේ සෙන්සරයකින්ද, අධිබල ඉමෙජ් ප්‍රොසෙසරයකින්ද HTC 10 කැමරාව සමන්විත වනවා. බොඳවීම වලක්වන ඉමෙජ් ස්ටැබිලයිසේෂන් පද්ධතියක් හා ලේසර් ඔටෝෆෝකස් පද්ධතියක්ද HTC 10 කැමරාවේ අඩංගු වනවා.


__________________________________________________________________________ .
.
POSTED BY : Terence Kahapola Arachchi  AUTHOR/OWNER/ADMINISTRATOR

.
CONTACT    : terence.arachchi@gmail.com

.
GOOGLE +   : About Me  .

.
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments