අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Quick Science Bites - අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ස්වයංක්‍රීය කැමරාවක් අත්භූත පියාසර වස්තුවක් වීඩියෝගත කරයි!! - තත්පර කිහිපයකින් සජීව විකාශය ඇණහිටී !!

 
 
19 April 2016 - හඳුනානොගත් වස්තුව. මෙය වීඩියෝ තිරයේ දිස්වන්නට පටන්ගෙන තත්පර 15කින් පසු එම කැමරාවෙන් ලැබෙන වීඩියෝ දර්ශණ නොලැබී ගියේය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන රූප-රාමුව ගන්නා ලද්දේ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) සවිකරන ලද ස්වයංක්‍රීය නාසා කැමරාවක වීඩියෝ පටයකිනි. ISS මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය ස්වයංක්‍රීයව පටිගතකොට සජීවීව ISS වෙබ් අඩවිය හරහා විකාශය කරන මෙවැනි කැමරා කිහිපයක් ඇති අතර මෙම කැමරාවලට හසුවූ, ISS මධ්‍යස්ථානයට ආසන්නයෙන් පියාසර කරනවා මෙන් පෙනෙන අත්භූත වස්තූන් කිහිපයක් මෙම කැමරාවල සජීව විකාශවලින් දැකගන්නට හැකිවී තිබේ.

මෙවැනි හඳුනානොගත් පියාසර වස්තූන් යයි සැකකල හැකි වස්තූන් දර්ශණය වන්නට ගත් වහාම එම කැමරාවලින් ලැබෙන දර්ශණ අවහිර වන බව පවසන UFO පර්යේෂකයින්, මෙය නාසා ආයතනයේ සැළසුම්කාරී ක්‍රියාවක් බවට චෝදනා කරනවා.

04 April, 2016 - ඉහත අත්භූත වස්තුව දර්ශණය වීමට සති දෙකකට කලින් තවත් ISS කැමරාවකින් විකාශයවූ සජීව වීඩියෝ විකාශයක දක්නටවූ අත්භූත වස්තුව


 
2015 October 17 - ISS ගගනගාමීන් මධ්‍යස්ථානයෙන් පිටත ක්‍රියාකාරකමක යෙදීසිටියදී එම ක්‍රියාකාරකම ආවරණය කරමින් සිටි ස්වයංක්‍රීය කැමරාවක සටහන්වූ අත්භූත පියාසර යානය.


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments