අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

Science Quick Bites - ලෝකයේ වයස්ගතම සුනඛයා ඔස්ට්‍රේලියාවේදී මියයයි

 
ලෝකයේ ජීවත්වූ වයස්ගතම සුනඛයා ලෙස සැලකෙන මැගී යන සුරතල් නාමයෙන් හැඳින්වුනු කෙල්පී වර්ගයේ සුනඛයා පසුගිය ඉරිදා මියගිය බව වාර්තාවෙනවා. වසර 30ක් ජීවත්වූ මැගීගේ ආයුකාලය මිනිස් වසර වලින් නම් වසර 133ක් පමණ.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිරි ගොවියෙකු වූ බ්‍රයන් මැක්ලරෙන් සතුව සිටි මැගී දින මිය යාමට දින කිහිපයක් ආසන්න වන තෙක්ම ඉතා නිරෝගීව සිටි බව මැක්ලරෙන් වික්ටෝරියාහි පුවත්පතකට පවසා තිබෙනවා.

දැනට ලොව වයස්ගතම සුනඛයා ලෙස වාර්තාව සතුකරගෙන තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ගොපලු සුනඛයෙකු () වූ බ්ලුවී නම් සුනඛයා විසින්. ඇය 1939දී මිය යනවිට අවුරුදු 29ක් වයස්ගත වූවා.

මැගීගේ වයස තහවුරු කරගත හැකි ලියකියවිලි ඇයගේ අයිතිකරු වූ බ්‍රයන් මැක්ලරන් අතින් අස්ථානගතවී ඇති නිසා ඇයට වයස්ගතම සුනඛයා වීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නට බැරි වෙනවා.  කෙසේවෙතත් බ්‍රයන් පවසන ආකාරයට, මැගී ඉපදෙන විට සිය පුතුගේ වයස අවුරුදු 4ක් බවත්, දැන් සිය පුතු 34 වියේ පසුවන නිසා මැගීගේ වයස සත්‍යයෙන්ම අවුරුදු 30ක් බවයි.


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments