අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

AMAZING ENGINEERING : පැයට කිලෝමීටර් 1600ක වේගෙන් යන කාර් එක???


Bloodhound SSC - ලෝකයේ වේගවත්ම ගොඩබිම් වාහනය ලෙස වාර්තාව දිනා ගැනීමේ උත්සහයක නිරතව සිටින බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල මේ කාර් එක මේ ලඟදී එන්ගලන්තයේ කෝන්වෝල් ගුවන් තොටුපොලේ ධාවන පථයකදී පලමු අත්හදා බැලීමේ ධාවනයක නිරතවුනා.

මේ සුපිරි කාර් එකේ රියැදුරු අසුනේ සිටියේ බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ වින්ග් කමාන්ඩර් ඇන්ඩි ග්‍රීන්. කමාන්ඩර් ඇන්ඩි ග්‍රීන් මේ වනවිටත් ලෝකයේ වේගවත්ම ගොඩබිම් වාහනය ධාවනය කල පුද්ගලයා ලෙස ගිනස් වාර්තාපොතේ සටහන් වෙනවා. ඇන්ඩි ග්‍රීන් මේ වික්‍රමය කලේ 1997දී Thrust SSC නැමති ජෙට් එන්ජින් දෙකකින් බල ගැන්වුන කාර් එක පැයට කිලෝමීටර් 1,228 වේගයෙන් ධාවනය කරමින්.


Bloodhound SSC සුපර්සොනික් කාර් එක නිර්මාණය කරන්නේත් 1997දී වාර්තා තැබූ ත්‍රස්ට් SSC කාර් එක හදපු සුපිරි ඉන්ජිනේරු කණ්ඩායම විසින්මයි. පැයට කිලෝමීටර් 1600ක්, එනම් පැයට හැතැප්ම 1000ක සුපිරි වේගය ලඟාකර ගන්න මේ කාර් එකට එන්ජින් තුනක් ලබා දීලා තියෙනවා.

1] යුරෝෆයිටර් ටයිෆූන් ප්‍රහාරක යානාවකින් ලබාගත් යුරෝජෙට් ටර්බෝෆෑන් ජෙට් එන්ජිම

2] ස්වීඩනයේ නැමෝ සමාගම නිර්මාණය කල හයිබ්‍රිඩ් රොකට් එන්ජිම

3] ජගුවර් V8 සුපර්චාර්ජ් එන්ජිම (රොකට් එන්ජිමේ ඉන්ධන පොම්පය ධාවනය කිරීම සඳහා)

යුරෝෆයිටර් ජෙට් එන්ජිම මගින් කාරය පැයට කිලෝමීටර් 500කට ආසන්න වේගයකට ගෙන එනු ලබන අතර ඉන් පසුව හයිබ්‍රිඩ් රොකට් එන්ජිම මගින් කාරය පැයට කිලෝමීටර් 1600යේ සීමාව පසුකර රැගෙන යනු ඇතැයි නිර්මාණකරුවන් විශ්වාස කරනවා.

දැනට මූලික ධාවන පරීක්ෂණ සිදු කරන අතර 2020දී දකුණු අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයකදී පැයට කිලෝමීටර් 1600යේ ගිනස් වාර්තාව පිහිටුවීමේ උත්සහයන් සිදුවනු ඇතැයි සංවිධායකයින් පවසනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments