අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

TV SERIES : ඩේවිඩ් ඇටෙන්බරෝගේ Blue Planet 2 ලඟදීම!!


බීබීසී රූපවාහිණිය නිෂ්පාදනය කොට, ලෝක පූජිත ස්වභාව විද්‍යාඥ සර් ඩේවිඩ් ඇටෙන්බරෝ ඉදිරිපත්කල විශිෂ්ඨ ගණයේ වාර්තාමය වැඩසටහනක් ලෙස ලොව පුරා ගෞරවාදරයට පාත්‍රවූ "ද බ්ලූ ප්ලැනට්" දොරට වැඩුනේ මීට අවුරුදු 17කට කලින්, එනම් 2001දී. මිනිත්තු 50ක් පුරා දිවෙන එපිසෝඩ 8කින්, ප්‍රේක්ෂකයා මින් පෙර කිසිදා නොදුටු ආකාරයේ මනස්කාන්ත දසුන් වෙත ගෙන යන්නට සම්ත්වුනා.එවක බ්ලූ ප්ලැනට් වාර්තා වැඩසටහන විචාරකයින් හැඳින්වූයේ ලොව සාගරවල ස්වභාවික ඉතිහාසය (natural history of the oceans) පිලිබඳව එතෙක් මෙතෙක් ඉදිරිපත් කොට තිබූ පරිපූර්ණ වාර්තා වැඩසටහන මෙය බවයි. බ්ලූ ප්ලැනට් රූගත කරන්නට වසර පහක් පුරා ලොව ස්ථාන 200ක සැරිසරන්නට වූ බව එහි නිෂ්පාදකයින් පවසා සිටියා. දැන් ඔබට, ඒ අපූර්ව වැඩසටහනේ යාවත්කාලීන කිරීම හෙවත් බ්ලූ ප්ලැනට් 2 ගෙන ඒමට බීබීසිය සූදානම් වනවා.

Blue Planet 2

2013 වසරේදී ආරම්භවී වසර හතරක් පුරා රූගත කිරීම් වලින් පසුව නිෂ්පාදනය වුනු බ්ලූ ප්ලැනට් 2 වාර්තා වැඩසටහනේ දොරට වැඩීමේ උලෙල පසුගියදා බ්‍රිතාන්‍යයේ පැවැත්වුනා.

90 වියැති, එහෙත් ජවසම්පන්න ඩේවිඩ් ඇටෙන්බරෝ මෙහි ඉදිරිපත් කිරීම සිදුකරනවා. අති නවීන කැමරා තාක්ෂණයන් යොදාගෙන, 4K විබේධනයෙන් නිෂ්පාදනය කොට ඇති මෙය ලොව පුරා ජනයාතුල සාගර පිලිබඳ දැනුම වර්ධනය කරනු ඇතැයි නිෂපදකයින් පවසනවා. සාගර පතුල හා එහි විශ්මයජනක ජීවීන් පිලිබඳව පෙර නොදුටු දසුන් රැගෙන එන මේ අලුත් වැඩසටහනට තමන් දායක වන්නේ ඉතා සතුටින් බවයි ඇටෙන්බරෝ පවසන්නේ.








__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments