ලංකාවේ අපි Off Road හැකියාව තියෙන 4x4 වාහන පොදුවේ ජීප් කියලා හැඳින්වුවාට ඇත්තටම Jeep කියන්නේ ඇමරිකාවේ ක්‍රයිස්ලර් මෝටර් රථ සමාගමේ 4x4 වාහන සන්නාමය. මේ වෙනකොට ඇමරිකාවේ ක්‍රයිස්ලර් සමාගම ඉතාලියේ ෆියට් සමාගමත් එක්ක ඒකාබද්ධවෙලා Fiat Chrysler Automobile (FCA) කියන නමින් පෙනීසිටිනවා.
උඩ ෆොටෝ එකේ පෙන්වන්නේ compact SUV කියන මාදිලියට අයත් JEEP Compass වාහනය. මෙම වාහනය නිපදවෙන්නේ ඉන්දියාවේ. 65%ක්ම ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොටස් යොදාගෙන පූනේ නගරයේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරන ජීප් කොම්පස් කර්මාන්තශාලාවට ඩොලර් මිලියන 250ක් ආයෝජනය කල බවයි ෆියට්-ක්‍රයිස්ලර් සමාගම පවසන්නේ. ගිය සතියේ මේ ජීප් 600ක් ජපානයට හා ඔස්ට්‍රේලියාවට අපනයනය කල බව සමාගම පවසනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment