අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

AIRCRAFT TECHNOLOGY : බෙල් හෙලිකොප්ටර් සමාගමේ Helicopter of Tomorrow


නොබෝදා අවසන්වූ  Heli-Expo ජාත්‍යන්තර හෙලිකොප්ටර් ප්‍රදර්ශණයේදී සුප්‍රකට බෙල් හෙලිකොප්ටර් සමාගම අලුත්ම මගී ප්‍රවාහණ හෙලිකොප්ටරයක් හඳුන්වාදුන්නා. FCX-001 ලෙසින් හඳුන්වන මෙය සුපිරි තාක්ෂණයන් ගෙන් අංගසම්පූර්ණ යානයක්. 

ඉලෙක්ට්‍රික්-හයිබ්‍රිඩ් එන්ජින් තාක්ෂණය හා පිටුපස එකක අවශ්‍යතාවය නැති කරන fan-driven anti-torque system තාක්ෂණය මේ හෙලිකොප්ටරයේ අලුත්ම තාක්ෂණයන් අතරට එනවා. Augmented Reality තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධි සහයක නියමුවෙකුගේ (AI Co-Pilot) සහය ලැබෙන නිසා 12 දෙනෙකුට ගමන්කල හැකි මේ විශාල යානය පියාසර කරවීම එක් නියමුවෙකුට පමණක් කල හැකි වන බව බෙල් සමාගම පවසනවා.








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments